About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Savory Bread Pudding - සේවරි පාන් පුඩිං

ඔන්න දැන් කියලා දෙන්න හදන්නේ පාන් වලින් "සේවරි පාන් පුඩිං" කියලා රසම රස කෑමක් හදන විදිහ. …
Savory Bread Pudding - සේවරි පාන් පුඩිං
ඔන්න දැන් කියලා දෙන්න හදන්නේ පාන් වලින් "සේවරි පාන් පුඩිං" කියලා රසම රස කෑමක් හදන විදිහ. පාන් පුඩිං කිව්වට මෙක අතුරුපසක් නම් නෙමෙයි ඕන්.. මේ ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෙටි කෑමක් (Short-eat). කෑම කන්න අප්පිරියා කරන පොඩ්ඩො වගේම ලොකු පොඩ්ඩොත් කැමති වෙයි ඔන්න මේ විදිහේ වෙනස්ම වෙනස් කෑමක් හදපුවහම. හැමදාම හදන්න දන්න එකම කෑම වට්ටෝරු ටිකෙන් රෝල ගගහ කෑම හද හද ඉන්නෙ නැතුව, මේක හදන්න ගන්න බඩු ටික හොයාගන්න පුලුවන් වුන වෙලාවක අපේ ඉවුම් පිහුම් කට්ටිය මේක හදලා බලන්න ඕනෙ එහෙනම්!
 
අවශ්‍ය දේවල්:
  • බටර් මේස හැදි 2 - 3ක්
  • කැමති වර්ගයකින් අඹරා ගත් හෝ කුඩාවට කපා ගත් මස් 500g
  • චොප් කර ගත් රට ලූණු ගෙඩි 1
  • චොප් කර ගත් හෝ අඹරා ගත් සුදු ලූණු බික් 3 - 4ක්
  • චොප් කර ගත් හෝ අඹරා ගත් ඉඟුරු තේ හැදි ½ - 1ක් පමණ
  • සෝයා සෝස් (Soya sauce) තේ හැදි 1ක් පමණ
  • තක්කාලි සෝස් (Tomato sauce) මේස හැදි 1 - 2ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • වාටි ඉවත් කර ගත් පාන් පෙති 20ක් පමණ
  • ග්‍රේට් කර ගත් චෙඩර් චීස් (Cheddar cheese)  කප් 1 - 2ක් පමණ
  • චොප් කර ගත් පාස්ලි කොළ (Parsley) කප් ½ ක් පමණ
  • බිත්තර 6
  • හෙවි ක්‍රීම් (Heavy Cream) කප් ½
  • නැවුම් කිරි (ෆ්‍රෙෂ් මිල්ක්- Fresh milk) කප් 1 ½
  • කහ කුඩු ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම මස් වලට සෝයා සෝසුයි, කහ කුඩුයි, රස අනුව ලුණු ටිකකුයි, ගම්මිරිස් කුඩුයි එකතු කරලා විනාඩි 20ක් විතර පදම් වෙන්න අරින්න.
  • පස්සේ නොන්ස්ටික් පෑන් (Nonstick Pan) එකක් අරන් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා ඒකට බටර් ටික දා ගන්න. (නොන්ස්ටික් පෑන් එකක්ම වෙන්නම ඕනේ නැහැ, හැබැයි ඉතින් නොන්ස්ටික් පෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වැඩිය හොදයි, ලේසියි, පහසුයි.)
  • ඊට පස්සේ ඒකටම ඉඟුරු, සුදුලූණු එක්ක රට ලූණු ටික දා ගෙන තෙම්පරාදු කර ගන්න.
  • පස්සේ ඒකටම මස් ටිකත් එකතු කරලා විනාඩි 10ක් විතර සැරින් සැරේ හැදි ගාන ගමන් පියනකින් වහ ගෙන තැම්බෙන්න අරින්න.
  • ඊළඟට ඒකටම තක්කලි සෝස් ටිකත් එකතු කරලා තවත් විනාඩි 5ක් විතර උයා ගෙන ලිපෙන් බාලා ටිකක් නිවෙන්න තියන්න.
  • ඒ අතරතුරේ වාටි කපලා අයින් කරපු පාන් පෙති ටික අරන් පොඩි කොටු වලට කපා ගන්න ඕනේ.
  • පස්සේ වෙනත් භාජනයක් අරන් ඒකට බිත්තර ටිකයි, රස අනුව ලුණු ටිකකුයි, ගම්මිරිස් කුඩුයි දාලා කලවම් වෙනකන් විස්ක් කරන්න. (මස් වලත් ලුණුයි ගම්මිරිසුයි තියෙන නිසා ඒවා දාන කොට පරිස්සමින්.)
  • දැන් ඒකටම හෙවි ක්‍රීම් ටිකයි, නැවුම් කිරි ටිකයි එකතු කරලා කලවම් වෙනකන් ආපහු ටිකක් විස්ක් කරලා පැත්තකින් තියා ගන්න ඕන වෙනකන්. (ගොඩක්ම විස්ක් කරන්න ඕනේ නැහැ, කලවම් වුණාම ඇති.)
  • පස්සේ කලින් හදා ගත්ත මස් එකට චොප් කරපු පාස්ලි කොළයි, ග්‍රේට් කරපු චෙඩර් චීසුයි, කොටුවට කපපු පානුයි දාලා කලවම් කර ගන්න ඕනේ.
  • ඊළඟට බේකින් ටින් (Baking tin/ baking dish) එකක් අරන් බටර් ටිකක් එහෙම ගා ගෙන මස්, පාන් මිශ්‍රණය දාලා එක සමාන මට්ටමට අතුර ගන්න ඕනේ.
  • දැන් කලින් විස්ක් කරපු බිත්තර, කිරි මිශ්‍රණය අරන් පාන් පෙඟෙන විදියට සමානව පැතිරෙන්න බේකින් ටින් එකට වක් කරලා පොලිතීන් එකකින් ආවරණය කර ගෙන පැය 2 - 3ක් ශීතරකණයේ තියා ගන්න ඕනේ. (මෙහෙම තියන්නේ පාන් වලට ඔක්කොම දේවල් හොදට උරා ගන්න පුළුවන් වෙන්න.)
  • ඊට පස්සේ කලින් 175°C / 350°F උෂ්ණත්වයට රත් කරපු අවන් එකක පැයක් විතර බේක් කරලා උණුවෙන්ම රස බලන්න.

වැදගත්:
  • ඔයාලට මේකට කැමති විදියකට මස් එක හදා ගන්න පුළුවන්, තව සොසේජස්, ඉස්සෝ, දැල්ලෝ වගේ ඕනේම දෙයක් එකතු කරන්න පුළුවන්.
  • කැමති නම් මොසරැල්ලා චීස් (Mozzarella Cheese) ටිකක් උඩින් දා ගන්න පුළුවන්. (මොසරැල්ලා චීස් දානවා නම් විනාඩි 50ක් විතර සේවරි පාන් පුඩිම අවන් එකේ බේක් කරලා එළියට අරන් උඩින් මොසරැල්ලා චීස් ටිකක් දා ගෙන තවත් විනාඩි 5 - 10ක් බේක් කර් ගන්න.)
  • මේකට ඔයාලා කැමති නම්, කොටුවට කපපු කැරට්, තම්බපු ග්‍රීන් පීස් වගේ ඕනෙම දෙයක් එකතු කර ගන්න පුළුවන්.
  • චෙඩර් චීස් නම ඇහුවහම බය වෙන්න එපා, අපි හැමෝම දන්න ක්‍රාෆ්ට් චීස් (Kraft cheese) කියන්නේ චෙඩර් චීස් වර්ගයක්. (ඕනෙම සුපිරි වෙළද සැලකින් ක්‍රාෆ්ට් චීස් හොයා ගන්න පුළුවන්.)

පොටෝ ටිකත් බලන්නකෝ...
 මේ ග්‍රේට් කරපු චෙඩර් චීස් (ඒ කියන්නෙ හීනියට ගා ගත්ත චෙඩර් චීස්)

මේ තියෙන්න හදා ගත්ත මස් එක ටිකක් නිවෙන්න තියලා..

පාන් වාටි ටික මේ වගේ කපා ගන්න. වාටි අපි අයින් කරනවනෙ.

ඊට පස්සෙ පාන් ටික කොටුවට කපා ගන්න ඕනෙ.

මේ බිත්තර වලට ලුණු, ගම්මිරිස් දාලා, ඒකටම හෙවි ක්‍රීම් එක්ක නැවුම් කිරි දාන ගමන්.

මේ හදා ගත්තු මස් එකට පාන් කෑලියි, චීසුයි, පාස්ලි කොළයි දාලා කලවම් කරන ගමන්.

ඔන්න බටර් ගාපු බේකින් ටින් එකකට මිශ්‍රණය දා ගෙන අතුරලා..

 ඔන්න පාන්, මස් මිශ්‍රණයට උඩින් බිත්තර, කිරි මිශ්‍රණය වක් කරන ගමන්.. පස්සේ පැය 2-3ක් ෆිජ් එකේ තියලා අරන් බේක් කරන්න තමයි තියෙන්නේ.

 මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා කියලා අපි හදා ගත්ත අපේ රසම අරස සේවරි පාන් පුඩිම! දැන් ඉතින් උණුවෙන්ම කෑලි කපලා කන්න තමයි තියෙන්නෙ...














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ onceuponachef.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment