About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Condensed Milk Naran Kavum - උකු කළ කිරි වලින් නාරං කැවුම් හදමු

නාරං කැවුම් කියන්නෙ අපි හැමෝම කන්න කැමති කැවිලි වර්ගයක්නෙ. නාරං කැවුම් හදන විදිහ මීට කලින් අපි ඉවුම…
Condensed Milk Naran Kavum - උකු කළ කිරි වලින් නාරං කැවුම් හදමු
නාරං කැවුම් කියන්නෙ අපි හැමෝම කන්න කැමති කැවිලි වර්ගයක්නෙ. නාරං කැවුම් හදන විදිහ මීට කලින් අපි ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දුන්නනේ. ඉතින් ඔන්න දැන් කියලා දෙන්න හදන්නේ උකු කළ කිරි යොදාගෙන නාරං කැවුම් හදාගන්නේ කොහොමද කියලා.. මේ ලිපිය ලියන්නෙ අපේ සෙව්මි නංගි. බලන්නකෝ එහෙනම් මේ විදිහට නාරං කැවුම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • උකු කළ කිරි (Condensed Milk) 400g
  • වතුර 120ml
  • ගා ගත් පොල් 400g
  • කුරුඳු කුඩු තේ හැදි ½ ක් පමණ
  • කරඳමුංගු එනසාල් කුඩු තේ හැදි ¼ ක් පමණ
  • ලුණු කුඩු ස්වල්පයක් (රස අනුව)
  • සුදු කැකුළු සහල් පිටි 125g
  • පොල් කිරි(මිටි කිරි) 350ml
  • ලුණු ස්වල්පයක්
  • කහ කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)
  • පොල්තෙල් (බැද ගැනීමට)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම උකු කළ කිරිත් එක්ක වතුර ටික භාජනයට දා ගෙන අඩු ගින්දරේ ලිපේ තියා ගෙන විනාඩි 5ක් විතර හොදට හැදි ගාන්න.
  • පස්සේ ඒකටම ගා ගත්ත පොලුයි, ලුණුයි, කුරුඳු කුඩුයි, කරඳමුංගු / එනසාල් කුඩුයි දා ගෙන මිශ්‍රණය ඝනකම් වෙනකන් දිගටම නොනවත්වාම හැදි ගාන ගමන් අඩු ගින්දරේ රත් කර ගන්න.
  • ඊට පස්සේ ලිපෙන් බාලා නිවෙන්න තියා ගන්න.
  • ඒ අතරතුරේ පොල් කිරියි, හාල් පිටියි, ලුණුයි, කහ කුඩුයි වෙනත් භාජනේක මිශ්‍ර කරලා උකු බැටර් එකක් හදා ගන්න ඕනේ.
  • ඊළඟට කලින් හදා ගත්ත උකු කිරි, පොල් මිශ්‍රණයෙන් පොඩ්ඩ පොඩ්ඩ අරන් ගුලි කරලා සාමාන්‍ය දෙහි ගෙඩියක තරමේ බෝල හදා ගන්න.
  • අන්තිමට තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් රත් වුණාට පස්සේ හදා ගත්ත බෝල ටික බැටර් එකේ දවටලා ගැඹුරු තෙලේ රන්වන් දුඹුරු පාට වෙනකන් බැද ගන්න.

වැදගත්:

  • ඔයාලා කැමති නම් මේකට කජු, වියළි මිදි මුද්දරස්පලම් එහෙමත් එකතු කරන්න පුළුවන්.
  • පැණි රසයට වැඩිපුර කැමති නම් සීනි ටිකකුත් එකතු කර ගන්න රස අනුව.
  • තව අවශ්‍ය නම් වැනිලා (Vanilla) තේ හැන්දක් එකතු කර ගන්න පුළුවන්.
  • උකු කළ කිරි විදියට පොඩි මිල්ක්මේඩ් ටින් (Milkmaid) එකක් හරි වෙනත් ඕනෙම වර්ගයක උකු කළ කිරි ටින් එකක් පාවිච්චි කරන්න. නැත්තම් ගෙදරම හදා ගත්ත උකු කළ කිරි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. (උකු කළ කිරි ගෙදර හදා ගන්න විදිය ගැන ඉවුම් පිහුම් ඇප් එකේ "මිල්ක් මේඩ් / චීස් / යෝගට් / ....." කොටසේ තියෙන, "Condensed Milk- උකු කිරි ගෙදරදී හදා ගනිමු." කියන ලිපියේ තියෙනවා.)

 මේ තියෙන්නෙ අපේ අය ගොඩක්ම දන්න උකු කළ කිරි වර්ගෙ. මිල්ක්මේඩ්! ඔයාලට ඕනෙම වර්ගයක උකු කළ කිරි පාවිච්චි කරන්න පුලුවන්.

 අන්තිමට හදාගත්ත නාරං කැවුම් ටික මේ වගේ තියෙයි. සාමාන්‍ය නාරං කැවුමුයි මේවයි අතර පෙනුමෙන් ලොකු වෙනසක් නෑ.














ලිපිය ලිව්වේ සෙව්මි උපේක්ෂා නංගි. එයා milkmaid.lk වෙබ් අඩවියෙනුත් කරුණු ඇරගෙන තියෙනවා මේ ලිපිය ලියන්න. බොහොම ස්තූතියි සෙව්මි නංගිට!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment