About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cashew mixed Apple Curry - කජු දැමූ ඇපල් මාළුව

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස ඇපල් ව්‍යංජනයක් හදාගන්න විදිහ. නිකන්ම නිකන් ඇපල් ව්‍යංජනයක් එහෙම…
Cashew mixed Apple Curry - කජු දැමූ ඇපල් මාළුව
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස ඇපල් ව්‍යංජනයක් හදාගන්න විදිහ. නිකන්ම නිකන් ඇපල් ව්‍යංජනයක් එහෙම නෙමේ, කජු දාපු එකක්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • කොළ පාට ඇපල් ගෙඩි 03
  • රතු ළූණු ගෙඩි 4 -5
  • සුදු ළූණු බික් 03
  • අමුමිරිස් කරල් 03
  • බැදගත් මිරිස් කුඩු තේ හැඳි 01
  • බැදගත් තුනපහ කුඩු තේ හැඳි 01
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  • එනසල් කරල් 02
  • කරාබු නැටි 03
  • කබලේ බැද ගත කජු මද ග්‍රෑම් 50
  • කබලේ බැදගත් රතු හාල් මේස හැඳි 01
  • ගොරකා
  • මිටිකිරි අඩු කෝප්ප 01
  • දියකිරි අඩු කෝප්ප 02
  • ලුණු රසට අනුව

සාදාගන්නා ආකාරය:
  • කබලේ බැද ගත සහල්, කජු, මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, ගලේ අඹරා ගුලියක් සාදා ගන්න.
  • රතු ළූණු හා අමු මිරිස් සිහින්ව කපා ගන්න.
  • එනසාල් හා කරාබු නැටි තලා ගන්න.
  • ඇපල් වල ඇට ඉවත් කර පොත්ත පිටින්ම තරමක කැබලිවලට කපා ගන්න.
  • මැටි හට්ටියක් ගෙන එයට කපා ගත ඇපල්, අඹරා ගත් පහේ ගුලිය, රතු ළූණු, කරාබු නැටි, එනසාල්, ලුණු, ගොරකා සහ දියකිරි එකතු කර හොඳින් අතගා මඳ ගින්දරේ තම්බෙන්නට හරින්න.
  • හොඳින් තැම්බී දියකිර් අඩක් පමණ අඩු වීගෙන එනවිට මිටි කිරි එකතු කර හොඳින් මිශ්‍ර කර මඳ ගින්දරේ උකු කාරියක් ලෙස නටවා ගන්න. ඔච්චරයි!
    කොළ පාට ඇපල් තමයි මේ ව්‍යංජනය හදන්න ගන්නේ.














    මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබා ගත්තේ goodhousekeeping.lk වෙබ් අඩවියෙන්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment