About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Abaralla - ඇඹරැල්ලා කල් තියා ගන්න පුලුවන් ක්‍රමයක්.

ඇඹරැල්ලා කන්න හැමෝම වගේ කැමති උනත් ඕන තරම් අපේ යාලුවන්ගේ ගෙවල් වල තියෙන ගස් වල ඇඹරැල්ලා ගෙඩි ඔහේ ගහ…
Abaralla - ඇඹරැල්ලා කල් තියා ගන්න පුලුවන් ක්‍රමයක්.
ඇඹරැල්ලා කන්න හැමෝම වගේ කැමති උනත් ඕන තරම් අපේ යාලුවන්ගේ ගෙවල් වල තියෙන ගස් වල ඇඹරැල්ලා ගෙඩි ඔහේ ගහේම ඉදිලා යනවා ඇති. ඉතින් මේ කියලා දෙන්න යන්නේ එහෙම අපතේ යන ඇඹරැල්ලා ගෙඩි කල් තියාගන්න පුලුවන් විදිහට චට්නියක් වගේ හදාගන්නේ කොහොමද කියලා.. මේ විදිහටම දෙහි එහෙමත් කල් තියාගන්න පුලුවන්.

අවශ්‍ය දේවල්:
  • ඇඹරැල්ල ගෙඩි 6ක් විතර
  • වතුර
  • සීනි
  • ලුනු
  • එනසල්
  • කරාබුනැටි
  • විනාකිරි
  • දෙහි ගෙඩියක යුෂ

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ඇඹරැල්ල ගෙඩි ටික අරගෙන හොදින් හෝදල පොතු අයින් කරල පොඩි කෑලි වලට කපාගන්න ඕනෙ.
  • ඊට පස්සෙ වතුර එකක් ලිපේ තියල හොදින් උතුරන විට කපාගත්තු කෑලි ටික වතුරට එකතු කටල විනඩි 5ක් විතර තියල වතුර බේරල ගන්න.
  • දැන් මැටි වලදක් ලිපේ තියල ඒකට සීනි, ලුනු, එනසල්, කරාබුනැටි, විනාකිරි සහ දෙහි ගෙඩියක යුෂ එකතු කරල හොදින් සීනි ටික උනු වෙලා අනිත් දේවලුත් එක්ක කලවම් වෙන්න හැරලා ඒකටම ඇබරැල්ල ටික දාගන්න ඕනෙ.
  • ඊට පස්සෙ ටික වේලාවකින් මිරිස් කෑලි ටිකකුත් දාගෙන ලිපෙන් බා ගන්න.
  • බා ගත්තට පස්සෙ චුට්ටක් නිවෙන්න තියලා බෝතලයකට අසුරාගන්න.

වැදගත්:
  • නිකන් ඔහේ තියෙන බෝතලයකට එහෙම අසුරා ගන්න එපා! ටික වෙලාවක් නටන උණු වතුරේ තම්බා ගත්ත බෝතලයකට අසුරා ගන්න. අසුරා ගන්න කොට බෝතලයි, ඇඹරැල්ලා මිශ්‍රණයයි මද රස්නෙන් තියෙන්න ඕනෙ. බෝතලේ පුපුරන්න පුලුවන් රස්සෙන් මිශ්‍රණය තියෙද්දි නම් දාන්න එපා. ඊට පස්සෙ හුලන් ඇතුලට යන්නෙ නැති වෙන්න තදට බෝතලේ මූඩිය වහන්න ඕනෙ.

 මේ තියෙන්නෙ මේ විදිහට හදාගෙන අසුරා ගත්ත ඇඹරැල්ලා.

 දෙහිත් ඔයාලට මේ විදිහටම හදාගන්න පුලුවන්. මේ තියෙන්නෙ මේ විදිහට හදාගෙන අසුරා ගත්ත දෙහි.














මේ ලිපිය ලියන්නේ මට ෆේස්බුක් සමාජ ජාලයෙන් සමුවූ ප්‍රභාත් වික්‍රමසිංහ කියලා මිතුරෙක්. ප්‍රභාත් කිසිම අවුලක් නැතුව අපේ ඉවුම් පිහුම් යාලුවන්ට මොනාවා හරි දෙයක් ඉගෙන ගන්න මේ ලිපිය ඉවුම් පිහුම් ඇප් එකට දාන්න කියලා කිව්වා. බොහොම ස්තූතියි ප්‍රභාත්!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment