About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chicken & Egg Rice - කුඩා දරුවන්ට චිකන් ඇන්ඩ් එග් රයිස්

ඔන්න දැන් කියලා දෙන්න යන්නේ කුඩා දරුවන් වෙනුවෙන්ම හදන්න පුලුවන් කිසිම ආකාරයකින් රසකාරක වර්ගවත්, සෝස…
Chicken & Egg Rice - කුඩා දරුවන්ට චිකන් ඇන්ඩ් එග් රයිස්
ඔන්න දැන් කියලා දෙන්න යන්නේ කුඩා දරුවන් වෙනුවෙන්ම හදන්න පුලුවන් කිසිම ආකාරයකින් රසකාරක වර්ගවත්, සෝස් වර්ග වත් භාවිතා කර නැති රසම රස බත් එකක් හදන විදිහ. කෑම කන්න කම්මැලි කුඩා දරුවන්ට හොඳට කන්න පුළුවන් බත් වර්ගයක් තමයි මේ චිකන් ඇන්ඩ් එග් රයිස්. කුඩා දරුවන්ගේ ආහාර වේලට අත්‍යාවශ්‍ය පෝෂක කොටස් සියල්ලම අඩංගු වුණු මේ ආහාරය විනාඩි 30 කට අඩු කාලයකින් ඔබට පිළියෙල කරගන්න පුළුවන්.

ප්‍රෝටීන් වර්ගයක් ලෙස චිකන් භාවිතා කර තිබුණත් ඔබේ කැමැත්ත අනුව චිකන් නැතිව හෝ ඒ වෙනුවට වෙනත් ප්‍රෝටීන් වර්ගයක් එක් කර පිළියෙල කරන්න පුළුවන්. ඒ වගේම බතට නැවුම් එළවළු රසක් සහ අත්‍යාවශ්‍ය විටමින් වර්ග ලබාදීම සඳහා යොදාගෙන ඇති කැරට් වෙනුවට වෙනත් එළවළු යොදාගන්නත්, එළවළු කිසිවක් නොමැතිව බත් එක පිළියෙල කරගන්නත් ඔබට නිදහස තිබෙනවා.

කාලය වැඩියෙන් ඉතිරි කරගන්න කළමනා සූදානම් කරගන්නා අතරතුර බත ඉදෙන්න තියන්න අමතක කරන්න එපා.


අවශ්‍ය දේවල්:
  • බත් කප් 1
  • චිකන් 100g (පොඩියට කොටු කපාගත්)
  • බිත්තර 1
  • කැරට් 1 (ග්‍රේට් කරගත්ත. ඒ කියන්නෙ හීනියට ගා ගත්ත.)
  • ළුුණු ගෙඩි 1/2 (පොඩියට කපාගත්)
  • සුදු ළුුණු බික් 1 (තලාගත්)
  • ඉඟුරු තේ හැඳි 1/2 (තලාගත්)
  • බටර් මේස හැන්දක්
  • ලුණු තේ හැඳි 1/2
  • ගම්මිරිස් ස්වල්පයක් (කැමති නම් පමණක්)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න.
  • එයට චිකන් දමා විනාඩි කිහිපයක් හොඳින් බැදගන්න.
  • චිකන් හොඳින් බැදුණු පසු එය සාස්පානේ පැත්තකට කරන්න.
  • සාස්පානේ අනෙක් පසට බිත්තරය එකතු කර හොඳින් ස්ක්‍රැම්බල් කරගන්න.
  • ස්ක්‍රැම්බල් වූ බිත්තරයත් සාස්පානේ පැත්තකට කරන්න.
  • දැන් සුදු ළුුණු සහ ඉඟුරු එකතු කර විනාඩියක් පමණ බැදගන්න.
  • එයට ළුුණු එකතු කර තවත් විනාඩියක් බැදගන්න.
  • කැරට්, ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් කළවම් කරමින් විනාඩි 2 ක් පමණ හොඳින් තෙම්පරාදු කරගන්න.
  • අවසානයේ බත් එකතු කර විනාඩි 2ක් පමණ හොඳින් කළවම් කරමින් බැදගන්න.
  • හොඳින් බැදුණු පසු ලිපෙන් ඉවත් කරගන්න. ලිපෙන් ඉවත් කරගත්තට පස්සෙ රයිස් එක පොඩ්ඩක් නිවුනහම ඔයාලට කෑමට ගන්න පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ මේක හදන්න ගත්ත බත්.

 මේ චිකන්.

 මේ බිත්තර.

 මේ ග්‍රේට් කරගත්ත කැරට් (හීනියට ගා ගත්ත කැරට්).

 මේ කපාගත්ත ළුුණු.

 මේ සුදු ළුුණුයි ඉඟුරුයි.

 මේ චිකන් ටික දාලා බැදගන්න ගමන්.

 මේ අන්තිමට බත් එකතු කරලා කළවම් කරමින් බැදගන්න ගමන්.

 මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අපේ බත් එක. දැන් ඉතින් පොඩ්ඩොන්ට කන්න දෙන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ බර්නඩින් සහ සජානි කියන මිතුරියන් දෙදෙනාගේ thetastylove.com වෙබ් අඩවියෙන්. එයාලගේ ලිපි අපේ ඉවුම් පිහුම් කට්ටියට බලන්න ඇප් එකේ පළකරන්න අහපුවහම කිසිම අවුලක් නැතිව මිතුරියන් දෙදෙනා හා කිව්වා. ඔවුන්ට බොහොම ස්තූතියි!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment