About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bread Pudding - අළුත් තාලෙට අලුත් විදියට පාන් පුඩිමක් හදමු.

"ඉවුම් පිහුම්" ඇප් එකේ මීට කලින් කියලා දුන්නනේ කොහොමද පරණ තාලෙට පාන් පුඩිමක් හදාගන්නේ කිය…
Bread Pudding - අළුත් තාලෙට අලුත් විදියට පාන් පුඩිමක් හදමු.
"ඉවුම් පිහුම්" ඇප් එකේ මීට කලින් කියලා දුන්නනේ කොහොමද පරණ තාලෙට පාන් පුඩිමක් හදාගන්නේ කියලා.. ඔන්න දැන් එහෙනම් හදමු අළුත් තාලෙට පාන් පුඩිමක්. දැන් අළුත් තාලෙට පාන් පුඩින් හදන්නෙ පාන් ටික බ්ලෙන්ඩ් කරල ඇරගෙන. ඒ කියන්නෙ පාන් කැබලි නැති වෙන විදියට. මේක බැලූ බැල්මට බ්‍රෙඩ් පුඩින් එකක්ද කැරමල් පුඩින් එකක්ද කියල කෙනෙක්ට හොයාගන්නත් අමාරුයි. බලන්නකෝ එහෙනම් හදන විදිහ.

අවශ්‍ය දේවල්:
  • පාන් ගෙඩියක මැද කොටස
  • ෆ්‍රෙශ් මිල්ක් 500ml
  • බිත්තර 6
  • සීනි කප් 3/4 සහ කැරමල් කරගැනීමට තව වෙනම සීනි මේස හැඳි 3ක්
  • වැනිලා තේ හැඳි 1 1/2
  • වතුර ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:
  • බිත්තර, සීනි කප් 3/4, කිරි, වැනිලා, ලුණු සහ කුඩාවට කඩාගත් පාන් බ්ලෙන්ඩර් එකට දමා පාන් කැබලි නොහිටින විදියට හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
  • සීනි මේස හැඳි 3ට වතුර ස්වල්පයක් දමා කැරමල් කරගන්න (සීනියි, වතුරයි එකට දාලා ලිපේ තියලා සීනී ටික කර කරගන්න කියලා තමයි මේ කියන්නේ). එය පුඩින් එක සාදන භාජනයේ අඩියට දමා නිවෙන්නට හරින්න.
  • එයට උඩින් බ්ලෙන්ඩ් කරගත් පුඩින් මිශ්‍රණය දමා ෆොයිල් එකකින් ආවරණය කර විනාඩි 45ක් ස්ටීම් කරගන්න (හුමාලයෙන් තම්බා ගන්න).
  • බේක් කරනවා නම් අවන් ට්‍රේ එකට වතුර ටිකක් දාල පුඩින් භාජනේ ඒකෙන් තියල සෙල්සියස් 200ට පෙර රත් කරන ලද අවන් එකක විනාඩි 45ක් හෝ පැයක් බේක් කරගන්න. ඔච්චරයි!

වැදගත්:
  • මෙහි රස වෙනස් කරගන්න ඕනෙ නම් කුරුඳු කුඩු ටිකක් එක්ක කොකෝවා පව්ඩර් මේස හැඳි 4ක් එකතු කරගෙන චොකලට් බ්‍රෙඩ් පුඩින් එකක් හදාගන්නත් පුළුවන්.

 කාටහරි පිළිගන්වනකොට පුඩින් එක චුට්ටක් සරසා ගන්නත් අමතක කරන්න එපා.. පිළිගන්වන්න වෙන්නෙ ඉතිං ඉතුරු වුනොත්නෙ නෙහ්.. හී හී.. :)















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබා ගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment