About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Aloe Vera Curry - කෝමාරිකා ව්‍යාංජනය

ඔන්න දැන් කියලා දෙන්න යන්නේ කෝමාරිකා වලින් ව්‍යාංජනයක් හදාගන්නේ කොහොමද කියලා.. මේක ගෑස්ට්‍රික් වලට …
Aloe Vera Curry - කෝමාරිකා ව්‍යාංජනය
ඔන්න දැන් කියලා දෙන්න යන්නේ කෝමාරිකා වලින් ව්‍යාංජනයක් හදාගන්නේ කොහොමද කියලා.. මේක ගෑස්ට්‍රික් වලට ගොඩක් ගුණ කෑමක් කියලා තමයි කියන්නේ. හැබැයි ගොඩක් අය හදන්න දන්නේ නැහැ. එහෙනම් බලන්නකෝ හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • ලොකු කෝමාරිකා පිති 2 - 3ක්
  • මිරිස් කුඩු තේ හැදි ½ - 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • තුනපහ කුඩු තේ හැදි ½ ක් පමණ
  • පෙරුම්කායම් කුඩු ස්වල්පයක් (තිබෙනවා නම් පමණක්)
  • උළුහාල් ඇට තේ හැදි ¼ ක් පමණ
  • බුරුයානි මලක් (තිබෙනවා නම් පමණක්)
  • කරඳමුංගු / එනසාල් ඇට 1 - 2ක් පමණ
  • සූදුරු ඇට ස්වල්පයක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • තක්කාලි පේස්ට් (Tomato Paste) මේස හැදි 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ප්ලේන් යෝගට් (Plain Yogurt) මේස හැදි 1
  • ලුණු (රස අනුව)
  • තෙල් ටිකක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම කෝමාරිකා පිති වල කොළ පාට පොත්ත ඇහැලා අයින් කරන් මැද තියෙන විනිවිද පේන හරිය විතරක් අර ගෙන කෑලි වලට කපා ගන්න. (පහළ තියෙන රූප වල පෙන්නලා තියෙනවා.)
  • පස්සේ භාජනයක් අරන් ඒකට කෝමාරිකා කෑලියි, ලුණු පොඩ්ඩක් එක්ක වතුර ටිකක් වැඩිපුර දා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.
  • වතුර හොදට නටන්න ගත්තට පස්සේ තවත් විනාඩි 2 - 3ක් උතුරවන් ලිපෙන් බාලා වතුර පෙරා ගෙන කෝමාරිකා කෑලි අයින් කරලා වතුර බේරෙන්න පැත්තකින් තියන්න.
  • දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටික දා ගෙන රත් වෙන්න අරින්න.
  • තෙල් රත් වුණාට පස්සේ ඒකටම කරඳමුංගු, සූදුරු ඇට, කුරුඳු පොතු, බුරුයානි මල, උළුහාල් ඇට දා ගෙන ටිකක් තෙම්පරාදු කර ගන්න.
  • ඊට පස්සේ ඒකටම මිරිස් කුඩුයි, තුනපහ කුඩුයි, පෙරුම්කායම් කුඩුයි එකතු කරලා ටිකක් බැදෙන්න අරින්න.
  • දැන් ඒකටම කෝමාරිකා කෑලියි, රස අනුව ලුණුයි දාලා හොදා කලවම් කරන් විනාඩි 2 - 3ක් තෙම්පරාදු වෙන්න දෙන්න.
  • අන්තිමටම වතුර ටිකකුයි (අඬු කෝප්ප ½ ක් වගේ), තක්කලි පේස්ට් ටිකයි, ප්ලේන් යෝගට් ටිකයි දාලා හොද්ද නටනකන් උයා ගෙන ලිපෙන් බාන්න.

වැදගත්:
  • තක්කලි පේස්ට් (Tomato Paste) නැත්තම් සියඹලා ඉස්ම (Tamarind) එකතු කර ගන්න පුළුවන්.
  • ඒ වගේම ප්ලේන් යෝගට් (Plain Yogurt) වෙනුවට මී කිරි (Curd) වුණත් පාවිච්චි කරන්න පුළුවන්.

පොටෝ ටික බලන්නකෝ..
 මේ තියෙන්නේ කෝමාරිකා පිති.

 මේ කෝමාරිකා පිති වල කොළ පාට පොත්ත ඇහැලා අයින් කරන් මැද තියෙන විනිවිද පේන හරිය විතරක් අර ගෙන කෑලි වලට කපා ගෙන..

 මේ ලුනුයි වතුරයි දා ගෙන කෝමාරිකා ටික තම්බන ගමන්..

 මේ ඊට පස්සෙ වතුර පෙරලා අයින් කර ගෙන කෝමාරිකා ටික වතුර බේරෙන්න තියන්..

 මේ රත් වුණ තෙල් වලට කරඳමුංගු, සූදුරු ඇට, කුරුඳු පොතු, බුරුයානි මල, උළුහාල් ඇට දා ගෙන ටිකක් තෙම්පරාදු කරන ගමන්..

 මේ ඒකටම මිරිස් කුඩුයි, තුනපහ කුඩුයි, පෙරුම්කායම් කුඩුයි එකතු කරන්..

 ඔන්න දැන් කෝමාරිකා ටිකත් එකතු කරන් තමයි මේ තියෙන්නෙ..

 මේ අන්තිමටම වතුර ටිකකුයි, තක්කලි පේස්ට් ටිකයි, ප්ලේන් යෝගට් ටිකයි දාලා හොද්ද නටනකන් උයන ගමන්.. ඔච්චරයි! වැඩේ ඉවරයි!














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ shobhasfoodmazaa.com වෙබ් අඩවියෙන්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment