About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Wild Eggplant & Dhal Curry - තිබ්බටු පරිප්පු ව්‍යාංජනය

ඔන්න දැන් කියලා දෙන්නේ තිබ්බටුයි පරිප්පුයි එකට දාලා ව්‍යාංජනයක් හදාගන්නේ කොහොමද කියලා. බලන්නකෝ එහෙන…
Wild Eggplant & Dhal Curry - තිබ්බටු පරිප්පු ව්‍යාංජනය
ඔන්න දැන් කියලා දෙන්නේ තිබ්බටුයි පරිප්පුයි එකට දාලා ව්‍යාංජනයක් හදාගන්නේ කොහොමද කියලා. බලන්නකෝ එහෙනම් හදන විදිහ...

අවශ්‍ය දේවල්:
  • තිබ්බටු 200g
  • පරිප්පු 100g - 150g ක් පමණ (කැමති පරිප්පු වර්ගයකින්)
  • ලියා ගත් රතු ලූණු ගෙඩි 5 - 6ක්
  • කෑලි වලට කපා ගත් තක්කාලි ගෙඩි ½ ක් පමණ
  • චොප් කර ගත් සුදුලූණු බික් 2 - 3ක්
  • කපා ගත් අමු මිරිස් කරල් 1 - 2ක්
  • කරපිංචා
  • කහ කුඩු ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (තම තමන්ගේ රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • තුනපහ තේ හැදි ½ - 1ක් පමණ (තම තමන්ගේ රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • මිරිස් කුඩු තේ හැදි ¼ - ½ ක් පමණ (තම තමන්ගේ රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • කෑලි මිරිස් තේ හැදි ½ - 1ක් පමණ (තම තමන්ගේ රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • චොප් කර ගත් කොත්තමල්ලි කොළ ටිකක් (කැමති නම් පමණක්)
  • මිටි කිරි අඬු කෝප්ප ¼ - ½ ක් පමණ
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම පරිප්පු ටික හොදට සෝදලා අරන් භාජනේකට දාලා ලුණු ටිකකුයි, කහ කුඩු ටිකයි, ගම්මිරිස් කුඩු ටිකයි, තුනපහ ටිකයි, මිරිස් කුඩු ටිකයි එක්ක වතුර අඬු කෝප්ප 2 - 3ක් දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා බාගෙට තැම්බෙනකන් විනාඩි 15 - 20ක් විතර උයා ගන්න ඕනේ.
  • පස්සේ ලිපේ ගින්දර ටිකක් අඩු කරලා ඒකටම අමු මිරිසුයි, කරපිංචයි, තිබ්බටුයි, ලූණුයි, සුදුලූණුයි, මිටි කිරියි දාලා තවත් විනාඩි 5ක් විතර සැරින් සැරේ හැදි ගාන ගමන් පියනකින් වහලා උයා ගන්න. (අවශ්‍ය නම් වතුර ටිකකුත් එකතු කරන්න.)
  • ඊට පස්සේ රස අනුව ලුණුත් දාලා කලවම් කර ගෙන ඒකටම තක්කලියි, කොත්තමල්ලි කොළයි එකතු කරලා තවත් විනාඩි 5ක් විතර තිබ්බටු හොදට තැම්බෙනකන් උයා ගන්න.
  • අන්තිමට ලිප නිවලා කෑලි මිරිස් ටික දා ගෙන හොදට කලවම් කර ගෙන උණුවෙන්ම රස බලන්න.

වැදගත්:
  • ඔයාලා කැමති ඕනෙම පරිප්පු වර්ගයක් ගන්න පුළුවන් මෙහෙම තිබ්බටු හදන්න. (මයිසූර් පරිප්පු, කඩල පරිප්පු, කප් පරිප්පු, තෝර පරිප්පු වගේ කැමති පරිප්පු වර්ගයක් අරගන්න. හැබැයි ඒ ඒ පරිප්පු වර්ග තැම්බෙන්න යන වෙලාව ටිකක් වෙනස් වේවි ඉතින්.)
  • කැමති නම් අන්තිමට ලිප නිවලා කෑලි මිරිස් එකතු කර ගන්නේ නැතුව තාච්චියකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා තෙල් රත් වුණාට පස්සේ ඒකට අබ ස්වල්පයක්, චොප් කරපු රතු ලූණු ටිකක්, චොප් කරපු සුදුලූණු ටිකක්, කෑලි මිරිස් ටිකක් එකතු කරන් රනවන් දුඹුරු පාටට තෙම්පරාදු කර ගෙන එකතු කරන්න පුළුවන්.
 පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ අපි ගත්ත පරිප්පු.

 එතකොට මේ තියෙන්නෙ අපි හැමෝම දන්න තිබ්බටු.

 මුලින්ම පරිප්පු ටික බාගෙට තැම්බෙනකන් උයා ගන්න ඕනෙ කිව්වානේ. මේ එහෙම උයා ගත්තට පස්සෙ.

 මේ අමු මිරිසුයි, කරපිංචයි, තිබ්බටුයි, ලූණුයි, සුදුලූණුයි එකතු කරන ගමන්...

ඔන්න මිටි කිරිත් දාලා උයා ගන්න ගමන්...

මේ තක්කලියි, කොත්තමල්ලි කොළයි එකතු කරලා...

ඔන්න අන්තිමට අපි කෑලි මිරිස් ටිකකුත් දාලා කලවම් කරගත්තා..

ඉතින් ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අපේ පරිප්පු ව්‍යාංජනය තමයි මේ තියෙන්නෙ. හදලා ඉවර වුනහම උණුවෙන්ම කෑම මේසෙට යවන්නත් අමතක කරන්න එපා!













මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ Rawgirlinmumbai බ්ලොග් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment