About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mango Pickle 2 - අඹ අච්චාරු 2

මීට කලිනුත් අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ අඹ අච්චාරු හදන විදිහ කියලා දීලා තියෙනවානේ. ඉතිං…
Mango Pickle 2 - අඹ අච්චාරු 2
මීට කලිනුත් අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ අඹ අච්චාරු හදන විදිහ කියලා දීලා තියෙනවානේ. ඉතිං දැන් මේ කියලා දෙන්න යන්නේ අඹ අච්චාරු හදන්න පුලුවන් තවත් විදිහක් ගැන. මේක ටිකක් චට්නියකට හුරු අඹ අච්චාරුවක්. බලන්නකෝ එහෙනම් හදන විදිහ..

අවශ්‍ය දේවල්:
  • ලොකු අමු අඹ ගෙඩි 1ක්
  • ග්‍රේට් කර ගත් තරමක ඉඟුරු කෑල්ලක්
  • කහ කුඩු තේ හැදි 1/4 ක් පමණ
  • ලුණු (රස අනුව)
  • මිරිස් කුඩු තේ හැදි 2ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • පෙරුම්කායම් කුඩු ස්වල්පයක් (තිබෙනවා නම් පමණක්)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (රස අනුව)
  • විනාකිරි මේස හැදි 1 - 2ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • දුඹුරු සීනි තේ හැදි 2 - 3ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • තල තෙල් මේස හැදි 2 - 3ක්
  • අබ ඇට තේ හැදි 1/2 - 1ක් පමණ
  • කබලේ බැද ගත් උළුහාල් කුඩු තේ හැදි 1/4ක් පමණ

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම අඹ ගෙඩිය හොදට හෝදලා පොතු ඇර ගෙන ග්‍රේට් කර ගන්න.
  • පස්සේ භාජනයක් සාමාන්‍ය අඩු ගින්දරේ ලිපේ තියලා තල තෙල් ටික දා ගෙන රත් වෙන්න අරින්න.
  • තෙල් රත් වුණාට පස්සේ අබ ඇට ටිකයි, පෙරුම්කායම් කුඩු ටිකයි දා ගෙන අබ පුපුරනකන් බැදෙන්න අරින්න.
  • ඊට පස්සේ ඒකටම ග්‍රේට් කරපු ඉඟුරු ටික දා ගෙන යන්නතමින් තෙම්පරාදු වෙන්න දෙන්න.
  • දැන් ඒකටම ග්‍රේට් කර ගත්ත අඹ ටිකත් එකතු කරන් අඹ ටිකක් මෘදු වෙනකන් තෙම්පරාදු කර ගන්න.
  • ඊළඟට ලිපේ ගින්දර අඩු කරලා කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි, මිරිස් කුඩුයි, රස අනුව ලුණුයි දා ගෙන කලවම් කරන් තවත් විනාඩි 8 - 10ක් විතර අඩු ගින්දරේ උයා ගන්න.
  • පස්සේ විනාකිරියි, සීනියි, උළුහාල් කුඩුයි දාලා මිශ්‍රණයෙන් තෙල් පෑදෙනකන් උයා ගෙන ලිපෙන් බාන්න.
  • අන්තිමට පිරිසිදු වීදුරු බෝතලයකට දාලා අසුර ගෙන නිවුනට පස්සේ ශීතකරණයේ ගබඩා කරන්න.

වැදගත්:
  • මෙහෙම හදා ගත්ත අඹ අච්චාරු ශීතකරණයේ ගබඩා කරලා මාසයක් විතර කල් තියා ගන්න පුළුවන්.
  • මෙහෙම අඹ අච්චාරු හදා ගන්න කොට යන්තමින් පැහී ගෙන එන අමු අඹ ගෙඩියක් අර ගන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ ග්‍රේට් කරගත්ත අඹ ටික. (හීනියට ගා ගත්ත.)

 මේ අබ පිපිරුනාට පස්සේ ග්‍රේට් කරපු ඉඟුරුයි, අඹයි දාලා තෙම්පරාදු කරන ගමන්..

 මේ කහ කුඩුයි, ගම්මිරිස් කුඩුයි, මිරිස් කුඩුයි, රස අනුව ලුණුයි දා ගෙන කලවම් කරන් අඩු ගින්දරේ උයන කොට.

 ඔන්න විනාකිරියි, සීනියි, උළුහාල් කුඩුයි දා ගෙන..

 මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අඹ අච්චාරුව අන්තිමට.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ ennillam.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment