About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Prawns Pickle - ඉස්සෝ අච්චාරු

හදමුද රසම රස ඉස්සො අච්චාරුවක්? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඉස්සො අච්චාරුවක් හදන විදිහ තමයි. බලන්නකෝ…
Prawns Pickle - ඉස්සෝ අච්චාරු
හදමුද රසම රස ඉස්සො අච්චාරුවක්? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඉස්සො අච්චාරුවක් හදන විදිහ තමයි. බලන්නකෝ එහෙනම් හදන විදිහ...

අවශ්‍ය දේවල්:
  • ඉස්සෝ 1kg
  • චොප් කර ගත් සුදුලූණු බික් 20 - 25ක් පමණ
  • චොප් කර ගත් ලොකු ඉඟුරු කෑල්ලක්
  • කපා ගත් අමු මිරිස් කරල් 5 - 6ක්
  • කහ කුඩු
  • මිරිස් කුඩු මේස හැදි 4ක් පමණ
  • වතුර කප් 1 (උණු කර නිවා ගත්)
  • විනාකිරි කප් 1
  • ලුණු (රස අනුව)
  • තල තෙල් මේස හැදි 4 - 5ක්
  • අබ ඇට මේස හැදි ½ - 1ක් පමණ
  • වියළි උළුහාල් තේ හැදි 1ක් පමණ (කබලේ නොබැද)
  • කරපිංචා

සාදා ගන්නා ආකාරය:

  • මුලින්ම ඉස්සෝ ටික පොතු ඇරලා සුද්ද කර ගෙන කහ කුඩු ටිකකුයි,  මිරිස් කුඩු මේස හැදි 1කුයි, විනාකිරි මේස හැදි 2කුයි, ලුණු ටිකකුයි දා ගෙන විනාඩි 30ක් විතර ලුණු ඇඹුල් අල්ලන්න තියා ගන්න ඕනේ.
  • පස්සේ තාච්චියක් ලිපේ තියලා තල තෙල් ටික දා ගෙන තෙල් රත් වෙන්න දෙන්න.
  • තෙල් රත් වුණාට පස්සේ ඉස්සෝ ටික සාමාන්‍ය ගින්දරේ විනාඩි 5 - 7ක් විතර රන්වන් දුඹුරු පාට වෙනකන් බැද ගෙන තෙල් බේරෙන්න තියන්න.
  • ඊට පස්සේ ඒ තාච්චියටම සුදුලූණු ටික දා ගෙන විනාඩි 3ක් විතර බැදෙන්න අරින්න.
  • පස්සේ ඒකටම ඉඟුරුයි, අමු මිරිසුයි, කරපිංචයි එකතු කරලා රන්වන් පාට වෙනකන් බැද ගන්න.
  • ඊළඟට කහ කුඩු පොඩ්ඩකුයි, ඉතුරු මිරිස් කුඩු ටිකයි, රස අනුව ලුණුයි දාලා හොදට කලවම් කර ගන්න.
  • පස්සේ වතුර ටිකත් එකතු කරලා මිශ්‍රණය නටනකන් රත් කරන්න.
  • දැන් විනාකිරියි, කලින් බැදපු ඉස්සෝ ටිකයි දා ගෙන මිශ්‍රණය උකු වෙනකන් උයා ගෙන ලිපෙන් බාන්න.
  • අන්තිමට උළුහාල් ටිකයි, අබ ඇටයි වෙන වෙනම කබලේ බැද ගෙන බ්ලෙන්ඩර් කරලා කුඩු කර ගෙන ඉස්සෝ මිශ්‍රණයටම දාලා හොදට කලවම් කරන් පිරිසිදු වීදුරු බෝතලයකට දාලා අසුරලා දවස් 2ක් විතර තියෙන්න ඇරලා කෑමට ගන්න. (මේ මුල් දවස් 2 ශීතකරණයේ නැතුව සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියා ගන්න ඕනේ.)

වැදගත්:
  • මෙහෙම හදා ගත්ත ඉස්සෝ අච්චාරු සතියක් විතර ශීතකරණයේ දලා තියා ගන්න පුළුවන්.
  • මේක හදන කොට නටනකන් උතුරලා නිවා ගත්ත පිරිසිදු වතුර විතරක් දා ගෙන හදන්න.
  • ඒ වගේම හැමවෙලේම අලුත්, පිරිසුදු, වියළි හැන්දක් මේ අච්චාරුව කෑමට ගන්න කොට පාවිච්චි කරන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ පොතු ඇරලා සුද්ද කර ගත්තු ඉස්සෝ ටිකට කහ කුඩු ටිකකුයි, මිරිස් කුඩු මේස හැදි 1කුයි, විනාකිරි මේස හැදි 2කුයි, ලුණු ටිකකුයි දා ගෙන විනාඩි 30ක් විතර ලුණු ඇඹුල් අල්ලන්න තියා ගෙන..

 මේ ඊට පස්සෙ ඉස්සෝ ටික බදින ගමන්...

 මේ ගානට ඉස්සෝ බැද ගෙන තෙල් බේරෙන්න තියා ගන්න ඕනේ...

 මේ සුදුලූණුයි, ඉඟුරුයි, අමු මිරිසුයි, කරපිංචයි එකතු කරලා රන්වන් පාට වෙනකන් බැද ගන්න ගමන්..

 මේ ඒකටම කහ කුඩු පොඩ්ඩකුයි, ඉතුරු මිරිස් කුඩු ටිකයි, රස අනුව ලුණුයි දාලා හොදට කලවම් කර ගෙන..

 ඔන්න වතුර දා ගෙන නටනකන් තියා ගෙන...

 මේ විනාකිරියි, කලින් බැදපු ඉස්සෝ ටිකයි දා ගෙන මිශ්‍රණය උකු වෙනකන් උයා ගමන් ගමන්..

 මේ කබලේ බැදලා කුඩු කරපු අබයි, උළුහාලුයි එකතු කරලා අන්තිමට වීදුරු බෝතලේ අසරපු ඉස්සෝ අච්චාරු ටික තමයි මේ..

 ඉතින් ඔය ඔක්කොම දේවල් කරලා කියලා හදාගත්ත අපේ රසම රස ඉස්සෝ අච්චාරුව තමයි මේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ coffeewithanu බ්ලොග් අඩවියෙන්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Newer Posts
    Older Posts
    Comment