About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pineapple Fluff - අන්නසි ෆ්ලෆ් (අන්නසි පුඩිමක්)

ඔන්න දැන් කියලා දෙන්න යන්නේ "අන්නසි ෆ්ලෆ්" එකක්, එහෙමත් නැත්නම් එක්තරා විදිහක අන්නසි පුඩි…
Pineapple Fluff - අන්නසි ෆ්ලෆ් (අන්නසි පුඩිමක්)
ඔන්න දැන් කියලා දෙන්න යන්නේ "අන්නසි ෆ්ලෆ්" එකක්, එහෙමත් නැත්නම් එක්තරා විදිහක අන්නසි පුඩිමක් හදාගන්න විදිහ. මේ අන්නසි ෆ්ලෆ් එක බොහොම සැහැල්ලු, මෘදු ගතියක් තියෙන කෑමක්. මේකට දාන බීට් කරපු සුදුමද වලින් තමයි එහෙම වෙන්නේ. ඒ නිසා අන්නසි ෆ්ලෆ් හදනකොට බිත්තර ටික හරියට බීට් කරගන්න ඕනෙ. ඒ ගැන වැඩි විස්තර මේ ලිපියේ "වැදගත්" කියන කොටසේ ඇති. ඒ වගේම මේ අන්නසි ෆ්ලෆ් හදන්න මහා ලොකු දේවල් ඕන වෙන්නෙත් නෑ. හදන්න ගන්න ඔක්කොම දේවල් ලේසියෙන්ම ඔයාලට සුපර්-මාකට් එකකින් වගේ ගන්න පුලුවන්. ඉතින් බලන්නකෝ එහෙනම් මේ අන්නසි ෆ්ලෆ් හදන්නේ කොහොමද කියලා.. හැදුවේ නැති වුනාට කමක් නෑ. ඔයාලට මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න හරි පුලුවන් වෙයිනේ...

අවශ්‍ය දේවල්:
  • නැවුම් කිරි (ෆ්‍රෙෂ් මිල්ක්- Fresh milk) 475ml
  • බිත්තර 3 ක් (කහමද සහ සුදුමද වෙන වෙනම)
  • කෝන් පිටි (කෝන් ෆ්ලා- Corn Flour) මේස හැදි 4
  • සීනි කප් 2ක් (සීනි කප් 1 බැගින් වෙන වෙනම ගන්න)
  • කැබලි වලට චොප් කර ගත් සාමාන්‍ය ප්‍රමාණයේ අන්නාසි ගෙඩි 1
  • කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
  • ජෙලටින් පවුඩර් (Gelatin Powder) මේස හැදි 1
  • වතුර කප් 1/8
  • කජු කැබලි 50g- 100g ක් පමණ
  • වැනිලා (Vanilla) තේ හැදි 1
  • කහ පාට කලරින් (Yellow Food colouring) ස්වල්පයක් (කැමති නම් පමණක්)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම බිත්තර කහමද ටික කලවම් වෙනකන් ගෑරුප්පුවකින් ගහලා ඕන වෙනකන් පැත්තකින් තියා ගන්න.
  • පස්සේ නැවුම් කිරි වලින් ටිකක් පොඩි කෝප්පයකට දාලා ඒකටම කෝන් පිටි ටික දාලා හොදට දිය කර ගන්න ඕනේ.
  • ඊට පස්සේ ඉතුරු නැවුම් කිරිත් එක්ක සීනි කප් 1ක් භාජනයකට දාලා සීනි ටික දිය වෙනකන් හොදට කලවම් කර ගෙන සාමාන්‍ය අඩු ගින්දරේ ලිපේ තියලා හොදට හැදි ගාන ගමන් නටනකන් උණු කර ගන්න ඕනේ.
  • දැන් ලිපේ ගින්දර අඩු කරලා ඒකටම කලින් දිය කරපු කෝන් පිටි ටික දා ගෙන හොදට හැදි ගාන ගමන් මිශ්‍රණය උකු වෙනකන් රත් කරලා ලිපෙන් බාන්න. (හොදට හැදි ගාන්න ඕනේ, නැත්තම් කැටි කැටි හැදෙන්න පුළුවන් වගේම අඩිය හරිය මිදෙන්න බලාවි.)
  • ලිපෙන් බාපු ගමන් විනාඩි 5ක් විතර යනකන් නොනවත්වාම හොදට හැදි ගා ගන්න.
  • පස්සේ බිත්තර කහමද ටික දාලා හොදට කලවම් කර ගන්න ඕනේ. (බිත්තර කහමද කලවම් වෙන්න කලින් කැටි ගැහෙන්න පුළුවන් නිසා හොදට නොනවත්වාම කලවම් කරන්න ඕනේ.)
  • දැන් ඒකටම වැනිලා ටිකත් එකතු කරලා හොදට කලවම් කරන් මිශ්‍රණය නිවෙන්න තියා ගන්න.
  • ඊළඟට වෙනම භාජනයක් අරන් ඒකට කෑලි වලට චොප් කරපු අන්නාසි එක්ක ඉතුරු සීනි කප් එකයි, වතුර ටිකකුයි, කුරුඳු පොතු කෑල්ලයි දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා හොදට ස්ටූ කර ගෙන ලිපෙන් බාලා පැත්තකින් තියා ගන්න. (කුරුඳු පොතු කෑල්ල අයින් කරන්න.)
  • දැන් වතුර කප් 1/8කට ජෙලටින් ටික දාලා ඩබල් බොයිල් ක්‍රමේට (Double boil) දිය කර ගෙන පැත්තකින් තියා ගන්න ඕනේ.
  • ඊට පස්සේ බිත්තර සුදුමද ටික ෂිෆ්ට් පීක්ස් (Shift peaks) ලැබෙනකන් හොදට බීට් කර ගන්න ඕනේ.
  • පස්සේ ඒකටම දිය කරපු ජෙලටින් ටික දා ගෙන කලවම් වෙනකන් ටිකක් බීට් කරන්න.
  • දැන් කලින් හදා ගෙන නිවෙන්න තියපු කිරි කහමද මිශ්‍රණයට, බීට් කරපු බිත්තර සුදුමද ජෙලටින් මිශ්‍රණය දාලා හැන්දකින් පෙරලන ගමන් මිශ්‍ර කර ගන්න ඕනේ.
  • ඊළඟට ඒකටම ස්ටූ කරපු අන්නසියි, කලරිනුයි, කජු කෑලි ටිකයි දාලා කලවම් කර ගන්න.
  • ඊට පස්සේ වෙනත් ගැළපෙන පිළිගන් වන්න සුදුසු වීදුරු බෝල් එකක් වගේ භාජනේකට මිශ්‍රණය දා ගෙන කැමති විදියකට සරසලා පැය 5 - 6ක් විතර ශීතකරණයට දාලා හයි වෙන්න තියලා රස බලන්න.

වැදගත්:
  • මිශ්‍රණය බීට් කරන කොට කලවම් කරන කොට හැම වෙලේම එකම අතකට විතරක් බීට් / කලවම් කරන්න.
  • ෂිෆ්ට් පීක්ස්- Shift Peaks එනකන් බීට් කර ගන්න කියන දේ තේරෙන්නේ නැත්තම් ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැන ගත යුතු දේවල්" කොටසේ තියෙන, "ක්‍රීම් වර්ග, බිත්තර සුදුමද වගේ දේවල් නිවරැදිව බීට් කර ගමු." කියන ලිපිය පොඩ්ඩක් කියවලා බලන්නකෝ.
  • ඩබල් බොයිල් (Double Boil) ක්‍රමය කියන්නෙ කුඩා බදුනකුයි, එම කුඩා බදුන ගිල්විය හැකි ප්‍රමාණයේ විශාල බදුනකුයි ඇරගෙන, විශාල බදුනට වතුර දමා ලිප තබා කුඩා බදුන එම විශාල බදුනේ ගිල්වා හෝ ජලය මත තබා ගෙන කුඩා බදුනෙහි මොනවා හරි රත් කර ගන්න එකට.

පොටෝ ටිකත් බලන්නකෝ...
මේ තියෙන්නේ ගෑරුප්පුවකින් කලවන් වෙනකන් ගහපු බිත්තර කහමද.

මේ නැවුම් කිරිත් එක්ක සීනි කප් 1ක් භාජනයකට දාලා සීනි ටික දිය වෙනකන් හොදට කලවම් කර ගත්තට පස්සේ නටනකන් උණු කර ගන්න ගමන්...

ඔන්න දිය කරපු කෝන් පිටි ටිකත් දා ගෙන මිශ්‍රණය උකු වෙනකන් රත් කරන ගමන්...

ඔන්න ලිපෙන් මිශ්‍රණය බාලා විනාඩි 5ක් විතර හොදට හැදි ගාලා ඒකටම බිත්තර කහමද ටිකයි වැනිලයි දාලා හොදට කලවම් කරන් නිවෙන්න තියා ගෙන.

මේ තියෙන්නෙ ස්ටූ කරපු අන්නාසි...

මේ ජෙලටින් ටික ඩබල් බොයිල් ක්‍රමේට දිය කරන ගමන්..

මේ බිත්තර සුදුමද ටික ෂිෆ්ට් පීක්ස් (Shift Peaks) ලැබෙනකන් හොදට බීට් කර ගෙන..

ඔන්න බීට් කරපු බිත්තර සුදුමද වලට දිය කරපු ජෙලටින් ටිකත් දාලා කලවම් වෙනකන් බීට් කරන ගමන්...

මේ කලින් හදා ගෙන නිවෙන්න තියපු කිරි කහමද මිශ්‍රණයට, බීට් කරපු බිත්තර සුදුමද ජෙලටින් මිශ්‍රණය දාලා ගෙන...

මේ කලින් හදා ගෙන නිවෙන්න තියපු කිරි කහමද මිශ්‍රණයයි, බීට් කරපු බිත්තර සුදුමද ජෙලටින් මිශ්‍රණයයි මිශ්‍ර කර ගෙන.

ඔන්න ඒකටම ස්ටූ කරපු අන්නාසි දා ගෙන.

ඔන්න කලරින් එක්ක කජු ටිකත් දා ගෙන කලවම් කරන ගමන්.

ඔන්න මිශ්‍රණය වෙන භාජනේකට දාලා. දැන් ඉතින් සරසලා සෙට් වෙනකන් පැය 5 - 6ක් විතර ෆ්‍රිජ් එකේ තියා ගන්න ඕනේ..

කලරින් වලින් මේ වගේ චුට්ටක් ලස්සන කරගන්නත් අමතක කරන්න එපා... රස වගේම ලස්සනත් තියෙන්න ඕනනේ..















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ Mumscookery බ්ලොග් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment