About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sweet Potato Burfi - බතල බෆී

ඔන්න අපේ ඉවුම් පිහුම් කට්ටියට අද කියලා දෙන්න යන්නෙ "බතල බෆී" හදාගන්නේ කොහොමද කියලා. බෆී ක…
Sweet Potato Burfi - බතල බෆී
ඔන්න අපේ ඉවුම් පිහුම් කට්ටියට අද කියලා දෙන්න යන්නෙ "බතල බෆී" හදාගන්නේ කොහොමද කියලා. බෆී කියන්නෙ ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය රස කැවිලි වර්ගයක්. බෆී හදන්නේ බතල වලින් විතරක් නෙමේ, එක එක දේවල් වලින් බෆී හදනවා. කැරට් වලින්, කජු වලින් බෆී හදන විදිහ ඉවුම් පිහුම් ඇප් එකේ කලින් කියලා දුන්න මතකයි නේද? මේ පාර හදමුද එහෙනම් බතල වලින් රසම රස බෆී? 

අවශ්‍ය දේවල්:
  • තම්බා පොඩි කර ගත් බතල කප් 2
  • සීනි කප් ¾
  • ෆ්‍රෙෂ් ක්‍රීම් (Fresh Cream) මේස හැදි 5 - 6ක්
  • කුරුඳු කුඩු තේ හැදි ¼ ක් පමණ
  • කරඳමුංගු / එනසාල් කුඩු තේ හැදි ¼ ක් පමණ
  • සාදික්කා කුඩු (Nutmeg) තේ හැදි 1/8 ක් පමණ (තිබෙනවා නම් පමණක්)
  • ගිතෙල් (Ghee) මේස හැදි 1-  2ක් පමණ
  • කහ පාට කලරින් (Yellow Food Colouring) ස්වල්පයක් (කැමති නම් පමණක්)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම පොඩි කර ගත්තු බතල ටිකත් එක්ක සීනි ටික නොන්ස්ටික් පෑන් (Nonstick Pan- අර අඩිය ඇලෙන්නේ නැති තාච්චි තියෙන්නෙ. අන්න ඒකක් ගන්තනම් ඔයාලට ලේසියි.) එකකට දාලා සීනි සම්පූර්ණයෙන්ම දිය වෙලා ඇලෙන මිශ්‍රණයක් ලැබෙනකන් හොදට හැදි ගාන ගමන් සාමාන්‍ය අඩු ගින්දරේ රත් කරන්න.
  • දැන් ඒකටම ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකයි, කහ පාට කලරින් ටිකයි දා ගෙන හොදට කලවම් කරන්න.
  • පස්සේ කුරුඳු කුඩුයි, කරඳමුංගු / එනසාල් කුඩුයි, සාදික්කා කුඩුයි ඒකටම එකතු කරන් මිශ්‍රණය එක ගුලියට එනකන් හොදට මිශ්‍රණය හැදි ගාන්න.
  • මිශ්‍රණය එක ගුලියට එන්න ගත්ත ගමන් ලිපෙන් බාලා ඒකට ගිතෙල් එකතු කරලා හොදට කලවම් කර ගන්න.
  • ඊට පස්සේ බටර් ටිකක් ගාපු තැටියක තුනී කරලා පැයක් විතර හයි වෙන්න තියලා කෑලි කපා ගන්න.

වැදගත්:
  • කැමති නම් කජු කෑලි වුණත් එකතු කරන්න පුළුවන්. (කුරුඳු කුඩු එකතු කරන ගමන් දා ගෙන කලවම් කර ගන්න.)
  • පතුල ඝනකම් නොන්ස්ටික් භාජනයක් (Heavy Bottom Nonstick Pan) පාවිච්චි කරන්න පුළුවන් නම් වැඩිය හොදයි.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ පොඩි කර ගත්තු බතල ටික සීනිත් එක්ක ලිපේ තියලා.

 මේ ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කරන් එක ගුලියට එනකන් ලිපේ තියලා. දැන් ඉතින් ලිප නිවලා ගිතෙල් එකතු කරන්න ඕනේ...

 මේ මිශ්‍රණය තුනී කරන ගමන්...

 මේ තුනී කරපු මිශ්‍රණය නිවිලා සෙට් වුණාට පස්සේ කෑලි කපන ගමන්...

ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත බතල බෆී තමයි මේ තියෙන්නෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ..








wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment