About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Ridge Gourd Egg Stir Fry - වැටකොළු බිත්තර තෙම්පරාදුව

පොඩ්ඩොන්ට වගේම ලොකු පොඩ්ඩොන්ටත් ගොඩක් වෙලාවට පෙන්නනම බැරි කෑමක් තමයිනෙ වැටකොළු කියන්නෙ. හැමදාම කියන…
Ridge Gourd Egg Stir Fry - වැටකොළු බිත්තර තෙම්පරාදුව
පොඩ්ඩොන්ට වගේම ලොකු පොඩ්ඩොන්ටත් ගොඩක් වෙලාවට පෙන්නනම බැරි කෑමක් තමයිනෙ වැටකොළු කියන්නෙ. හැමදාම කියනවා වගේ මමනම් හිතන්නේ ඕකට හේතුව තමයි ගොඩක් අය වැටකොළු කන්න පුලුවන් විදිහට උයන්න දන්නෙ නැති කම. හැමෝම වගේ කන්න කැමති "පරිප්පු" වුනත් හදන්න පුලුවන්නේ කටේ තියන්න බැරි වෙන්න නේද? ඕනම දෙයක් රසට උයන්න පුලුවන් කියලා තමයි මන්නම් කියන්නෙ. වැටකොළුත් උයන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් මේ කියලා දෙන්න යන්නේ "වැටකොළුයි බිත්තරයි එකට දාලා තෙම්පරාදුවක් හදාගන්න විදිහ". වැරදිලාවත් මෙදා පාර ගෙදරට වැටකොළු ගෙනල්ලා තිබුනොත්, බිත්තරේකුත් දාලා හදලා බලන්නකෝ එහෙනම් මේ විදිහට වැටකොළු හදපුවහම කොච්චර රසයිද කියලා..

අවශ්‍ය දේවල්:
  • කපා ගත් වැටකොළු 500g
  • ලියා ගත් රට ලූණු ගෙඩි ½ ක් පමණ
  • බිත්තර 1
  • සූදුරු ඇට තේ හැදි ¼ - ½ ක් පමණ
  • ගම්මිරිස් කුඩු තේ හැදි ¼ - ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • අබ ඇට තේ හැදි ½ - 1ක් පමණ
  • උඳු ඇට තේ හැදි 1ක් පමණ
  • ලුණු (රස අනුව)
  • පලා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
  • තෙල් මේස හැදි 1 - 2ක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම භාජනයක් අරන් ඒකට තෙල් ටික දා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.
  • තෙල් රත් වුණාට පස්සේ අබ ඇටයි, උඳු ඇටයි, සූදුරු ඇටයි දාලා විනාඩියක් විතර බැදෙන්න අරින්න.
  • පස්සේ ඒකටම රට ලූණුත් එක්ක අමු මිරිස් එකතු කරලා ලූණු මෘදු වෙනකන් තෙම්පරාදු කර ගන්න.
  • දැන් ලිපේ ගින්දර අඩු කරලා බිත්තර එකතු කරලා හොදට කලවම් කරන ගමන් උයා ගන්න ඕනේ.
  • ඊට පස්සේ ඒකටම වැටකොළු ටිකයි, රස අනුව ලුණුයි දා ගෙන විනාඩි 5ක් විතර උයා ගන්න.
  • ඊළඟට ගම්මිරිස් කුඩු එකතු කරලා වැටකොළු අවශ්‍ය ගානට තැම්බුනාට පස්සේ ලිපෙන් බාලා රස බලන්න. (වැටකොළු ගොඩාක් තැම්බෙනකන් උයා ගන්න එපා, හැපෙන ගානට තැම්බුනාම ඇති. ඒ වගේම වැටකොළු ටික ලස්සනට කොළ පාටට තියෙන්න ඕනේ.)

වැදගත්:
  • කැමති නම් කෑලි මිරිස් ටිකකුත් එකතු කර ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තෙල් ටික රත් වුණාට පස්සේ අබ ඇටයි, උඳු ඇටයි, සූදුරු ඇටයි දාලා බදින ගමන්...

 මේ රට ලූණුත් එක්ක අමු මිරිස් එකතු කරලා...

 ඔන්න බිත්තරෙත් එකතු කරන්...

 මේ බිත්තරේ දැම්මට පස්සේ...

 ඊට පස්සේ ඒකටම වැටකොළු ටිකයි, රස අනුව ලුණුයි දා ගෙන විනාඩි 5ක් විතර උයා ගන්න ඕනෙ.

 මේ වගේ වැටකොළු තැම්බෙනකන් උයා ගන්න ඕනෙ.

 මේ තියෙන්නේ අන්තිමට අපි හදා ගත්තු වැටකොළු බිත්තර තෙම්පරාදුව... දැන් ඉතින් කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ.













 මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ ennillam.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment