About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mango - අඹ බැදුමක් හදමුද?

පළතුරු වලින් හදන විවිධ බැදුම් අතරින් "අඹ බැදුම" කියන්නෙ ගොඩක් රසවත් බැදුමක්. අඹ මාළුවට වග…
Mango - අඹ බැදුමක් හදමුද?
පළතුරු වලින් හදන විවිධ බැදුම් අතරින් "අඹ බැදුම" කියන්නෙ ගොඩක් රසවත් බැදුමක්. අඹ මාළුවට වගේම අඹ බැදුමටත් සීනී චුට්ටක් එහෙම දාලා තමයි හදන්නෙ. ඒ වගේම රට කජු එහෙමත් දානවා. ඒ දේවල් කොහොම වෙතත්, අඹ මතක් වෙනකොට නම් අපේ ඉවුම් පිහුම් සමහරුන්ගේ දත් එහෙමත් හිරි වැටෙනවා ඇති ඕන්.. හා හා කට්ටියම බලමුකෝ මේ බැදුම හදන්නේ කොහොමද කියලා එහෙනම්..

අවශ්‍ය දේවල්:
  • හොඳින් පැසුණු තරමක විශාල අඹ ගෙඩි 02
  • කෑලි මිරිස් තේ හැඳි 02
  • සීනි තේ හැඳි 1/2
  • එනසාල් කිහිපයක්
  • කරාබු නැටි 02
  • කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
  • රට කජු ග්‍රෑම් 50
  • රම්පෙ කැබැල්ලක්
  • කරපිංචා කිනිත්තක්
  • ලුණු රසට අනුව
  • රතු ළූණු ග්‍රෑම් 100
  • බැදගැනීමට තෙල්

සාදාගන්නා ආකාරය:
  • අඹ පොතු හැර සිහින්ව කපා ගන්න.
  • ළූණු ද සිහින්ව කපා ගන්න.
  • දැන් අඹ කැබලි, ළූණු සහ රටකජු වෙන වෙනම ගැඹුරු තෙලේ දමා රන්වන් පාටට බැද ගන්න.
  • තෙල් ටිකක් ලිප තබා රත්වන විට එයට රම්පෙ, කරපිංචා, තලාගත් එනසාල්, තලාගත් කරාබු නැටි හා කුරුඳු දමා බැදෙන්නට හරින්න.
  • එයට කෑලි මිරිස්, ලුණු හා සීනි ද එකතු කරන්න.
  • දැන් බැදගත් අඹ, රටකජු හා ළූණු ද දමා හොඳින් මිශ්‍ර කර ගන්න. එච්චරයි! දැන් ඔයාලට කන්න පුලුවන්.

 මේ තියෙන්නෙ අපි හැමෝම දන්න අඹ. ඔයාලා අඹ ගන්නකොට හොදට පැහිච්ච ටිකක් ලොකු අඹ ගෙඩි ගන්න.















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබා ගත්තේ goodhousekeeping.lk වෙබ් අඩවියෙන්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment