About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Turkish Delight - ටර්කිෂ් ඩිලයිට්

ඔන්න මේ ලබපු අලුත් අවුරුද්දේ චූටීම චූටි කෑමක් හදන විදිහ තමයි ඉස්සරවෙලාම අරගෙන ආවේ. "ටර්කිෂ් ඩි…
Turkish Delight - ටර්කිෂ් ඩිලයිට්
ඔන්න මේ ලබපු අලුත් අවුරුද්දේ චූටීම චූටි කෑමක් හදන විදිහ තමයි ඉස්සරවෙලාම අරගෙන ආවේ. "ටර්කිෂ් ඩිලයිට්" කියලා තමයි මේවට කියන්නෙ. මේ "ටර්කිෂ් ඩිලයිට්" හඳුන්වන්නේ මැද-පෙරදිගින් ආපු කෑමක් කියලා. හරිම ලේසියි මේ "ටර්කිෂ් ඩිලයිට්" හදන්න නම්. ජෙලටින් පවුඩර්, අයිසිං සීනි, රෝස වතුර, කලරින් වගේ දේවල් ඔයාලට ලේසියෙන්ම සුපර්-මාකට් එකකින්, කේක් බඩු කඩේකින් ගන්න පුලුවන්. හැබැයි මේ දවස් වල නම් මේ බඩු දැනටමත් ගෙදර ඇති. මුළුතැන්ගෙට අලුත් අපේ නඟාලා ටිකගෙ ගෙවල් වලත් ඕන කරන බඩු ටික තියෙනවනම්, ඔන්න අලුත් අවුරුද්දේ අම්මගෙන් චුට්ටම චුට්ටක් විතර උදව් ඇරන් හදන එකයි ඇත්තෙ එහෙනම් ටර්කිෂ් ඩිලයිට්.

අවශ්‍ය දේවල්:
  • සීනි 375g
  • ලෙමන් ගෙඩියක යුෂ
  • ජෙලටින් පවුඩර් (Gelatin Powder) 35g
  • කෝන් පිටි (ඉරිඟු පිටි - Corn Flour) 150g (100g හා 50g ගානේ වෙන වෙනම ගන්න.)
  • අයිසිං සීනි (Icing Sugar) 50g
  • රෝස වතුර (Rose Water) තේ හැදි 2 - 3ක් පමණ
  • කලරින් (Food Colouring) - කැමති පාටකින්, අවශ්‍ය පාට අනුව එකතු කරන්න.
  • වතුර 500ml (300ml හා 200ml ගානේ වෙන වෙනම ගන්න.)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම පෑන් එකක් සාමාන්‍ය අඩු ගින්දරේ ලිපේ තියලා සීනි ටිකයි, ලෙමන් යුෂ ටිකයි, වතුර 300mlයි එකතු කරන්න.
  • පස්සේ සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වෙලා මිශ්‍රණය නටනකන් හොදට හැදි ගාන ගමන් සාමාන්‍ය අඩු ගින්දරේ උණු කර ගන්න.
  • දැන් වෙනම භාජනයක් අරන් ඒකට ජෙලටින් එක්ක 100g කෝන් පිටියි, වතුර 200mlයි දාලා හොදට දිය වෙනකන් මිශ්‍ර කර ගෙන ලිපේ තියෙන මිශ්‍රණයටම එකතු කර ගන්න ඕනේ.
  • ඊට පස්සේ විනාඩි 20 - 25ක් විතර හොදට හැදි ගාන ගමන් මිශ්‍රණය උකු මටසිලිටු ස්වභාවයට එනකන් නටව ගෙන ලිපෙන් බාලා ටිකක් නිවෙන්න තියන්න.
  • මිශ්‍රණය ටිකක් නිවුනට පස්සේ රෝස වතුරයි, කලරිනුයි දාලා හොදට කලවම් කරන්න ඕනේ.
  • ඒ අතරතුරේ කෝන් පිටි 50g ත් එක්ක අයිසිං සීනි ටික මිශ්‍ර කර ගන්න.
  • ඊළඟට බටර් ටිකක් ගා ගෙන කෝන් පිටි, අයිසිං සීනි මිශ්‍රණය ඉහ ගත්තු සුදුසු භාජනයකට (ට්‍රේ එකකට වගේ) මිශ්‍රණය දා ගෙන පැය 5-6ක් සෙට් වෙන්න තියා ගන්න. මේවා අලුවා වගේ ඉකමනට කපන්න බෑ, මිශ්‍රණට ටිකක් දියාරුයි. (මෙතන 20cm සිලිකන් බේකින් පෑන්- Silicon Baking Pan එකක් පාවිච්චි කරලා තියෙන්නේ.)
  • අන්තිමට භාජනයෙන් ගලවල ඉවත් කරන් කෑලි වලට කපලා, කෑලි ටික වෙන වෙනම ඉතුරු කෝන් පිටි, අයිසිං සීනි මිශ්‍රණයට දාලා හොදට දවට ගන්න ඕනේ.

වැදගත්:
  • අන්තිමට සුළං නොවදින විදියට අහුරලා අවශ්‍ය වෙලාවට කෑමට ගන්න පුළුවන්.
  • මේක ටිකක් ඇලෙන සුළු නිසා තමයි කෝන් පිටි අයිසිං සීනි මිශ්‍රණයේ හොදට දවට ගන්න ඕනේ.
  • සුළං නොවදින විදියට අහුර ගත්තොත් සතියක් විතර කල් තියා ගන්න පුළුවන්.
  • මේ ප්‍රමාණ වලින් කෑලි 20 - 25ක් විතර හදා ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 ඔන්න සාමාන්‍ය අඩු ගින්දරේ ලිපේ සීනියි, ලෙමන් යුෂයි, වතුර 300ml යි එකතු කරන් උණු කරන ගමන්..

 මේ කෝන් පිටි ජෙලටින් මිශ්‍රණය දා ගත්තට පස්සේ..

 ඔන්න ටිකක් නිවුනට පස්සේ රෝස වතුරයි කලරිනුයි දා ගෙන..

 මේ තියෙන්නෙ සෙට් වෙනකන් තියලා. පැය 5 - 6ක් සෙට් වෙන්න තියා ගන්න ඕනෙ.

 මේ අන්තිමට කෑලි කපලා කෝන් පිටි අයිසිං සීනි මිශ්‍රණයේ දවට ගෙන.. දැන් ඉතින් කන්න පුලුවන්!














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ kitchenmason.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment