About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Soya Meat Devel - සෝයා මීට් ඩෙවල්

මීට කලින් අපිට රාසවල්ලි අල වලින් කැඳ, පාන් වාටි වලින් පුඩිමක් එහෙම හදන විදිහ කියලා දුන්නු අපේ ඉමාශා…
Soya Meat Devel - සෝයා මීට් ඩෙවල්
මීට කලින් අපිට රාසවල්ලි අල වලින් කැඳ, පාන් වාටි වලින් පුඩිමක් එහෙම හදන විදිහ කියලා දුන්නු අපේ ඉමාශා මලිති මිතුරිය ඔන්න අද අපිට කියලා දෙන්න යන්නෙ සෝයා මීට් වලින් ඩෙවල් දා ගන්න විදිහ. අපේ මිතුරියත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලන මිතුරියක්. බලන්නකෝ එහෙනම් ඇයගේ වචන වලින්ම මේ සෝයා මීට් ඩෙවල් එක හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • සෝයා මීට්
  • ලොකු ලූණු
  • රම්පෙ, කරපිංචා ටිකක්
  • තලා ගත් ඉඟුරු, සුදු ළුෑනු
  • කෑලි මිරිස්
  • ගම්මිරිස්
  • තක්කාලි සෝස්
  • සෝයා සෝස්
  • ලුණු කුඩු
  • එළවළු තෙල් / පොල්තෙල්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම සෝයා ටික ලුණු ටිකක් දාලා හොඳින් තම්බගන්න.
  • ඊට පස්සේ සෝයා වල වතුර ටික හොඳට මිරිකලා සෝයා ටික බැදගන්න ඕනෙ. (මම ගත්තේ එළවළු තෙල්. පොල්තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. ගැඹුරු තෙලේ බදින්න ඕනි. ඉක්මනට බැදෙනවා.)
  • ඉන්පසු තෙල් ටිකක් වෙන බඳුනක රත් වෙන්න තියලා මුලින්ම ඉඟුරු, සුදු ළුෑනු, රම්පෙ, කරපිංචා ටිකක් දාලා බැදගන්න.
  • එය බැදෙන විට කෑලි මිරිස්, ගම්මිරිස් දාලා මදක් බැදෙන්නට තියන්න.
  • එයට කොටු කපාගත් ලොකු ලූණු (කැමති නම් මාළු මිරිස් දාගන්න) ටික දාලා සෝයා සෝස්, තක්කාලි සෝස්, රස අනුව ලුණු දමාගන්න.
  • දැන් බැදගත් සෝයා ටික දාලා හොඳින් කලවම් කරලා ලිපෙන් බාගන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ බැද ගත්ත සෝයා ටික.

මේ තියෙන්නෙ තව ගත්ත දේවල් ටිකක්. ලූණු, කරපිංචා ටිකක්, තලා ගත් ඉඟුරු, සුදු ළුෑනු තමයි මේ තියෙන්නෙ. මම තව අමු මිරිස් කරල් කීපයකුත් කපා ගත්තා.

මේ තියෙන්නෙ තෙල් ටික රත් වුනාට පස්සෙ ඉඟුරු, සුදු ළුෑනු බැදෙන්න දාගෙන. තව මේකට රම්පෙ, කරපිංචා ටිකත් දා ගන්න ඕනෙ.

 ඊට පස්සෙ කෑලි මිරිස්, ගම්මිරිස් දාලා බැදගත්තට පස්සෙ, ලොකු ලූණු, මාළු මිරිස්, සෝයා සෝස්, තක්කාලි සෝස් දා ගන්න ඕනෙ.

 මේ තියෙන්නෙ දැන් ඒකට බැදගත්ත සෝයා ටික දාලා හොඳින් කලවම් කර ගත්තට පස්සෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.














ලිපිය ලිව්වේ ඉමාශා මලිති මිතුරිය. අපේ මිතුරියට බොහොම ස්තූතියි නේද අපිට මේ වගේ රසම රස සෝයා මීට් ඩෙවල් එකක් හදාගන්න විදිහ කියලා දුන්නට? බොහොම ස්තූතියි මලිති!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment