About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Pudding - චොක්ලට් පුඩින්

මීට කලින් "ඉවුම් පිහුම්" ඇප් එකේ චොකලට් පුඩින් හදන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම කියලා දීලා ත…
Chocolate Pudding - චොක්ලට් පුඩින්
මීට කලින් "ඉවුම් පිහුම්" ඇප් එකේ චොකලට් පුඩින් හදන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම කියලා දීලා තියෙනවානේ.. ඔන්න දැන් කියලා දෙන්න යන්නේ තවත් එක ක්‍රමයකට චොකලට් පුඩින් එකක් හදන විදිහ. මේ ක්‍රමයට ගොඩක් ලේසියෙන් වගේම ඉක්මනින්ම පුඩිම හදාගන්න පුලුවන්. හැබැයි පුඩින් එක ගොඩක් සවි වෙන්නෙ නම් නෑ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • කුකින් චොකලට් 50g
  • සීනි කෝප්ප 1/2
  • කොකෝ පවුඩර් මේස හැදි 2 ක්
  • හාල් පිටි මේස හැදි 1 ක්
  • කෝන් පිටි මේස හැදි 2 ක්
  • ලුණු තේ හැදි 1/4
  • සම්පුර්ණ යොදය සහිත කිරි කෝප්ප 2 ක්
  • ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැදී 3 ක්
  • කපාගත් කජු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කුකින් චොකලට් කැබලි වලට කපා පසෙකින් තබා ගන්න.
  • පසුව සීනි, කොකෝ පවුඩර්, හාල් පිටි සහ කෝන් පිටි වෙනම භාජනයක කවලම් කරගන්න.
  • පසුව එයට කිරි එකතු කර මිශ්‍ර කරගන්න. කිරි එකතු කර මිශ්‍ර කල පසු මද ගින්නේ තබා ඝන වන තුරු මිශ්‍රණය කවලම් කර ගන්න.
  • පසුව එයට කපාගත් කුකින් චොකලට් සහ ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කර කවලම් කර ගන්න.
  • චොකලට් දිය වෙනවාත් සමගම උදුන නිවා ගන්න.
  • පසුව මිශ්‍රණය ඔබ කැමති ආකාරයේ බදුන් වලට දමාගන්න.
  • අවසානයේ කපා ගත් කජු ටිකක්, කපා ගත් චොකලට් ටිකක් උඩින් ඉහගෙන පොඩ්ඩක් සරසාගෙන පිළිගන්වන්න පුලුවන් ඔයාලට.

වැදගත්:
  • කුකින් චොකලට්, ෆ්‍රෙෂ් ක්‍රීම් වගේ දේවල් ඔයාලට සුපරි වෙලද සැල් වලින් ගන්න පුලුවන්.
හදලා බලන්නකෝ එහෙනම් වෙලාවක ඔයාලත්..















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ freshfood.lk වෙබ් අඩවියෙන්. ඔයාලට මොනවා හරි නොතේරෙන දෙයක් තිබුණොත් මේ යූටියුබ් වීඩියෝ එකත් බලන්නකෝ..(https://www.youtube.com/watch?v=zqOmuYGrK0o)
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment