අවශ්‍ය දේවල්:
- මිල්ක්මේඩ් (Milkmaid) 250g (උකු කළ කිරි- Condensed milk)
- සීනි 500g
- වතුර 150ml
- කබලේ බැද ගත් සුදු කැකුළු සහල් පිටි 750g (තවත් පොඩ්ඩක් වෙනම තියා ගන්න.)
- කජු 100g
- කරඳමුංගු / එනසාල් කුඩු (Cardamom Powder) තේ හැදි ¼ ක් පමණ
- ලුණු කුඩු ස්වල්පයක් (පිංචයක්)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම ටිකක් ලොකු භාජනයක් අරන් සීනි ටිකත් එක්ක වතුර ටිකයි, කරඳමුංගු ටිකයි, ලුණු ටිකයි දා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගන්න.
- සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ ඒකටම උකු කළ කිරි එකතු කරලා හොදට කලවම් කරන්න.
- ඊට පස්සේ දිගටම හොදට හැදි ගාන ගමන් මිශ්‍රණය උතුරනකන් ලිපේ තියා ගෙන ලිපෙන් බාන්න.
- බාපු ගමන් ඒකටම කජු ටික එකතු කරලා විනාඩියක් විතර හොදට හැදි ගාන ගමන් කලවම් කරන්න.
- දැන් ටිකෙන් ටික බැදපු හල් පිටි එකතු කරන ගමන් මිශ්‍රණය හොදට කලවම් කරන්න ඕනේ.
- ඊළඟට බැදපු හාල් පිටි ටිකක් ඉහ ගත්තු තැටියකට මිශ්‍රණය දා ගෙන තුනී කරලා උඩිනුත් බැදපු හාල් පිටි ටිකක් ඉහලා කෑලි වලට කපා ගන්න. (කැපුවට එහෙම්මම තියෙන්න අරින්න, කෑලි වෙන් කරන්න යන්න එපා.)
- පස්සේ පැය 2ක් විතර හොදට හයි වෙනකන් තියලා කෑලි වෙන් කරන් හුළං වදින්නේ නැති වෙන්න අහුර ගන්න.
වැදගත්:
- සුදු කැකුළු හාල් හොදට සෝදලා, පැය 2-3ක් වතුරේ පෙඟෙන්න දාලා, වතුර බේරෙන්න තවත් විනාඩි 30ක් විතර තියලා, කොටාලා සාමාන්‍ය ගින්දරේ හොදට හැදි ගාන ගමන් රන්වන් පාට එනකන් කබලේ බැද ගන්න.
- ලී හැන්දකුයි, ටිකක් ඝනකම් අඩියක් තියෙන භාජනයක් (Heavy Bottom Pan) පාවිච්චි කරන්න පුළුවන් නම් වැඩිය හොදයි.
- කිසිම වෙලාවක ඔක්කොම පිටි එකට දාන්න යන්න එපා, ටිකෙන් ටික දාන ගමන් කලවම් කරන්න ඕනේ.
- මේක හදන්න මිල්ක්මේඩ් විතරක්ම නෙමෙයි ඕනෙම උකු කළ කිරි (Condensed Milk) වර්ගයක් නැත්තම් ගෙදරම හදා ගත්ත උකු කළ කිරි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. (උකු කළ කිරි ගෙදර හදා ගන්න විදිය ගැන අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ "මිල්ක් මේඩ් / චීස් / යෝගට් / ....." කොටසේ තියෙන, "Condensed Milk- උකු කිරි ගෙදරදී හදා ගනිමු." කියන ලිපියේ තියෙනවා.)
පොටෝ ටිකත් බලන්නකෝ..
මේ හාල් පිටි බදින ගමන්.. මේ ගානට පාටට බැදුනහම ඇති.
මේ සීනි ටිකත් එක්ක වතුර ටිකයි, කරඳමුංගු ටිකයි, ලුණු ටිකයි දා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගෙන.
මේ සීනි දිය වුණාට පස්සේ මිල්ක්මේඩ් එකතු කරන ගමන්.
මේ මිශ්‍රණය උතුරනකන් ලිපේ තියන්.
මිශ්‍රණය උතුරන්න ගත්තට පස්සේ ලිපේන් බාලා කජු එකතු කරන් විනාඩියක් විතර කලවම් කරාට පස්සේ බැදපු හාල් පිටි ටික ටික කලවම් කරන ගමන්.
මේ තුනී කළාට පස්සෙ.
ඔන්න කෑලි කපලා. දැන් කෑලි ටිම මෙහෙම්මම තියෙන්න අරින්න, කෑලි වෙන් කරන්න යන්න එපා. මෙහෙම පැය 2ක් විතර හොදට හයි වෙනකන් තියලා කෑලි වෙන් කරන් හුළං වදින්නේ නැති වෙන්න අහුර ගන්න.
මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ Instagram වෙබ් අඩවියේ Milkmaid පිටුවෙන්. ඔයාලට තව මොනවා හරි ගැටළු තිබුනොත් මේ යූ-ටියුබ් වීඩියෝ එකත් බලන්නකෝ (https://www.youtube.com/watch?v=qgztKAO9iZQ).