About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Wild Eggplant with Chicken Stir Fry - තිබ්බටු සමඟ කුකුල් මස් තෙම්පරාදුව

ඔන්න දැන් කියලා දෙන්න යන්නේ තිබ්බටුයි කුකුල් මසුයි එකට දාලා තෙම්පරාදුවක් හදාගන්න විදිහ. මේ තෙම්පරාද…
Wild Eggplant with Chicken Stir Fry - තිබ්බටු සමඟ කුකුල් මස් තෙම්පරාදුව
ඔන්න දැන් කියලා දෙන්න යන්නේ තිබ්බටුයි කුකුල් මසුයි එකට දාලා තෙම්පරාදුවක් හදාගන්න විදිහ. මේ තෙම්පරාදුව හදන්නේ තායි ක්‍රමයට. තිබ්බටු කන්න අදි මදි කරන අයට නම් මේ කරිය ගොඩක් හොදයි. ඒ වගේම  තිබ්බටු වගේ දෙවල් කටේ තියන්න අකමැති පොඩි අයට ලේසියෙන් තිබ්බටු කවාගන්න පුලුවන් වෙයි මෙදා පාර නම්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා...

අවශ්‍ය දේවල්:
  • වියළි මිරිස් කරල් 5 - 7ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • බැදපු තුනපහ තේ හැදි ½ - ¾ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • සේර කෑල්ලක්
  • ගම්මිරිස් ඇට තේ හැදි ¼ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ඉඟුරු කැබැල්ලක්
  • දෙහි පොතු කැබැල්ලක්
  • කොත්තමල්ලි දඬු කෑල්ලක් (තිබෙනවා නම් පමණක්)
  • ලියා ගත් රතු ලූණු ගෙඩි 4 - 5ක්
  • සුදුලූණු බික් 2 - 3ක්
  • කූනිස්සෝ තේ හැදි ½ - 1ක් පමණ
  • කපා ගත් හම ඉවත් කළ කටු රහිත කුකුල් මස් 300g
  • සීනි තේ හැදි ¼ - ½ ක් පමණ (කැමති නම් පමණක්)
  • මාළු සෝස් (Fish Sauce) මේස හැන්දි 1 - 2ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • මස් තම්බපු වතුර (චිකන් ස්ටොක්- Chicken Stock) අඬු කෝප්ප 1 ½ - 2ක් පමණ
  • තිබ්බටු 150g - 200g ක් පමණ
  • සියඹලා ඉස්ම ටිකක් (රස අනුව)
  • දෙහි කොළ කිහිපයක්
  • තෙල් මේස හැදි 2 - 3ක්
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම වියළි මිරිස් කරල් ටිකයි, බැදපු තුනපහ ටිකයි, සේර කෑල්ලයි, ගම්මිරිස් ඇට ටිකයි, ඉඟුරු කැබැල්ලයි, දෙහි පොතු කැබැල්ලයි, කොත්තමල්ලි දඬු කෑල්ලයි, රතු ලූණු ටිකයි, සුදුලූණු ටිකයි, කූනිස්සෝ ටිකයි බ්ලෙන්ඩර් එකට දාලා හොදට බ්ලෙන්ඩර් කර ගෙන පේස්ට් එකක් හදා ගන්න ඕනේ. (අවශ්‍ය නම් විතරක් වතුර ස්වල්පයක් පාවිච්චි කරන්න.)
  • පස්සේ භාජනයක් අරන් ඒකට තෙල් ටික දා ගෙන සාමාන්‍ය  ගින්දරේ ලිපේ තියා ගන්න.
  • තෙල් රත් වුණාට පස්සේ බ්ලෙන්ඩර් කර ගෙන හදා ගත්තු පේස්ට් එක එකතු කරන් විනාඩි 1 - 2ක් විතර තෙම්පරාදු කරන්න.
  • ඊට පස්සේ ඒකටම කුකුල් මස් ටිකත් එකතු කරන් කුකුල් මස් ටික සුදු පාටට තැම්බෙනකන් තෙම්පාරදු වෙන්න දෙන්න. (සැරින් සැරේ හැදි ගන්න.)
  • දැන් මාළු සෝසුයි, චිකන් ස්ටොකුයි, සීනියි, සියඹලා ඉස්මයි එකතු කරන් හොද්ද නටනකන් උයා ගන්න ඕනේ.
  • ඊළඟට ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා ඒකටම තිබ්බටු ටිකත් එක්ක රස අනුව ලුණු එකතු කර ගෙන මස් ටිකයි, තිබ්බටු ටිකයි තැම්බෙනකන් උයා ගන්න ඕන.
  • අන්තිමට දෙහි කොළ ටිකත් එකතු කරන් තවත් විනාඩි 1 - 2ක් විතර ලිපේ තියාලා රස බලන්න පුළුවන්.

වැදගත්:

  • වියළි මිරිස් කරල් වෙනුවට මිරිස් කුඩු වුණත් පාවිච්චි කරන්න පුළුවන්.
  • කූනිස්සෝ වෙනුවට ඉස්සෝ පේස්ට් (Shrimp paste) වුණත් එකතු කරන්න පුළුවන්.
  • කුකුල් මස් තම්බපු වතුර (චිකන් ස්ටොක් - Chicken Stock) නැත්තම් පොඩි චිකන් කියුබ් (Chicken Cubes) කෑල්ලක් දිය කරපු වතුර හරි නිකන්ම වතුර වුණත් එකතු කරන්න පුළුවන්.
  • කැමති නම් තක්කාලිත් එකතු කර ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ අපි බ්ලෙන්ඩර් කරලා හදා ගත්තු පේස්ට් එක..

 ඔන්න රත් වුණ තෙල් වලට හදා ගත්ත පේස්ට් එක දාලා තෙම්පරාදු කරනවා...

 මේ කුකුල් මස් ටික එකතු කරන්..

 ඔන්න කුකුල් මස් ටික සුදු පාටට තැම්බෙනකන් තෙම්පරාදු කරන්.. දැන් චිකන් ස්ටොක් ටික එකතු කරන්න ඕනේ..

 මේ තිබ්බටු ටිකත් දා ගත්තට පස්සෙ. ඊට පස්සෙ ලුණු එහෙම දාලා මස් ටිකයි, තිබ්බටු ටිකයි තැම්බෙනකන් උයා ගන්න ඕන.

මේ තියෙන්නෙ අන්තිමට හදලා ඉවර වුනහම. දැන් ඉතිං කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ..















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ tesathome.com වෙබ් අඩවියෙන්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment