About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cauliflower Manchuriyan - ගෝවා මල් මැන්චූරියන්

ඔන්න දැන් කියලා දෙන්න යන්නේ "ගෝවා මල් මැන්චූරියන්" එකක් හදාගන්නේ කොහොමද කියලා.. කාලා ඉවර …
Cauliflower Manchuriyan - ගෝවා මල් මැන්චූරියන්
ඔන්න දැන් කියලා දෙන්න යන්නේ "ගෝවා මල් මැන්චූරියන්" එකක් හදාගන්නේ කොහොමද කියලා.. කාලා ඉවර වුනාට පස්සෙ ඇගිලි ටිකත් සූප්පු කරන්න හිතෙන තරමට මේක රසවත්. ගෙදරට ගෝවා මල් ගෙනාපු වෙලාවක, මේක හදන්න ගන්න අනිත් බඩු ටිකත් හොයා ගන්න පුලුවන් වුනොත් ඔයාලත් අනිවාර්යෙන්ම මේ "ගෝවා මල් මැන්චූරියන්" එක හදලා බලන්න. පොඩ්ඩො, ලොකු පොඩ්ඩො හැමෝම ආසාවෙන් කයි.

අවශ්‍ය දේවල්:
  • ලොකු ගෝවා මලක්
  • චොප් කර ගත් තක්කාලි ගෙඩි 1
  • චොප් කර ගත් රට ලූණු ගෙඩි 1
  • සෝයා සෝස් (Soya sauce) තේ හැදි ½ ක් පමණ
  • චිලී සෝස් (Chili sauce) තේ හැදි 1ක් පමණ
  • තක්කාලි සෝස් (Tomato sauce) තේ හැදි 2ක් පමණ
  • කෝන් පිටි (කෝන් ෆ්ලා- Corn flour) තේ හැදි 4
  • හාල් පිටි තේ හැදි 4
  • පාන් පිටි තේ හැදි 8
  • ලුණු (රස අනුව)
  • කහ කුඩු ස්වල්පයක්
  • මිරිස් කුඩු තේ හැදි 1 - 1 ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • සීනි තේ හැදි ¼ - ½ ක් පමණ
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • තෙල්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම ගෝවා මල පොඩි කෑලි වලට කපලා ලුණු මිශ්‍ර උණු වතුරේ දාලා විනාඩි 5 - 10ක් විතර තියෙන්න අරින්න.
  • පස්සේ ගෝවා මල් ටිකෙන් වතුර පෙරලා අයින් කරන් වතුර බේරෙන්න ටික වෙලාවක් තියන්න.
  • ඊට පස්සේ කෝන් පිටියි, හාල් පිටියි, පාන් පිටියි, මිරිස් කුඩුයි, කහ කුඩුයි, ලුණු පොඩ්ඩකුයි, වතුර ටිකකුයි භාජනේකට දාලා හොදට කලවම් කරන් ටිකක් උකු පෑන්කේක් බැටර් (Pan-cake batter) එක වගේ බැටර් එකක් හදා ගන්න.
  • දැන් ගෝවා මල් ටික හදා ගත්ත බැටර් එකෙන් හොදට ආවරණය වෙන විදියට බැටර් එකේ දවටලා රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැද ගෙන තෙල් බේරෙන්න තියා ගන්න ඕනේ.
  • පස්සේ පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැන්දක් විතර දා ගෙන රත් වෙන්න දෙන්න.
  • තෙල් රත් වුණාට පස්සේ චොප් කරපු ලුණු එකතු කරන් මෘදු වෙනකන් බැදෙන්න අරින්න.
  • ලූණු මෘදු වුණාට පස්සේ තක්කලි ටිකත් එකතු කර ගෙන මිශ්‍රණය තලපයක් වගේ වෙනකන් තෙම්පරාදු කර ගන්න.
  • ඊළඟට චිලී සෝසුයි, තක්කලි සෝසුයි, සෝයා සෝසුයි කලවම් කරලා තවත් විනාඩි 5ක් විතර උයා ගන්න.
  • දැන් රස අනුව ලුණුයි, ගම්මිරිස් කුඩුයි, සීනියි එකතු කරලා තවත් විනාඩි 2 - 3ක් උයා ගන්න.
  • අන්තිමට බැදපු ගෝවා මල් ටිකත් එකතු කරලා හොදට කලවම් කරන් තවත් විනාඩියක් විතර ලිපේ තියන් බාලා රස බලන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තමයි ගෝවා මල්..

මේ ගෝවා මල කෑලි වලට කපන ගමන්..

මේ ලුණු මිශ්‍ර උණු වතුරේ ගෝවා මල් දාලා.

දැන් ඒ ටික වතුර බේරෙන්න තියා ගෙන..

 මේ තියෙන්නෙ හදා ගත්ත බැටර් එක..

 මේ ඒ බැටර් එකේ දවටලා ගොවා මල් ගැඹුරු තෙලේ බැද ගෙන තෙල් බේරෙන්න තියලා..

 මෙන්න ලූණු මෘදු වෙනකන් තෙම්පරාදු කරන ගමන්..

 ඔන්න තක්කලි ටිකත් එකතු කරලා ඒකටම..

 මේ චිලී සෝසුයි, තක්කලි සෝසුයි, සෝයා සෝසුයි කලවම් කරන්.. පස්සෙ රස අනුව ලුණුයි, ගම්මිරිස් කුඩුයි, සීනියි එකතු කරන්න ඕනේ..

 මේ අන්තිමට ඒකට ගෝවා මල් ටිකත් දා ගෙන හොදට කලවම් කරලා. වැඩේ ඉවරයි. දැන් ඉතින් වෙන භාජනයකට දාලා කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ.
















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබා ගත්තේ ennillam.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment