About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Hathmaluwa - හත්මාළුව

හෙට ඉතින් අපේ අලුත් අවුරුද්දනේ.. අපේ කට්ටිය මොනවා නැතත් කැමතිම නැකත තමයි ආහාර අනුභවය කරන නැකත. ඉතින…
Hathmaluwa - හත්මාළුව
හෙට ඉතින් අපේ අලුත් අවුරුද්දනේ.. අපේ කට්ටිය මොනවා නැතත් කැමතිම නැකත තමයි ආහාර අනුභවය කරන නැකත. ඉතින් මේ නැකතට, අපේ රටේ අවුරුදු සමරන හැම ගෙදරකම හදන ව්‍යාංජනයක්, එහෙමත් නැත්නම් මාළුවක් තමයි මේ "හත් මාළුව" කියන්නෙ. දැනටමත් හත් මාළුව හදන්න ඕන කරන දේවල් නම් අපේ ඉවුම් පිහුම් කට්ටිය සූදානම් කරලානෙ ඇත්තෙ. ඉතින් මට හිතුනා අපේ අත්තම්මා හත් මාළුව හදන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. හත් මාළුව හදන්න ගන්න දේවල් පළාතෙන් පළාතට වෙනස් වෙනවා. ඔය අතරින් "සබරගමුවේ හත්මාළුව"යි, "කන්ද උඩරටින් හැදෙන හත්මාළුව"යි ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් මේ දේවල් හින්දා හත් මාළුව හදන්න ගන්නේ මෙන්න මේ දේවල් විතරයි කියලා නම් කාටවත්ම කියන්න බැරිවෙයි. මේ අපේ අත්තම්මාගේ ක්‍රමේ.

අවශ්‍ය දේවල්:
(මේවගෙන් මෙච්චරයිනම් මේවගෙන් මෙච්චරයි කියලා අනුපාතයක වගේ මේ හත්මාළුව හදනකොට දේවල් දාගන්න ඕනෙ නෑ. ඔයාලා කැමති විදිහට ගැලපෙන විදිහට දාගන්න.)
  • කහට ගෙඩි
  • කොටකිඹුලා ගෙඩි
  • දේශා අල පිති (අර අපි අල කොලේ පිත්ත කියන්නෙ. කොලේ ගහට සවිවෙලා තියෙන කොටස)
  • තම්පලා (රතු තම්පලා හරි කූර තම්පලා හරි)
  • වට්ටක්කා දළු
  • ඇඹුල් කෙසෙල් ගෙඩි (අමු ඒවා)
  • කොස් ඇට
  • කජු (අමු කජු, එහෙමත් නැත්නම් කිරි කජු තමයි ගන්න ඕනෙ.)
  • පොල් කිරි
  • ලුණු (රස අනුව )
  • මිරිස් කුඩු
  • අමු මිරිස් (කරල් කිහිපයක් කපලා දාන්න)
  • තුනපහ
  • කහ චුට්ටක්
  • උළුහාල් චුට්ටක්
  • කරපින්චා
  • රතු ළුුනු

සමහරක් අය තව මේකට දානවා:
  • කහට ගෙඩි නැත්නම් තිබ්බොටු හරි වම්බටු හරි
  • මෑ කරල්
  • සාරණ හෝ නිමිති
  • අළු කෙසෙල්
  • දඹල
  • මල් ගෝවා
  • සුදුළුනු
  • ගම්මිරිස්

කන්ද උඩරටින් හැදෙන හත්මාළුවට මේවා දානවා කියනවා:
  • බටු
  • කැකිරි
  • මුරුංගා
  • මෑ කරල්
  • කිරිඅල
  • කොස්ඇට
  • කොල්ලූ
  • තුනපහ කුඩු
  • කරපිංචා, අමුමිරිස්, කරල් මිරිස්, අබ
  • සියඹලා (සියඹලා බොරය සාදා ගත යුතුයි.)
  • අමු ඉඟුරු
  • සුදුලූනු
  • පොල් තෙල් ස්වල්පයක්

සාදාගන්නා ආකාරය: (අපේ අත්තම්මා හදන්නෙ මෙහෙමයි)
  • මුලින්ම දේසා අල පිත්තකින් අවශ්‍ය පමණට ඇරගෙන හීනියට ලියා ගන්න ඕනෙ. ලුණු වතුරේ දාලා මේ ටික ටික වෙලාවක් තියලා මිරිකලා ගන්න ඕනෙ. නැත්නම් මේ අල පිති කහනවා.
  • ඊට පස්සෙ කජු වල ලෙල්ල ඉවත් කරලා මද ටික උණු වතුර ටිකකට ටික වෙලාවක් දාලා තියලා ගන්න. එතකොට කජු වල තියෙන කිරි යනවා. ඒ වගේම කජු වල තියෙන පොඩි පොත්ත (ලෙල්ල නෙමේ) ඉවත් කරගන්නත් ලේසියි.
  • දැන් කොස් ඇට ටික තලාගෙන පොතු ඇර ගන්න ඕනෙ.
  • ඊට පස්සෙ කූර තම්පලයි, වට්ටක්කා දළු ටිකයි පොඩියට කපාගන්න. (මැල්ලුම්කට වගේ හීනියට එහෙම ලියාගන්න එපා...)
  • දැන් කහට ගෙඩියි, කොටකිඹුලා ගෙඩියි පොඩියට කපාගන්න ඕනෙ.
  • ඒ වගේම ඇඹුල් කෙසෙල් ගෙඩි වලට ලෙල්ල ඉවත් කරලා පොඩියට කපාගන්න ඕනෙ.
  • දැන් අන්තිමට මේ ඔක්කොම දේවල් ටිකයි, පොල් කිරියි, ලුණුයි, මිරිස් කුඩුයි, අමු මිරිසුයි, තුනපහයි, කහ චුට්ටකුයි, උළුහාල් චුට්ටකුයි, කරපින්චයි, රතු ළුුනුයි දාලා මාළුව හදාගන්න තමයි තියෙන්නෙ. (අර උඩ සඳහන් කරපු දේවල් ටික තමයි මේ දැම්මෙ). සමහර අය මේ දාන දේවල් වලින් තැම්බෙන්න ගොඩක් වෙලා ගන්න දේවල් ටික මුලින්ම වතුරෙන් තම්බගෙන ඊට පස්සෙ තමයි කිරි දාලා මාළුව හදා ගන්නෙ.

වැදගත්:
  • ගන්න දේවල් ඔක්කොම නැවුම් මැටි වළඳකට එසේ නැතිනම් කට වහරෙන් කියන පරිදි ඇතිළිියකට දලා උයා ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
  • සමහර විශේෂ අවස්ථා වලදී හදන හත්මාළුවට කරෝල, හාල්මැස්සො එහෙම දානවා. හැබැයි අලුත් අවුරුද්දේ හදන හත්මාළුවට නම් ගොඩක් වෙලාවට මාංශ වර්ග පාවිච්චි කරන්නේ නෑ. 

 මේ තියෙන්නෙ නම් අපේ ආත්තම්මා හදපු හත්මාළුවක් නෙමේ. මේක ගෝවා මල් එහෙම දාපු එකක්.














ඉතින් යාලුවනේ අලුත් අවුරුද්දේ ආයෙමත් හමුවෙමු එහෙනම්. මේ ලබන්න යන අලුත් අවුරුද්ද අපේ ඉවුම් පිහුම් කට්ටියට සුභම සුභ අලුත් අවුරුද්දක් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉවුම් පිහුම් ඇප් එකෙන්. ගිහිල්ලා එන්නම්!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment