About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Thai Seafood Rice - තායි සීෆුඩ් රයිස්

තායි සංස්කෘතියටම අදාළවුණු බොහොම අපූරු ප්‍රණීත රසවලින් පිරුණු ආහාරවර්ග රාශියක් තිබෙනවා. බත් වර්ග, නූ…
Thai Seafood Rice - තායි සීෆුඩ් රයිස්
තායි සංස්කෘතියටම අදාළවුණු බොහොම අපූරු ප්‍රණීත රසවලින් පිරුණු ආහාරවර්ග රාශියක් තිබෙනවා. බත් වර්ග, නූඩ්ල්ස් වර්ග සහ සුප්වර්ග වැනි එකිනෙකට වෙනස් විවිධ ආකාර වලට සාදනු ලබන ඉතා රසවත් මේ තායි ආහාර වර්ග අතුරින් ලංකාවට ගැලපෙන රසයක් තියෙන ඉතාම රසවත් තායි බත් වර්ගයක් හදන විදිහ තමයි ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ බත් වර්ගය සෑදීමට තායි ජස්මින් රයිස් කියන හාල් හොඳින්ම ගැලපුනත්, මෙය සොයාගැනීමට අපහසු නම්, බාස්මතී හෝ වෙනත් ඕනෑම ඔබ භාවිතා කරන හාල් වර්ගයකින් සාදාගැනීම වරදක් නෑ.

අවශ්‍ය දේවල්:
  • තායි ජස්මින් රයිස් කප් 4 / 200 (තම්බා සිසිල් වූ)
  • සුදුළුුනු බික් 6ක් (තලාගත්)
  • ලූනු ගෙඩියක් (පොඩියට කපාගත්)
  • බෙල් පෙපර්ස් කප් 1/2 (පොඩියට කපාගත්)
  • කැරට් අලයක් (හීනියට කපාගත්)
  • ගෝවා සහ බ්‍රොකොලි කප් 1/2 (කැමති නම් පමණක්)
  • ඉස්සන් 250 (පොතු ඉවත් කරගත්)
  • බිත්තර 2
  • සෝයි සෝස් මේස හැන්දක්
  • ෆිශ් සෝස් මේස හැඳි 2ක්
  • ඔයිස්ටර් සෝස් මේස හැඳි 2ක්
  • සීනි තේ හැන්දක්
  • බටර් හෝ මාජරීන් මේස හැඳි 2ක්

සාදාගන්නා ආකාරය: 
මුලින්ම සෝස් එක හදාගන්න ඕනෙ,
  • බෝල් එකකට සෝයි සෝස්, ෆිශ් සෝස් සහ ඔයිස්ටර් සෝස් දමන්න.
  • එයට සීනි එකතු කරන්න.
  • සීනි දිය වන තෙක් හොඳින් කළවම් කර පැත්තකින් තබන්න. ඔච්චරයි! දැන් රයිස් එක හදමු එහෙනම්.

දැන් තායි සීෆුඩ් රයිස් එක හදාගමු,
  • ලොකු සාස්පානක් ලිප තබා බටර් මේස හැන්දක් දමා දියවෙන්න හරින්න.
  • බිත්තර දෙක කඩා දමා හැන්දෙන් එහා මෙහා කරමින් ස්ක්‍රැම්බල් කරගන්න.
  • හොඳින් ස්ක්‍රැම්බල් වූ බිත්තර සාස්පානෙන් ඉවත්කර වෙනත් භාජනයකට දමන්න.
  • ඉතිරි බටර් ටික සාස්පානට දමා දියවෙන්න හරින්න.
  • එයට සුදුළුුනු එකතු කර විනාඩියක් පමණ බැදගන්න.
  • ලූනු සහ බෙල් පෙපර්ස් එකතු කර හැන්දෙන් හොඳින් එහා මෙහා කරමින් තවත් විනාඩියක් බදින්න.
  • දැන් ඉස්සන් එකතු කර මිශ්‍රණය හොඳින් එහා මෙහා කරමින් විනාඩි 2, 3ක් බැදගන්න.
  • දැන් කැරට්, ගෝවා සහ බ්‍රොකොලි එකතු කරගන්න.
  • කළවම් කර, එළවළු තැම්බෙන තෙක් විනාඩි 5ක් වසා තබන්න.
  • තැම්බුණු එලවළු මිශ්‍රණයට සාදාගත් සෝස් එකතු කර හොඳින් කළවම් කරන්න.
  • ඉන්පසු එයට බත් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • අවසානයේ ස්ක්‍රැම්බල් කරගත් බිත්තර එකතු කර ලිපෙන් බාගන්න. ඊට පස්සෙ හදාගත්ත තායි සීෆුඩ් රයිස් එක උණු උණුවේම පවුලේ අයට පිළිගන්වන්න තම්යි තියෙන්නෙ. ඒ වගේම උණු උණුවේ සාදාගත් තායි සීෆුඩ් රයිස්, චිලි පේස්ට්, පිපිඥ්ඥා පෙති, සලාද කොළ වැනි යමක් අමතරව එකතු කරගෙන තවත් රසවත් කරගන්න පුළුවන්.

වැදගත්:
  • මේ බත් වර්ගය සෑදීමට තායි ජස්මින් රයිස් කියන හාල් හොඳින්ම ගැලපුනත්, මෙය සොයාගැනීමට අපහසු නම්, බාස්මතී හෝ වෙනත් ඕනෑම ඔබ භාවිතා කරන හාල් වර්ගයකින් සාදාගැනීම වරදක් නෑ.
  • ඒ වගේම මෙහිදී මේ බත් කලින් උයාගෙන සිසිල් වී තිබිය යුතුයි. රාත්‍රී ආහාරය සඳහා පිළියෙල කරනවා නම් පහසුවෙන්ම දවල් ඉතිරිවූ බත් භාවිතා කරන්න පුළුවන්.
  • මේ රෙසිපියේදී අප විසින් ඉස්සන් පමණක් භාවිතා කර තිබුණත් ඔබට කැමති ආකාරයෙන් මෙයට දැල්ලන්, මාලු වර්ග වැනි දෑ එක් කරන්න පුළුවන්. නැතිනම් මුහුදු ආහාර සියල්ල ඉවත ලා ඔබ කැමති මස් වර්ගයක් එකතු කර වෙනස්ම රසයක් ඔබට ලබාගන්නත් පුළුවන්. ඒ වගේම ඔබ කැමති ලෙස එළවළු වර්ග එකතු කර ගැනීමේ හා අඩුකර ගැනීමේ නිදහස ඔබට තිබෙනවා.
  • බත් එකට එකතු කරන සියළු සෝස් වර්ග වල අධික වශයෙන් ලුණු අඩංගු නිසා, කිසිම ආකාරයකින් මෙයට ලුණු එකතු නොකරන්න මතක තබාගන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ තායි ජස්මින් රයිස් කියන හාල්. ඔයාලට මේ වෙනුවට බාස්මතී හරි වෙනත් ඕනෑම හාල් වර්ගයක් හරි යොදා ගන්න පුලුවන්.

 මේ සුදුළුුනු.

 මේ කපාගත්ත ලූනු.

 මේ කපාගත්ත බෙල් පෙපර්ස්.

 මේ හීනියට කපාගත්ත කැරට්.

 මේ කපාගත්ත ගෝවා.

 මේ පොතු ඉවත් කරලා සුද්ද කරගත්ත ඉස්සො.

 මේ බිත්තර.

මේ අපි හදාගත්ත සෝස් එක.

මේ අපි රයිස් එක හදාගන්න ගමන්. තාම මේකට බත් ටික එකතු කරලා නෑ.

ඉතින් ඔය ඔක්කොම දේවල් කරලා චුට්ටක් සරසා ගත්ත අපේ රසම රස තායි සීෆුඩ් රයිස් එක තමයි මේ තියෙන්නෙ. දැන් ඉතින් නිවෙන්න කලින් උණුවෙන්ම කන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ බර්නඩින් සහ සජානි කියන මිතුරියන් දෙදෙනාගේ thetastylove.com වෙබ් අඩවියෙන්. එයාලගේ ලිපි අපේ ඉවුම් පිහුම් කට්ටියට බලන්න ඇප් එකේ පළකරන්න අහපුවහම කිසිම අවුලක් නැතිව මිතුරියන් දෙදෙනා හා කිව්වා. ඔවුන්ට බොහොම ස්තූතියි!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment