About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

String Hopper Biriyani - ඉඳිආප්ප බුරියානි

හදමුද රසම රස ඉඳිආප්ප බුරියානි? මේ කියලා දෙන්න යන්නෙ හදන්නේ කොහොමද කියලා.. අවශ්‍ය දේවල්: ඉඳිආප්ප 60ක් ග…
String Hopper Biriyani - ඉඳිආප්ප බුරියානි
හදමුද රසම රස ඉඳිආප්ප බුරියානි? මේ කියලා දෙන්න යන්නෙ හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • ඉඳිආප්ප 60ක්
  • ගිතෙල් මේස හැඳි 4ක්
  • ගම්මිරිස් තේ හැඳි 1ක්
  • ළූණූ ගෙඩි 2ක්
  • ලුණු තේ හැඳි 1ක්
  • සුදුළූණූ බික් 6ක්
  • ඉඟුරු අඟලක කැබැල්ලක්
  • රම්ප අඟල් 6ක් කැබැල්ලක්
  • කරපිංචා කිනිත්තක්
  • බිත්තර 2කින් සාදා ගත් ඔම්ලට්
  • කුරුඳු කැබැල්ලක්
  • කරාබුනැටි 5ක්
  • කරදමුංගු 5ක්
  • මිරිස් කුඩු මේස හැඳි 1ක්
  • අමු තුනපහ කුඩු මේස හැඳි 1 1/2
  • ග්‍රීන් පීස් ග්‍රෑම් 100ක්
  • කැරට් ග්‍රෑම් 100ක්
  • ලීක්ස් ග්‍රෑම් 100ක්
  • කුකුල් මස් ග්‍රෑම් 500ක්
  • විනාකිරි මේස හැඳි 2ක්
  • පොල්කිරි කෝප්ප 1/2
  • කජු ග්‍රෑම් 30ක්
  • රෙසින්ස් ග්‍රෑම් 20ක්
  • පොල්තෙල්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අපි කුකුල්මස් පදම් කර ගත යුතුයි. මේ සඳහා මුලින්ම කුකුල්මස් වලට ලුණු, ගම්මිරිස් සහ විනාකිරි දමා අනා පසෙකින් තබන්න.
  • දැන් ඉඳිආප්ප  කැබලි වලට කඩා පොල්කිරි එකතුකර හොඳින් අනා ගන්න.
  • දැන් භාජනයක් ලිපේ තබා එයට තෙල් දමා එයට මස් එකතුකර රන්වන් පැහැය වන තුරු බැදගන්න. මස් රන්වන් පැහැය වූ පසු තෙල් බේරා අයින් කර ගන්න.
  • දැන් තවත් භාජනයක් ලිප තබා ගිතෙල් එකතු කර ගන්න. ගිතෙල් දියවුණු පසු එයට රෙසින්ස් ටික දමා බැදගෙන පසුව කජු ද බැදගෙන පසෙකින් තබා ගන්න.
  • දැන් එම භාජනයටම ළූණූ, සුදුළූණූ, රම්ප සහ කරපිංචා දමා ටිකක් තෙම්පරාදු කරගන්න. එයටම කුරුඳු සහ කරදමුංගුද එකතු කරගන්න. මේ ටික රන්වන් පැහැය ගැන්වූ පසු එයට කැරට්, ලීක්ස් සහ ග්‍රීන් පීස් දමා හොඳින් කලවම් කර ගන්න.
  • පසුව බැදගත් මෙයටම කුකුල් මස් සහ කැබලි වලට කඩාගත් ඔම්ලට් එකතුකර කලවම් කර ගන්න.
  • මීළඟට ඉඳිආප්ප, මිරිස් කුඩු සහ අමු තුනපහ දමා කලවම් කර අවශ්‍ය පමණට ලුණු ද දමා හොදින් කලවම් කර ගන්න.
  • අවසානයේ බැදගත් රෙසින්ස් සහ කජු වලින් චුට්ටක් ඉතුරු කරගෙන ඉතුරු ටික එයටම දමා හොදින් කලවම් කරගන්න. ඉතුරු කරගත් රෙසින්ස් සහ කජු ටික අවසානයේ බුරියානි එක පිළිගන්වන විට බුරියානි එක උඩින් ඉස පිළිගන්වන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ ගත්ත දේවල් ටිකක්

 මේ ගත්ත දේවල් තව ටිකක්..

 ලුණු, ගම්මිරිස්, විනාකිරි දාලා මස් ටික පදම් කරගන්න තමයි මේ හදන්නෙ..

 මේ මස් ටික බැදගත්තට පස්සෙ..

 මේ කැරට්, ලීක්ස්, ග්‍රීන් පීස් එහෙම දාලා තෙම්පරාදු කරන ගමන්.

 මේ ඒකට කුකුල් මසුයි, කෑලි වලට කඩා ගත්ත ඔම්ලටුයි දාලා කලවම් කරන්න හදන්නෙ..

 මේ ඉඳිආප්ප දාලා ඒකටම.

 ඊට පස්සෙ ඒකටම මිරිස් කුඩු, අමු තුනපහ සහ ලුණු දාලා කලවම් කරගන්න ඕනෙ.

 මේ අන්තිමට රෙසින්ස් සහ කජු දාලා..

 ඔය ඔක්කොම දේවල් කරලා කියලා හදාගත්ත අපේ ඉඳිආප්ප බුරියානි එක තමයි මේ තියෙන්නෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබා ගත්තේ freshfood.lk වෙබ් අඩවියෙන්. ඔයාලට මේ ඉඳිආප්ප බුරියානි එක හදනකොට ගැටළු මොනවා හරි ආවොත් මේ වීඩියෝ එකත් බලන්නකෝ.. (https://www.youtube.com/watch?v=57JwDcSkHSg)
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment