About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Vanilla Crème Brûlée - වැනිලා ක්‍රෙම් බෘලේ

ලංකාවේ අපේ කෑම වට්ටොරු විතරක්ම නැතුව ඉවුම් පිහුම් ඇප් එකෙන් නිතරම ඔයාලට පිට-රටවල් වල එක එක කෑම ජාති…
Vanilla Crème Brûlée - වැනිලා ක්‍රෙම් බෘලේ
ලංකාවේ අපේ කෑම වට්ටොරු විතරක්ම නැතුව ඉවුම් පිහුම් ඇප් එකෙන් නිතරම ඔයාලට පිට-රටවල් වල එක එක කෑම ජාතිත් හදන විදිහ කියලා දෙනවානේ. ඉතින් දැන් ඔයාලට මේ කියලා දෙන්න යන්නේ "වැනිලා ක්‍රෙම් බෘලේ" කියලා දිව පැටලෙන නමක් තියෙන ප්‍රංශ අතුරුපසක් හදාගන්න විදිහ. ගොඩක් ප්‍රංශ කෑම වලට තියෙන්නෙ අපිට එක පාරින්ම ශබ්ද කරන්න අමාරු දිව පැටලෙන නම් තමයි. "බෘලෙ" එක ඕනෙම කෙනෙක්ට ලේසියෙන්ම හදාගන්න පුලුවන් තරමටම හදන්න ලේසියි. ඕන කරන්නෙත් අපිට ලේසියෙන්ම හොයාගන්න පුලුවන් දේවල් ටිකක්. මිල්ක් මේඩ්, බටර්, ෆ්‍රෙශ් මිල්ක්, සීනි වගේ දේවල්.

අවශ්‍ය දේවල්:
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 3/4
  • මිල්ක් මේඩ් කප් 1
  • සුදු සීනි මේස හැඳි 1
  • දුඹුරු සීනි මේස හැඳි 2
  • බටර් කප් 1/3
  • බිත්තර 5
  • වැනිලා තේ හැඳි 1 1/2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට බටර් ටික දාලා රත් වෙන්න තියන්න ඕනෙ.
  • බටර් ටික දිය වේගෙන එනකොටම ටක්ගාලා ලිපෙන් ඉවත් කරගෙන ෆ්‍රෙශ් මිල්ක් (කිරි) ටික දාලා හොදට මිශ්‍ර කරගන්න ඕනෙ. ඊට පස්සෙ ඒක පැත්තකින් තියන්න.
  • දැන් සුදු සීනි ටිකයි බිත්තරයි එකට දාලා සීනි ටික දිය වෙනකන් බීට් කරගන්න ඕනෙ. (බ්ලෙන්ඩ් කරගන්නත් පුලුවන් ඔයාලට.)
  • ඊට පස්සෙ අර අපි කලින් හදාගත්ත කිරි මිශ්‍රණයට මිල්ක්මේඩ් ටික දාගෙන හොදට කලවම් කරගෙන, ඒකටම බීට් කරගත්ත බිත්තර-සීනි මිශ්‍රණයයි, වැනිලා ටිකයි දාලා තව ටිකක් හොදට කලවම් කරගන්න.
  • දැන් මේ හදාගත්ත මිශ්‍රණය අවන් එකට දාන්න පුලුවන් කප් ටිකක් ඇරගෙන ඒ කප් වලට දා ගන්න ඕනෙ.
  • ඊට පස්සෙ උෂ්ණත්වය 160°C දාලා කලින් රත් වෙන්න තියපු අවන් එකකට වතුර දාගත්ත තැටියක් දාලා, ඒ තැටිය උඩ කලින් අපි මිශ්‍රණය පුරවා ගත්ත කප් ටික තියලා, විනාඩි 30ක් බේක් කරගන්න ඕනෙ.
  • බේක් වුනාට පස්සෙ නිවෙන්න තියලා, ඊට පස්සෙ දුඹුරු සීනි ටික උඩින් ඉහගෙන ආපහු විනාඩි 15ක් බේක් කරගන්න ඕනෙ.
  • ඊට පස්සෙ අවන් එකෙන් එලියට ඇරගෙන හොදට නිවෙන්න තියලා ෆ්‍රිජ් එකට දාලා කුල් කරලා පිළිගන්වන්න තමයි තියෙන්නෙ.

 දැන් සුදු සීනි ටිකයි බිත්තරයි එකට දාලා සීනි ටික දිය වෙනකන් බීට් කරගන්න ඕනෙ. බ්ලෙන්ඩ් කරගන්නත් පුලුවන් ඔයාලට.

 පළවෙනිපාර බේක් කරාට පස්සෙ නිවෙන්න තියලා, ඊට පස්සෙ දුඹුරු සීනි ටික උඩින් ඉහගෙන ආපහු විනාඩි 15ක් බේක් කරගන්න ඕනෙ. මේ තියෙන්නෙ ඊට පස්සෙ. සීනි ටික කලු වෙන්නත් පුලුවන් තව. පිළිගන්වන්න කලින් තව ස්ට්‍රෝබෙරි වගේ මොනවා හරි දේකින් ඔයාලට සරසා ගන්නත් පුලුවන් මේක.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment