About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Star Cookies - තරු බිස්කට් (ක්‍රිස්මස් කූකීස්)

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස බිස්කට් (කුකීස්) වර්ගයක් හදාගන්න විදිහ. මේ බිස්කට් වලට "ක්‍…
Star Cookies - තරු බිස්කට් (ක්‍රිස්මස් කූකීස්)
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස බිස්කට් (කුකීස්) වර්ගයක් හදාගන්න විදිහ. මේ බිස්කට් වලට "ක්‍රිස්මස් කූකීස්" කියලත් කියනවා. හදන්න නම් හරිම ලේසියි. ඒ වගේම තමයි හදන්න ගන්න බඩු ටික හොයාගන්න නම් ඔයාලට පොඩ්ඩක් වත් අමාරු වෙන්නෙ නෑ. මේ බිස්කට් වල හැඩය ගන්නෙ අපි "කටර්" එකකින් කපලා. මේ කටර් කඩවල් වල ගන්න තියෙනවා. ඒ වගේම එක එක හැඩ වලින් කටර් තියෙනවා (තරු, හාර්ට්, රවුම් වගේ හැඩ වලින් තියෙනවා.). බලන්නකෝ එහෙනම් මේ බිස්කට් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • පිටි කෝප්ප 1 1/2 (එක හමාරක්)
  • සිහින් සීනි කෝප්ප 1/2
  • බිත්තර 01
  • වැනිලා එසන්ස් තේ හැඳි 01
  • බටර් ග්‍රෑම් 225ක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම උඩ අවශ්‍ය දේවල් යටතේ සදහන් කරලා තියෙන ඔක්කොම දේවල් ටික එකට දාලා බීටර් එකකින් වගේ හොදට ගසා ගන්න ඕනෙ. හැබැයි ඕනෙවට වඩා බීට් කරන්න යන්න එපා!! මෘදු පිටි ගුලියක් වගේ ආවනම් ඇති.
  • ඊට පස්සෙ මේ මිශ්‍රණයෙන් පොඩි බෝල 24ක් - 25ක් වගේ අපි හදාගන්න ඕනෙ.
  • ඊට පස්සෙ කරන්න තියෙන්නෙ මේ හදාගත්ත බෝල ටික තුනී කරලා තරු හැඩයේ කටර් එකෙන් කපාගන්න එක. (තේරුනේ නැත්නම් පල්ලෙහා ෆොටෝ ටික බලන්නකෝ..). ඊට පස්සෙ තියෙන්නෙ බේක් කරන්න එක.
  • මේ විදිහට හදාගත්ත මේ බිස්කට් ටික දැන් බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 100ක් උශ්නත්වයෙන් විනාඩි 2ක්- 2 1/2ක් වගේ බේක් කරගන්න ඕනෙ. හැබැයි ගොඩක් වෙලා බේක් කරාලා කර කරගන්න නම් එපා..
  • ඊට පස්සෙ ටික වෙලාවක් බිස්කට් ටික නිවෙන්න තියලා කන්න තමයි තියෙන්නෙ.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ පිටියි සීනියි.

මේ බිත්තර, වැනිලා සහ බටර්.

මේ තියෙන්නෙ අපි මේ බිස්කට් වල හැඩය ගන්න පාවිච්චි කරන කටර් එක.

මේ ඔක්කොම දේවල් එකට දාලා බීට් කරන ගමන්.

බිට් කරගත්ත මිශ්‍රණයෙන් පොඩි බෝල හදාගන්න ඕනෙ කිව්වනේ. මේ තියෙන්නෙ එහෙම හදාගත්ත එක බෝලයක් තුනී කරගෙන.

ඊට පස්සෙ ඒ තුනී කරගත්ත එකෙන් තමයි අපි කටර් එක පාවිච්චි කරලා බිස්කට් එකක් කපා ගන්නෙ. ඊට පස්සෙ ඉතින් බේක් කරන්න තමයි තියෙන්නෙ.

මේ තියෙන්නෙ බේක් කරාට පස්සෙ. කර වෙනකන් බේක් කරන්න නම් එපා!! දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ freshfood.lk වෙබ් අඩවියෙන්. ඒ වගේම ඔයාලට නෝතේරෙන මොනවා හරි තියේනම් මේ යූ-ටියුබ් වීඩියෝ එක බලන්නත් අමතක කරන්න එපා.. (https://www.youtube.com/watch?v=Nei4mR3wcgU)
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment