About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Egg Fried Rice - බිත්තර ෆ්‍රයිඩ් රයිස්

ඔන්න දැන් කියලා දෙන්න හදන්නේ බිත්තර ෆ්‍රයිඩ් රයිස් හදන්නේ කොහොමද කියලා.. බලන්නකෝ එහෙනම් හදන විදිහ. …
Egg Fried Rice - බිත්තර ෆ්‍රයිඩ් රයිස්
ඔන්න දැන් කියලා දෙන්න හදන්නේ බිත්තර ෆ්‍රයිඩ් රයිස් හදන්නේ කොහොමද කියලා.. බලන්නකෝ එහෙනම් හදන විදිහ. අද ෆ්‍රයිඩ් රයිස් හදන්න ගෙදර බඩු නැති වුනාට කමක් නෑ. කවදා හරි ඔයාලට ඕන වෙයිනෙ. ඒ හින්දා කියවලා බලන්න.

අවශ්‍ය දේවල්:
  • උයා ගත් බාස්මති හාල් කප් 1 ½ ක්
  • බිත්තර 4
  • ඔලිව් තෙල් (Olive oil) තේ හැදි 2ක් පමණ
  • බටර් මේස හැදි 1ක් පමණ
  • සෝයා සෝස් (Soya sauce) තේ හැදි ½ - 1ක් පමණ
  • තක්කාලි සෝස් (Tomato sauce) තේ හැදි 2ක් පමණ
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • ලුණු (රස අනුව)
  • චොප් කර ගත් බෝංචි කරල් 2 - 3ක්
  • චොප් කර ගත් කැරට් ටිකක්
  • චොප් කර ගත් ලූණු කොළ ටිකක්
  • චොප් කර ගත් රතු ලූණු ගෙඩි 3 - 4ක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම භාජනයක් ලිපේ තියලා තෙල් ටික දා ගෙන රත් වෙන්න අරින්න.
  • තෙල් රත් වුණාට පස්සේ ඒකටම බිත්තර 2ක් දාලා හැදි ගාන ගමන් බිත්තර තෙම්පරාදු කර ගෙන පොඩි කෑලි වලට කඩලා පැත්තකින් තියා ගන්න.
  • පස්සේ ආයෙත් කලින් භාජනේම ලිපේ තියලා බටර් ටික එකතු කර ගෙන රත් වෙන්න දෙන්න.
  • ඊට පස්සේ එකට චොප් කරපු රතු ලූණු ටික දාලා යන්තමින් තෙම්පරාදු කර ගන්න.
  • දැන් ඒකටම චොප් කරපු කැරටුයි, බෝංචියි දාලා හොදට කලවම් කරන් සාමාන්‍ය ගානකට තැම්බෙනකන් තෙම්පරාදු කරන්න.
  • ඊළඟට ඉතුරු බිත්තර 2ත් දා ගෙන බිත්තර තැම්බෙනකන් කලවම් කරන ගමන් තෙම්පරාදු කරන්න.
  • පස්සේ කලින් හදා ගෙන කෑලි කර ගත්ත බිත්තරයි, රස අනුව ලුණුයි, ගම්මිරිස් කුඩුයි එකතු කරන් මිශ්‍ර කරන්න.
  • ඊට පස්සේ සෝයා සෝස් ටිකයි, තක්කලි සෝස් ටිකයි එකතු කරන් විනාඩි 1 - 2ක් විතර තෙම්පරාදු වෙන්න දෙන්න.
  • දැන් ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා උයා ගත්ත බත් ටිකත් මේකටම කලවම් කරන තවත් විනාඩි 2 - 3ක් වගේ තෙම්පාරුදු කර ගන්න ඕනේ.
  • අන්තිමට ලිප නිවලා චොප් කරපු ලූණු කොළ ටිකත් දා ගෙන කලවම් කරලා උණුවෙන්ම රස බලන්න.

වැදගත්:
  • ලීක්ස්, ග්‍රීන් පීස් (Green peas), බැදපු කජු වගේ කැමති ජාතියක් මේකට එකතු කරන්න පුළුවන්.
  • මේ ප්‍රමාණ වලින් එක්කෙනෙක්ට සෑහෙන්න බිත්තර ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න පුළුවන්.
  • අවශ්‍ය නම් එකතු කරන බිත්තර ගාන අඩු කරන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ මුලින්ම තෙම්පරාදු කරන් කෑලි වලට කඩලා පැත්තකින් තියා ගත්ත බිත්තර ටික..

 මේ රත් වුණ බටර් වලින් චොප් කරපු රතුලූණු තෙම්පරාතු කරන ගමන්..

 ඔන්න ඒකටම කැරටුයි, බෝංචියි එකතු කරන්...

 ඔන්න ඉතුරු බිත්තර 2ත් දා ගෙන...

 මේ කලින් හදපු බිත්තර ටිකයි, රස අනුව ලුණුයි, ගම්මිරිස් කුඩුඩ්යි එකතු කරන්.. දැන් සෝයා සෝසුයි, තක්කලි සෝසුයි එකතු කර ගන්න ඕනේ...

 ඔන්න බත් ටිකත් කලවම් කරන්...

 මේ ලිප නිවලා ලූණු කොළ දා ගෙන.. දැන් මේ ටික හොදට කලවම් කරලා උණුවෙන්ම කන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ ennillam.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment