About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Stuffed Eggplant Stir Fry - වම්බටු පුරවා තෙල් දැමීම

මීට කිලින් "ඉවුම් පිහුම්" ඇප් එකේ වම්බටු පුරවලා කිරි දාලා උයා ගන්න විදිහ කියලා දුන්නනේ. ඉ…
Stuffed Eggplant Stir Fry - වම්බටු පුරවා තෙල් දැමීම
මීට කිලින් "ඉවුම් පිහුම්" ඇප් එකේ වම්බටු පුරවලා කිරි දාලා උයා ගන්න විදිහ කියලා දුන්නනේ. ඉතිං දැන් කියලා දෙන්න යන්නේ වම්බටු පුරවලා තෙල් දාලා හදාගන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • වම්බටු 400g - 500g ක් පමණ (වම්බටු ගෙඩි 8 - 10ක් පමණ)
  • ලියා ගත් සාමාන්‍ය ප්‍රමාණයේ රට ලූණු ගෙඩි 2
  • උලුප්පා ගත් පොල් කැබලි කප් ¼
  • අමු රට කජු කප් ¼
  • තල ඇට මේස හැදි 2
  • සූදුරු තේ හැදි ¼ - ½ ක් පමණ (කැමති නම් පමණක්)
  • තෙල් මේස හැදි 3 - 4ක්
  • අඹරා ගත් සුදුලූණු බික් 3 - 4ක්
  • අඹරා ගත් අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
  • කරපිංචා
  • මිරිස් කුඩු තේ හැදි 1 - 1 ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ගරම් මසාලා තේ හැදි ½ - ¾ ක් පමණ
  • සියඹලා ඉස්ම මේස හැදි 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට රට කජු ටික දාලා සාමාන්‍ය අඩු ගින්දරේ ලිපේ තියලා කබලේ බැදෙන්න අරින්න.
  • රට කජු සාමාන්‍ය ගානකට බැදීගෙන එනකොට ඒකටම සූදුරු ටිකයි, තල ඇට ටිකයි, පොල් කෑලි ටිකයි දා ගෙන කබලේ බැදලා නිවෙන්න තියන්න.
  • පස්සේ පෑන් එකට තෙල් මේස හැදි 1ක් විතර දාලා රට ලූණු එකතු කරලා තෙම්පරාදු වෙන්න දෙන්න.
  • ලූණු ටික මෘදු වෙලා යන්තමින් රන්වන් පාට වී ගෙන එනකොට ඒකටම ඉඟුරුයි, සුදුලූණුයි එකතු කරලා විනාඩියක් විතර තෙම්පරාදු කර ගන්න.
  • ඊට පස්සේ ලිප නිවා ගෙන ඒකටම මිරිස් කුඩු ටිකයි, ගරම් මසාලා කුඩු ටිකයි, රස අනුව ලුණුයි එකතු කරලා කලවම් කර ගෙන නිවෙන්න තියන්න. (ලිප නිවපු ගමන් රස්නේ පිටින්ම එකතු කර ගන්න ඕනේ.)
  • පස්සේ කබලේ බැද ගත්ත රට කජුයි, සූදුරුයි, තල ඇටයි, පොල් කෑලියි එක්ක තෙම්පරාදු කරපු ලූණු මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දාලා සියඹලා ඉස්මත් ඒකටම දාලා පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩර් කර ගන්න. (පොඩ්ඩක් කෑලි හිටින ගතියට බ්ලෙන්ඩර් කර ගත්තහම ඇති. බ්ලෙන්ඩර් කරන කොට වතුර එකතු කරන්න එපා.)
  • දැන් වම්බටු ටික අර ගෙන හොදට සෝදලා ගෙඩිය අගින් වෙන් වෙන්නේ නැති වෙන්න උඩින් හතරට පලා ගන්න ඕනේ. (වම්බටු වල නැටි අයින් කරන්න එපා, නොතේරෙනවා නම් පහළ ෆොටෝ ටික බැලුවහම තේරේවි.)
  • ඊළඟට අපි හදා ගත්ත පේස්ට් එකෙන් වම්බටු වල මැද පුරව ගන්න. (වම්බටු හතරට පැලුවට පස්සේ පේස්ට් එකෙන් පුරවනකන් වතුරේ තියන්න, නැත්තම් කහට පිපෙනවා.)
  • පස්සේ භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැදි 2 - 3ක් විතර දාලා රත් වෙන්න තියන්න. (නොන්ස්ටික් භාජනයක් නම් වැඩිය හොදයි.)
  • තෙල් රත් වුණාට පස්සේ කරපිංචා ටික දාලා යන්තමින් බැදුනට පස්සේ පුරවපු වම්බටු ටික දාලා තෙල් වල දැවටෙන විදියට කලවම් කරන්න.
  • ඊට පස්සේ බොහොම අඩු ගින්දරේ වම්බටු තැලෙන්නේ නැති විදියට සැරින් සැරේ කලවම් කරන ගමන් පියනකින් වහලා වම්බටු ටික තැම්බෙනකන් උයා ගන්න ඕනේ. (අඩිය අල්ලන්න දෙන්න එපා. අවශ්‍ය වුණොත් වතුර පොඩ්ඩක් දාන්න, හැබැයි මේස හැදි 2 - 3කට වඩා එපා.)

වැදගත්:
  • මේකට වම්බටු ගන්න කොට වැඩිය දිග නැති බෝල ගතියට හුරු වම්බටු අර ගන්න.
  • ඒ වගේම පුරවපු වම්බටු හදන කොට නොන්ස්ටික් භාජනයක් (nonstick pan) පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් හොදයි.
  • කැමති නම් චොප් කරපු කොත්තමල්ලි කොළ ටිකක් උඩින් ඉහ ගන්න පුළුවන්.
  • කැමති නම් බ්ලෙන්ඩර් කරන පේස්ට් එකට සුදු ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් එකතු කර ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ වගේ වම්බටු තමයි ඕනෙ.

 මේ රට කජු කබලේ බදින ගමන්..

 මේ කබලේ බදින රට කජු වලට සූදුරු ටිකයි, තල ඇට ටිකයි, පොල් කෑලි ටිකයි දාලා බදින ගමන්..

 මේ රට ලූණු තෙම්පරාදු කරන ගමන්...

 මේ ලූණු තෙම්පරාදුවටම අඹරපු ඉඟුරු, සුදුලූණු එකතු කරන්..

 මේ ලිප නිවලා  මිරිස් කුඩු ටිකයි, ගරම් මසාලා කුඩු ටිකයි, රස අනුව ලුණුයි එකතු කරලා..

 ඔන්න රට කජුයි, සූදුරුයි, තල ඇටයි, පොල් කෑලියි එක්ක ලූණු මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දාලා සියඹලා ඉස්මත් ඒකක පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩර් කරන්න හදන්නේ..

 ඔන්න බ්ලෙන්ඩර් කර ගත්ත පේස්ට් එක...

 මේ වම්බටු පලන විදිය..

 මේ අපි පුරව ගත්ත වම්බටු..

 මේ ඒ වම්බටු ටික උයන ගමන්...

 මේ තියෙන්නෙ ඔක්කොම වැඩ ඉවර වුනාට පස්සෙ අපි හදාගත්ත තෙල් දාපු පුරවපු වම්බටු ටික. දැන් ඉතින් කෑම මේසෙට අරින්න තමයි තියෙන්නෙ.













මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ Indianhealthyrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment