About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Godapara - ගොඩපර

නෑ නෑ මේ නාරං කැවුම් එහෙම නෙමේ!! අර හිසකෙස්‌ පිරිසිදු කරන්න ගන්න ගොඩපර ගෙඩිත් නෙමේ!! මේ කියලා දෙන්න…
Godapara - ගොඩපර
නෑ නෑ මේ නාරං කැවුම් එහෙම නෙමේ!! අර හිසකෙස්‌ පිරිසිදු කරන්න ගන්න ගොඩපර ගෙඩිත් නෙමේ!! මේ කියලා දෙන්න හදන්නෙ පෙනුමෙන් නාරං කැවුම් වගේ පෙනෙන "ගොඩපර" කියලා කැවිලි වර්ගයක් හදාගන්න විදිහ. දැකපු ගමන් හිතුවේ නාරං කැවුම් කියලා නේද? ඕන කෙනෙක් දැකපු ගමන් කියන්නෙ මේ නම් නාරං කැවුම් කියලා. හැබැයි හදන විදිහයි, දාන දේවලුයි සම්පූර්ණයෙන්ම වෙනස්. නාරන් කැවුම් වල වගේ නෙමේ ගොඩපර වල ඇතුලට දාන්නෙ පිට්ටුයි, පොල් පැණියි කලවම් මිශ්‍රණයක්. ඔන්න අලුත් අවුරුද්දේ නෑගම් යනකොට හදාගෙන යන්න පුලුවන් කෑමක් තමයි මේ.. මේ ලිපිය ලියන්නෙ අපේ සෙව්මි නඟා.. අවුරුදු කාලෙ සෙව්මිලගෙ ගෙදරට නෑගම් එන ගොඩක් අය මේ කැවිලි වර්ගෙ අරගෙන එනවලුනෙ.

අවශ්‍ය දේවල්:
පිට්ටු සාදා ගැනීම සඳහා අවශ්‍ය දේවල්:
  • සුදු කැකුළු සහල් පිටි
  • ගා ගත් පොල්
  • ලුණු කුඩු (රස අනුව)
  • වතුර (අවශ්‍ය පදමට)

පැණි පොල් සාදා ගැනීම සඳහා අවශ්‍ය දේවල්:
  • සීනි
  • වතුර
  • ලුණු ස්වල්පයක් (රස අනුව)
  • කුරුඳුපොතු
  • තලා ගත් එනසාල් ඇට 3 - 4ක්
  • ගා ගත් පොල්

බැටර් එක සඳහා අවශ්‍ය දේවල්:
  • සුදු කැකුළු සහල් පිටි
  • වතුර (අවශ්‍ය පදමට)
  • ලුණු ස්වල්පයක්
  • කහ කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)

වෙනත් අවශ්‍ය දේවල්:
  • පොල්තෙල් (බැද ගැනීමට)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම සුදු කැකුළු හාල් පිටි වලට ගා ගත්ත පොල් දාලා, ඒකටම රස අනුව ලුණුත් එකතු කරන් වතුර පොඩ්ඩ පොඩ්ඩ මිශ්‍ර කරන ගමන් පොඩි කැට හිටින විදියට පිට්ටු හදා ගෙන තම්බ ගන්න ඕනේ.
  • පස්සේ වෙනම භාජනයක් ලිපේ තියලා සීනියි, වතුරයි, ගා ගත්තු පොලුයි, ලුණුයි (රස අනුව), වතුරයි (අවශ්‍ය පදමට), කුරුඳු පොතුයි, කරඳමුංගුයි එකට දාලා පැණි පොල් හදා ගන්න ඕනේ.
  • ඊට පස්සේ පැණි පොල් එකේ තියෙන කුරුඳු පොතු කෑලියි, කරඳමුංගුයි අයින් කරලා, කලින් හදා ගත්ත පිට්ටු කුඩු කරලා ඒකටම දාලා හොදට මිශ්‍ර කර ගෙන ටිකක් නිවෙන්න තියන්න. (අතින් අල්ලන්න පුළුවන් ගානට නිවුනහම ඇති.)
  • ඒ අතරතුරේ සුදු කැකුළු සහල් පිටි ටිකයි, ලුණු ටිකකුයි, කහ කුඩු ටිකයි එකට භාජනේකට දා ගෙන, වතුර ටික ටික එකතු කරන ගමන් උකු බැටර් එකක් ලැබෙන විදියට හොදට කලවම් කර ගන්න.
  • ඊළඟට කලින් හදා ගත්ත පිට්ටු පොල් පැණි මිශ්‍රණයෙන් ටික ටික අරන් ගුලි කරලා තරමක බෝල හදා ගන්න ඕනේ.
  • දැන් තාච්චියක් ලිපේ තියලා තෙල් රතු වුණාට පස්සේ හදා ගත්තු බෝල ටික බැටර් එකේ දවට ගෙන ගැඹුරු තෙලේ රන්වන් දුඹුරු පාට වෙනකන් බැද ගෙන රස බලන්න.

වැදගත්:
  • පිට්ටුයි, පොල් පැණි කලින් හදලා නැත්තම් හරි, හදන විදිය ගැන තව විස්තර ඕනේ නම් හරි ඉවුම් පිහුම් ඇප් එකේ "වඩේ / ආප්ප / කොත්තු ආදී......" කොටසේ තියෙන, "Pittu - පිට්ටු හදමු." කියන ලිපියයි, "වෙනත් ආහාර වර්ග" කොටසේ තියෙන "Pani pol - පැණි පොල්" ලිපියයි පොඩ්ඩක් කියවලා බලන්නකෝ.

පොටෝ ටිකත් බලන්නකෝ..
 ඔන්න පිට්ටු මිශ්‍රණය කැට කරන්, දැන් ඉතින් තම්බ ගන්න ඕනේ..

 මේ තියෙන්න තම්බ ගත්ත පිට්ටු ටික.. මේවා දැන් කුඩු කර ගන්න ඕනේ.

 මේ පැණි පොල් හදන ගමන්..

 ඔන්න හදා ගත්තු පැණි පොල් ටික, මේකෙන් දැන් කුරුඳු පොතුයි, කරදමුංගුයි අයින් කරන්න ඕනේ.

 මේ පැණි පොල් එක්ක කුඩු කරපු පිට්ටු දා ගෙන කලවම් කරන ගමන්.. ඊට පස්සේ ගුලි කරලා බෝල හදා ගන්න ඕනේ...

 මේ තියෙන්නේ බැටර් එකේ දවටලා ගැඹුරු තෙලේ බැද ගෙන හදා ගත්ත ගොඩපර ටික. නාරං කැවුම් වගේම තමයි පෙනුම. ඇතුලනම් වැලිතලප වගේ. දැන් ඉතින් නෑගම් යද්දී ඇරගෙන යන්න තමයි තියෙන්නෙ.. ඉතුරු වුනොත් තමයි ඉතින්.. :)













ලිපිය ලිව්වේ සෙව්මි උපේක්ෂා මිතුරිය. අපේ ඉවුම් පිහුම් ඇප් එකේ මුල් කාලෙ ඉදන්ම ඉන්න කට්ටියට නම් ඔන්න සෙව්මිව හොදට මතක ඇති නේද? සෙව්මි අපිට ගොඩක් කෑම ජාති හදන විදිහ කියලා දීලා තියෙනවනෙ. ඉතින් එහෙනම් ලගදීම ඇගේ තවත් ලිපියකින් ඇයව හමුවෙමුකෝ.. බොහොම ස්තූතියි සෙව්මි!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment