About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kidney Beans Spicy Curry - බෝංචි ඇට ව්‍යාංජනය මිරිසට

ඔයාලා දැකලා තියෙනවා නේද අර ලොකු රතු පාට බෝංචි ඇට? මේවට ඉංග්‍රීසියෙන් කියන්නෙ Kidney Beans කියලා. ගො…
Kidney Beans Spicy Curry - බෝංචි ඇට ව්‍යාංජනය මිරිසට
ඔයාලා දැකලා තියෙනවා නේද අර ලොකු රතු පාට බෝංචි ඇට? මේවට ඉංග්‍රීසියෙන් කියන්නෙ Kidney Beans කියලා. ගොඩක් වෙලාවට ඔයාලට රට ගිහිල්ලා ආපි කෙනෙක්ගෙන් මේ ඇට තියෙන පොඩි කෑන් (ටින්) එහෙම හම්බෙලා තියෙන්න පුලුවන්. ඒ නැතත් සුපර් මාකට් වල මේ බෝංචි ඇට ගන්න තියෙනවා. ඉතින් දැන් මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ මේ ලොකු බෝංචි ඇට උයන්නේ කොහොමද කියලා. මිරිසට තමයි අපි දැන් මේ බෝංචි ඇට උයන්න යන්නෙ. බලන්නකෝ එහෙනම් උයන විදිහ..

අවශ්‍ය දේවල්:
  • බෝංචි ඇට 500g
  • ලියා ගත් සාමාන්‍ය ප්‍රමාණයේ රටලූණු ගෙඩි 2
  • පලා ගත් අමු මිරිස් කරල් 2 - 3ක්
  • පොඩියට චොප් කර ගත් අඟලක පමණ ඉඟුරු කෑල්ලක්
  • චොප් කර ගත් සුදුලූණු බික් 2 - 3ක්
  • කොටුවට කපා ගත් තක්කාලි ගෙඩි 2ක්
  • මිරිස් කුඩු තේ හැදි 2ක් පමණ
  • කොත්තමල්ලි කුඩු තේ හැදි 2ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • කහ කුඩු තේ හැදි ¼ ක් පමණ
  • ගරම් මසාලා කුඩු තේ හැදි 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • තෙල් මේස හැදි 2ක් පමණ
  • ලුණු (රස අනුව)
  • තලා ගත් කරඳමුංගු / එනසාල් ඇට 2 - 3ක්
  • ගම්මිරිස් ඇට 6 - 7ක්
  • කරාබු නැටි 1 - 2ක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • වතුර (අවශ්‍ය පරිදි)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම බෝංචි ඇට ටික හොදට සෝදලා පැය 6 - 7ක් පෙඟෙන්න දාලා වතුර පෙරලා අයින් කර ගන්න.
  • පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටික දාලා රත් වෙන්න දෙන්න.
  • තෙල් රත් වුණාට පස්සේ තලා ගත්ත කරඳමුංගු / එනසාල් ඇට, ගම්මිරිස් ඇට, කරාබු නැටි, කුරුඳු පොතු කැබැල්ල එහෙම දා ගෙන ටිකක් තෙලේ බැදෙන්න අරින්න.
  • දැන් ලිපේ ගින්දර අඩු කරලා ඒකටම රටලූණු ටිකයි, අමු මිරිස් ටිකයි, ඉඟුරු ටිකයි, සුදුලූණු ටිකයි, රස අනුව ලුණුයි දා ගෙන යන්තමින් ලූණු ටික දුඹුරු පාට වෙනකන් තෙම්පරාදු කර ගන්න.
  • ඊට පස්සේ මිරිස් කුඩුයි, කොත්තමල්ලි කුඩුයි, කහ කුඩුයි, ගරම් මසාලා කුඩුයි මිශ්‍ර කරන් ඒවගේ අමු සුවඳ අයින් වෙනකන් බැද ගන්න.
  • දැන් තක්කලි එක්ක වතුර ටිකක් (අඬු කෝප්ප ¼ ක් පමණ) එකතු කරන් මිශ්‍රණයෙන් තෙල් ගතියට පෑදෙනකන් තෙම්පරාදු කර ගන්න ඕනේ.
  • ඊළඟට බෝංචි ඇට ටිකත් ඒකටම එකතු කරන් බෝංචි තැම්බෙන්න ඕන කරන ගානට ටිකක් වැඩියෙන් වතුර දාලා තැම්බෙන්න අරින්න. (ලිපේ ගින්දර ටිකක් වැඩි කරන්න.)
  • අන්තිමට ආයෙත් ලුණු එහෙම බලලා බෝංචි හොදට තැම්බිලා උකු හොද්දක් ලැබෙනකන් උයා ගෙන ලිපෙන් බාලා උණුවෙන්ම රස බලන්න.
 වැදගත්:
  • ගරම් මසාලා කුඩුයි ගෙදරදීම හදාගන්න විදිහ මීට කලින් ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දුන්නා මතකද? ඇප් එකේ "අපි දැනගතයුතු දේවල්" කියන කොටසේ "ගරම් මසාලා පව්ඩර්" කියලා ලිපියක් තියෙනවා. අන්න ඒක බලන්නකෝ. ගරම් මසාලා කුඩු ඔයාලට කඩෙන් ගන්නත් පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නේ අපි දැන් මේ කතා කරන ලොකු රතු පාට බෝංචි ඇට...

මෙන්න මේ වගේ බෝංචි ඇට ටික පොඟව ගන්න ඕනේ පැය 6-7ක්..

මේ ව්‍යාංජනය හදන ගමන්...

ඉතින් ඔය විදිහට හදාගත්ත අපේ බෝංචි ඇට ව්‍යාංජනය තමයි මේ තියෙන්නෙ.















මේ ලිපිය සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ nisahomey.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment