About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bread Pudding - පරණ තාලෙට පාන් පුඩිමක් හදමු.

"ඉවුම් පිහුම්" ඇප් එකේ මීට කලිනුත් එක එක විදිහට පාන් පුඩින් හදාගන්න විදිහ කියලා දීලා තියෙ…
Bread Pudding - පරණ තාලෙට පාන් පුඩිමක් හදමු.
"ඉවුම් පිහුම්" ඇප් එකේ මීට කලිනුත් එක එක විදිහට පාන් පුඩින් හදාගන්න විදිහ කියලා දීලා තියෙනවානේ. ඔන්න අද තවත් ක්‍රමේකට හදන විදිහ කියලා දෙන්නම් එහෙනෙම්. ඉතුරු වුන පාන් වලින් හදන එක එක කෑම අතුරින් පාන් පුඩින් වලට හිමි වෙන්නෙ විශේෂ තැනක්. සම්ප්‍රදායික පාන් පුඩින් පරණ පාන් වලට කල්කිරි දාල හැදුවට අලුත් තාලෙට හදන්නෙ අලුත් පාන් වලින් ෆ්‍රෙශ් මිල්ක් දාලා බ්ලෙන්ඩ් කරලා. මේක හදනකොට කැමති නම් පරණ තාලෙටම පරණ පාන් ගන්න නැත්නම් අලුත් පාන් ගෙඩියකිනුත් මේක හදන්න තහනමක් නෑ. බලන්නකෝ එහෙනම් හදන විදිහ..

අවශ්‍ය දේවල්:
  • පාන් රාත්තලක මැද කොටස
  • කල්කිරි 500ml බෝතලයක්
  • රටඉඳි 250g (ඇට ඉවත් කරගන්න)
  • බිත්තර 8
  • ලුණු චුට්ටක්
  • සීනි රස අනුව

සාදාගන්නා ආකාරය:
  • පාන් මැද කොටස පොඩියට අතින් කඩාගෙන පසෙකින් තියාගන්න.
  • බිත්තර වෙනම භාජනයකට කඩල දාගෙන කහමදය අයිනෙ තියෙන අර සුදුපාට කොටස ඉවත් කරගන්න. (පිළී ගඳ නොඑන්න පොඩි ටිප් එකක් මේක.)
  • බිත්තර වලට කිරි, සීනි සහ ලුණු එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්න. මේකට රටඉඳි ටික කුඩාවට කපල දාල කලවම් කරගන්න.
  • දැන් මේ කිරි සහ බිත්තර මිශ්‍රණය කඩාගත්තු පාන් වලට දාල පාන් ටික හොඳින් පෙඟෙනකම් කලවම් කරගන්න.
  • බටර් තවරාගත්තු බෝල් එහෙකට මේ මිශ්‍රණය දාලා ෆොයිල් එකකින් කවර් කරල ස්ටීම් කරගන්න විනාඩි 45ත් පැයත් අතර කාලයක්.
  • බේක් කරනව නම් අවන් ට්‍රේ එකට වතුර ටිකක් දාල පුඩින් භාජනේ ඒකෙන් තියල සෙල්සියස් 200ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 45ක් බේක් කරගන්න.

වැදගත්:
  • කැමති නම් රටඉඳි වෙනුවට වියලි මිදි, කජු වගේ කැමති දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ මුකුත් නොදාම හදන්නත් පුළුවන්.















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබා ගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment