About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Schezwan Sauce - ස්චෙස්වාන් සෝස්

ඉවුම් පිහුම් ඇප් එකේ සමහරු නම් "ස්චෙස්වාන් සෝස්" දාපු කෑම කාලා ඇති. මේ සෝස් එක චයිනීස් සෝ…
Schezwan Sauce - ස්චෙස්වාන් සෝස්
ඉවුම් පිහුම් ඇප් එකේ සමහරු නම් "ස්චෙස්වාන් සෝස්" දාපු කෑම කාලා ඇති. මේ සෝස් එක චයිනීස් සෝස් එකක්. ගොඩක් වෙලාවට මේ "ස්චෙස්වාන් සෝස්" එක පාවිච්චි කරන්නේ කෑම ජාති හදන කොට. මේ සෝස් එක පාවිච්චි කරලා නූඩ්ල්ස් හදාගන්න විදිහ ඉස්සරහට ඉවුම් පිහුම් ඇප් එකට දාන්නම්කෝ.. ගොඩක් අමාරු නෑ මේ සෝස් එක හදන්න. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • වියළි මිරිස් කරල 30ක් පමණ
  • තලා ගත් සුදුලූණු බික් 20ක් පමණ
  • ග්‍රේට් කර ගත් ඉඟුරු මේස හැදි 4ක් පමණ
  • තක්කාලි කෙචප් (Tomato Ketchup) මේස හැදි 3ක් පමණ (තක්කාලි සෝස් වගේමයි. ලංකාවේ සුපර් මාකට් වල ගන්න තියෙනවා.)
  • සෝයා සෝස් (Soya sauce) මේස හැදි 1
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1ක් පමණ
  • සීනි තේ හැදි 2ක් පමණ
  • තෙල් මේස හැදි 4ක් පමණ

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම වියළි මිරිස් කරල් වල නැටි කඩලා කරල් ඇතුලේ තියෙන ඔක්කොම මිරිස් ඇට අයින් කර ගෙන හොදට සෝද ගන්න ඕනේ.
  • පස්සේ භාජනයකට වතුර කප් 1ක් (250ml ක් විතර) වතුර දාලා ඒකටම වියළි මිරිස් කරල් ටිකත් දාලා විනාඩි 5ක් විතර හොදට ලිපේ තියලා රත් කරන් තම්බ ගන්න.
  • ඊට පස්සේ වතුර ටික පෙරලා මිරිස් කරල් අයින් කර ගෙන වතුර බේරෙන්න තියා ගන්න. (පෙරල අයින් කරන වතුර ටික වීසි කරන්න එපා.)
  • දැන් තම්බ ගත්ත වියළි මිරිස් කරල් ටිකත් එක්ක කලින් පෙරලා අයින් කරපු වතුර ටිකකුත් දා ගෙන කෑලි හිටින්නේ නැති වෙන්න හොදට බ්ලෙන්ඩර් කර ගෙන පේස්ට් එකක් හදා ගන්න.
  • පස්සේ පෑන් එකක් සාමාන්‍ය අඩු ගින්දරේ ලිපේ තියලා තෙල් ටික දා ගෙන රත් වෙන්න අරින්න.
  • තෙල් රත් වුණාට පස්සේ තලා ගත්ත සුදුලූණු ටිකයි, ග්‍රේට් කරපු ඉඟුරු ටිකයි දාල රන්වන් පාට වෙනකන් බැදෙන්න අරින්න.
  • ඊට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා ඒකටම කලින් බ්ලෙන්ඩර් කරලා හදා ගත්ත මිරිස් පේස්ට් එක එකතු කරන් හොදට කලවම් කරන්න.
  • දැන් තක්කලි කෙචප් ටිකයි, සෝයා සෝස් ටිකයි දා ගෙන හොදට මිශ්‍ර කරන්න.
  • ඊළඟට එකටම ලුණුයි, ගම්මිරිස් කුඩුයි, සීනියි දා ගෙන අඩු ගින්දරේ තෙල් හොදට පෑදෙනකන් සැරින් සැරින් හැදි ගාන ගමන් උයලා ලිපෙන් බාන්න.
  • අන්තිමට පිරිසිදු වීදුරු බෝතලයකට දාලා අසුර ගෙන නිවුනට පස්සේ ශීතකරණයේ ගබඩා කරන්න.

වැදගත්:

  • මේ සෝස් එක කුකුල් මස් හදන කොට, නූඩ්ල්ස් හදන කොට වගේ පාවිච්චි කරන්න පුළුවන්. (මේ සෝස් එක එකතු කරන් හදා ගන්න ආහාර වට්ටෝරු අපි ඉස්සරහට ඉවුම් පිහුම් ඇප් එකට එකතු කරන්නම්.)
  • මේ විදියට හදා ගත්ත සෝස් එක සති 1 ½ ක් විතර කල් තියා ගන්නත් පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ වියළි මිරිස් කරල් වල නැටි කඩලා කරල් ඇතුලේ තියෙන ඔක්කොම මිරිස් ඇට අයින් කරන්..

 මේ සෝද ගත්ත වියළි මිරිස් කරල් තම්බ ගන්න ගමන්..

 මේ වතුර පෙරලා මිරිස් කරල් අයින් කරන් වතුර බේරෙන්න තියා ගෙන..

 ඔන්න දැන් තම්බපු මිරිස් කරල් බ්ලෙන්ඩර් කරන්න හදන්නේ..

 මේ කෑලි හිටින්නේ නැති වෙන්න හොදට බ්ලෙන්ඩර් කරන් හදා ගත්ත මිරිස් පේස්ට් එක.

 මේ තෙල් ටිකක් රත් වෙන්න තියලා.

 මේ සුදුලූණු එකතු කරන්..

 ඔන්න ඉඟුරු ටිකත් එකතු කරන්න හදන්නේ..

 මේ ඉඟුරුයි, සුදුලූණුයි රන්වන් පාට වෙනකන් බැද ගෙන...

 මේ බ්ලෙන්ඩර් කරපු මිරිස් පේස්ට් ටික දා ගෙන කලවම් කරන්..

 ඔන්න තක්කලි කෙචප් දාන්න හදන්නේ..

 මේ සොයා සෝස් එකතු කරන්න හදන ගමන්.

 මේ හොදට මිශ්‍ර කරගත්තට පස්සෙ.

 ඔන්න දැන් ලුණුයි, ගම්මිරිස් කුඩුයි, සීනියි දාන්න යන්නෙ.

 ඔන්න තෙල් පෑදෙනකන් උයන ගමන්..

 ඔන්න ලිපෙන් බා ගෙන. දැන් උණුවෙන්ම බෝතලයකට දාලා වහ ගෙන, නිවුනට පස්සේ ෆ්‍රිජ් එකට දාන්න ඕනෙ.

 මේ තියෙන්නෙ අපි ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අපේ සෝස් එක අන්තිමට.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ sunsamayal.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment