About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Fruit Salad - ෆෘට් සැලඩ්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ටින් කිරි, එහෙමත් නැත්නම් උකු කල කිරි දාපු ෆෘට් සැලඩ් එකක් සාදාගන්නේ කො…
Fruit Salad - ෆෘට් සැලඩ්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ටින් කිරි, එහෙමත් නැත්නම් උකු කල කිරි දාපු ෆෘට් සැලඩ් එකක් සාදාගන්නේ කොහොමද කියලා.. හරිම ලේසියි හදන්න. ඔයාලට පළතුරු ටික සුද්දකරලා කපාගන්න විතරයි ටිකක් වෙලාව යනවනම් යන්නෙ.

අවශ්‍ය දේවල්:
  • කොටු කපාගත් ගස්ලබු කෝප්ප 1ක්
  • කපාගත් අන්නාසි කෝප්ප 1ක්
  • කපාගත් කෙසෙල් කෝප්ප 1ක්
  • කපාගත් කොමඩු කෝප්ප 1ක
  • කපාගත් අඹ කෝප්ප 1ක්
  • වැනිලා තේ හැඳි 1ක්
  • ටින් කිරි මේස හැඳි 2ක් හෝ ඔබට අවශ්‍ය පමණට (මිල්ක්මේඩ් වගේ වර්ගයක් ගන්න පුලුවන් ඔයාලට)

සාදාගන්නා ආකාරය:
  • හරිම ලේසියි හදන්න. මුලින්ම කරන්න තියෙන්න කපාගත්ත පළතුරු ටික භාජනයකට දාලා එකට මිශ්‍ර කරගන්න එක.
  • ඊට පස්සෙ වැනිලා ටික දාගන්න ඕනෙ.
  • වැනිලා දාලා ඉවර වුනාට පස්සෙ ටින් කිරි ටිකත් දාලා හොදට මිශ්‍ර කරගන්න ඕනෙ. හැබැයි පළතුරු පොඩි වෙන්න නම් මිශ්‍ර කරන්න එපා!
  • දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ. ඔයාලට තව කනකොට උඩින් අයිස්ක්‍රීම් වගේ මොනවා හරිත් ඕනෙනම් දාගන්න පුලුවන්. හැබැයි අවශ්‍යම නෑ. ටින් කිරි දාපු හින්දා ගොඩක් රසයි.

පොටෝ ටිකත් බලන්න..
 මේ තියෙන්නෙ කපාගත්ත පළතුරු.

 මේ වැනිලයි, ටින් කිරියි (මේ තියෙන්නෙ මිල්ක්මේඩ් එකක්)

 මුලින්ම පළතුරු ටික කලවම් කරගන්න ඕනෙ කියලා කිව්වනේ.. මේ ඊට පස්සෙ ඒකට වැනිලා දාන කොට.

 මේ ටින් කිරි (මිල්ක්මේඩ්) දැම්මට පස්සෙ. දැන් තියෙන්නෙ හොදට කලවම් කරන්න.

 මේ තියෙන්නෙ හදාගෙන් ඉවර වුනහම. දැන් තියෙන්නෙ කන්න තමයි.
















මේ ලිපිය උපුටා ගැනීමක්. මුල් ලිපිය ලබාගත්තේ freshfood.lk වෙබ් අඩවියෙන්. ඔයාලට මොනවා හරි තව තේරෙන්නේ නැති දෙයක් තියේනම් මේ වීඩියෝ එකත් බලන්නකෝ... (https://www.youtube.com/watch?v=GexaPyaetfY)
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Newer Posts
    Older Posts
    Comment