About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Honey Lemon Sauce - හනී ලෙමන් සෝස් හදන්නේ මෙහෙමයි

"හනී ලෙමන් සෝස්" කියන නම ඇහුන ගමන්ම ඔලුවට යන්නේ මේනම් පැණි මිශ්‍ර මොකක් හරි සෝස් එකක් වෙන…
Honey Lemon Sauce - හනී ලෙමන් සෝස් හදන්නේ මෙහෙමයි
"හනී ලෙමන් සෝස්" කියන නම ඇහුන ගමන්ම ඔලුවට යන්නේ මේනම් පැණි මිශ්‍ර මොකක් හරි සෝස් එකක් වෙන්න ඕනෙ කියලා නේද? ඔව් ඇත්තටම මේ සෝස් එක පැණි සහ ලෙමන් දාලා හදන සෝස් එකක්. මේක හදනකොට නම් අපි දාන්න යන්නෙ "මී පැණි". මේ සෝස් එක හදාගන්න බොහොම පහසුයි වගේම එය බොහොම රසවත්. බොහෝ විට භාවිතා කරන්න පුළුවන් මුහුදු ආහාර, ඒ කියන්නේ මාළු, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ සමඟ ආහාරයට ගන්න. ඒ වගේම චිකන් වගේ මස් වර්ග සමඟත් ආහාරයට ගන්න පුළුවන්. බොහෝවිට තැම්බූ, බැදගත් හෝ බේක් කරපු මේ ආහාර වර්ග සමඟ තමයි ආහාරයට ගන්නේ. ඒ වගේම මස් වර්ග, මාළු, ඉස්සෝ සහ දැල්ලෝ බැදුමකටත් කදිම සෝස් වර්ගයක්. එහෙනම් ඉතින් හදලා බලමු මොනවාද මේ හනී ලෙමන් සෝස් කියලා.

අවශ්‍ය දේවල්:
  • ලෙමන් යුෂ කප් 1/3
  • මී පැණි කප් 1/4
  • තලාගත් සුදුළුුනු බික් 2 ක්
  • ගාගත් ලෙමන් පොතු තේ හැන්දක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම සාස්පානක් ලිපේ තියලා ඒකට ලෙමන් යුෂ, මී පැණි, සුදුළුුනු දමා මඳ ගින්නේ හැඳි ගාමින් හොඳින් කළවම් කරන්න ඕනෙ මිශ්‍රණය තරමක් රත් වෙනකන්.
  • රත් වී ගෙන එනවිට ගා ගත් ලෙමන් පොතු එක් කරන්න ඕනෙ ඊට පස්සෙ.
  • මිශ්‍රණය හොඳින් රත් කර උතුරන්න පටන් ගන්නා විට ලිපෙන් ඉවත් කරගන්න ඕනෙ. මඳක් සැරට කැමති නම් උඩින් ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉසගන්නත් පුලුවන් ඔයාලට.
  • ඔච්චරයි! දැන් හනී ලෙමන් සෝස් එක සූදානම්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ ලෙමන් යුෂ.

 මේ ගා ගත්ත ලෙමන් පොතු.

 මේ මී පැණි.

 මේ තියෙන්නෙ සුදුළුුනු.

 මේ පියවරවල් වල තියෙන විදිහට හනී ලෙමන් සෝස් හදාගෙන යනකොට.

 මේ තියෙන්නෙ හදාලා ඉවර වුනාට පස්සෙ හනී ලෙමන් සෝස්.

 මේ විදිහට හදාගත්ත හනී ලෙමන් සෝස්, ඕනෑම තැම්බූ, බැදගත් හෝ බේක් කරගත් මුහුදු ආහාරයක් හෝ මස් වර්ගයක් මතට දමා උණු උණුවේම කන්න පුලුවන් ඔයාලට. හරිම රසයි. එක පාරක් මේ හනී ලෙමන් සෝස් එක්ක කාලා බලන්නකෝ..














මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ බර්නඩින් සහ සජානි කියන මිතුරියන් දෙදෙනාගේ thetastylove.com වෙබ් අඩවියෙන්. එයාලගේ ලිපි අපේ ඉවුම් පිහුම් කට්ටියට බලන්න ඇප් එකේ පළකරන්න අහපුවහම කිසිම අවුලක් නැතිව මිතුරියන් දෙදෙනා හා කිව්වා. ඔවුන්ට බොහොම ස්තූතියි! 
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment