About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Apple Bread Pudding - ඇපල් දාපු පාන් පුඩිමක් හදමු.

මීට කලින් එක එක විදිහට පාන් පුඩිමවල් හදාගන්න විදිහ ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දුන්නනේ.. ඔන්න දැන් ක…
Apple Bread Pudding - ඇපල් දාපු පාන් පුඩිමක් හදමු.
මීට කලින් එක එක විදිහට පාන් පුඩිමවල් හදාගන්න විදිහ ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දුන්නනේ.. ඔන්න දැන් කියලා දෙන්න යන්නේ ඇපල් දාපු පාන් පුඩිමක් හදාගන්නේ කොහොමද කියලා. දැන් මේ කියලා දෙන්න යන්නේ මිල්ක්මේඩ් දාලා හදන හැටි. මිල්ක්මේඩ් සහ උණු වතුර පාවිච්චි කරන්නෙ නැතුව ඒ වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් දාලත් මේ පුඩින් එක හදාගන්න පුළුවන්. බලන්නකෝ එහෙනම් හදන විදිහ..

අවශ්‍ය දේවල්:
  • කොටු කපා ගත් පාන් කප් 4
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • රතු ඇපල් ගෙඩි 3 (කුඩා කොටු කපාගත්ත රතු ඇපල් තමයි ගන්න ඕනෙ. මේ පොටෝ එකේ කොළ ඇපල් තිබ්බට ඒක ගැන වැඩිය හිතන්න එපා. ඔයාලා මෙක හදන්න ගන්න ඕනෙ රතු ඇපල්.)
  • උණු වතුර කප් 1 3/4
  • බිත්තර 3
  • වැනිලා තේ හැඳි 1
  • කුරුඳු කුඩු පින්ච් එකක්
  • වියලි මිදි කප් 1/2

සාදාගන්නා ආකාරය:
  • බිත්තර ටික හොඳින් බීට් හෝ බ්ලෙන්ඩ් කරගන්න. එය වෙනම බඳුනකට දමා ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එයට එක් කර පාන් කැබලි හොඳින් පෙඟෙන තුරු මිශ්‍ර කරගන්න.
  • බටර් තවරාගත් අඟල් 9x9 බේකින් තැටියක දමා සෙල්සියස් 180ට කලින් රත් කරගත්ත අවන් එකක විනාඩි 50ක් බේක් කරගන්න. ඔච්චරයි! වැඩේ ඉවරයි.

පිළිගන්වන්න කලින් චුට්ටක් සරසා ගන්නත් අමතක කරන්න එපා..
















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment