- කෝන් පිටි (කෝන් ෆ්ලා- Corn Flour) කප් 1
- සීනි කප් 3
- වතුර කප් 5
- දෙහි යුෂ මේස හැදි 1
- ෆුඩ් කලරින් (Food Coloring) - කැමති පාටකින් අවශ්‍ය පාට එනකන් දා ගන්න.
- ගිතෙල් (Ghee) කප් ½ - ¾ ක් පමණ
- කරඳමුංගු / එනසාල් කුඩු (Cardamom Powder) තේ හැදි ¼ - ½ ක් පමණ
- ආමන්ඩ් කැබලි (Almonds) 100g - 200g ක් පමණ
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම ටිකක් ලොකු භාජනයක් අරන් ඒකට කෝන් පිටි ටිකත් එක්ක අවශ්‍ය කරන වතුර ප්‍රමාණයෙන් ½ ක් විතර දා ගෙන හොදට කලවම් කරලා දිය කර ගන්න ඕනේ. (අවශ්‍ය වෙනකන් පැත්තකින් තියා ගන්න.)
- දැන් ලොකු භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා සීනි ටිකත් එක්ක ඉතුරු වතුර ටික දා ගෙන රත් කරන්න ගන්න.
- පස්සේ සීනි සම්පූර්ණයෙන්ම දිය වෙලා මිශ්‍රණය උතුරන් එනකන් උණු කරන්න. (සැරින් සැරේ හැදි ගන්න.)
- ඊට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා ඒකටම දෙහි යුෂ ටිකයි, කලින් දිය කර ගත්තු කෝන් පිටි මිශ්‍රණයයි එකතු කරලා හොදට හැදි ගාන ගමන් උණු කරන්න. (කෝන් පිටි මිශ්‍රණය එකතු කරන්න කලින් ආපහු හොදට කලවම් කරලා ඉන්න.)
- ඊළඟට ඒකටම ෆුඩ් කලරින් දාලා මිශ්‍රණය උකු වී ගෙන එනකන් දිගටම හැදි ගන්න. (නොනවත්වාම හැදි ගන්න ඕන.)
- මිශ්‍රණය උකු වෙන්න අරන් ඇලෙන්න පටන් ගත්තහම ගිතෙල් ටිකෙන් ටික එකතු කරන ගමන් හොදට කලවම් කරන්න. (මිශ්‍රණය උකු, විනිවිද පේන, දිලිසෙන ගතියට ඒවි.)
- මේ විදියට ඔක්කොම ගිතෙල් පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා දිගටම කලවම් කර ගන්න.
- දැන් ලිප නිවලා කරඳමුංගු / එනසාල් කුඩුයි, ආමන්ඩ් කෑලියි දා ගෙන හොදට කලවම් කරන්න.
- ඊට පස්සේ බටර් ටිකක් ගා ගත්තු සුදුසු භාජනයක් අරන් ඒකට මිශ්‍රණය වක් කරලා පැය 3 - 4ක් හයි වෙන්න (සෙට් වෙන්න) තියලා තියන්න. (මෙතන පාවිච්චි කරලා තියෙන්නේ අඟල් 9 x 9 කේක් ටින් එකක්.)
- හල්වා එක සම්පූර්ණයෙන්ම හයි වුණාට පස්සේ හීනි පිහියක් අරන් දාලා තියෙන භාජනේ කෙලවරවල් වටේ යවලා හල්වා එක බුරුල් කරලා ගලව ගෙන කෑලි වලට කපලා රස බලන්න පුළුවන්.
වැදගත්:
- නොන්ස්ටික් භාජනයක් (Nonstick Pan- අඩිය ඇලෙන්නේ නැති තාච්චි වගේ ඒවා තියෙන්නෙ. අන්න ඒවා.) හරි ටිකක් ඝනකම් අඩියක් තියෙන භාජනයක් (Heavy Bottom Pan) හරි මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් නම් වැඩිය හොදයි.
- ගිතෙල් වෙනුවට බටර් වුණත් පාවිච්චි කරන්න පුළුවන්.
- ආමන්ඩ් වෙනුවට කජු (Cashew Nuts), රටකජු (Peanuts) වගේ කැමති ඇට වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්.
- දෙහි යුෂ වෙනුවට රෝස් වතුර (Rise Water) වුණත් එකතු කරන්න පුළුවන්.
- වැදගත්ම දේ තමයි දිය කරපු කෝන් ෆ්ලා එකතු කළාට පස්සේ හොදට නොනවත්වාම දිගටම පරිස්සමින් හැදි ගාන එක, නැත්තම් හල්වා කැටි ගැහෙන්න ගන්නවා.
පොටෝ ටිකත් බලන්නකෝ..
ඔන්න මුලින්ම කෝන් පිටි වතුර වලින් භාගෙක දිය කළා..
මේ සීනි එක්ක ඉතුරු වතුර ටික දා ගෙන ලිපේ තියලා.
මිශ්‍රණය උතුරන්න ගත්තම ලිපේ ගින්දර අඩු කරලා දෙහි යුෂ දාන්න ඕනේ.
ඔන්න කෝන් පිටි මිශ්රණෙත් එකතු කළා.
මේ ෆුඩ් කලරින් දාලා හොදට නොනවත්වාම දිගට කලවම් කරන ගමන්..
මේ ගිතෙල් ටිකෙන් ටික එකතු කරන ගමන්.
ඔන්න ලිප නිවලා කරඳමුංගු කුඩුයි, ආමන්ඩ් කෑලියි දා ගෙන..
දැන් මේ තියෙන්නෙ බටර් ගාපු කේක් ටින් එකකට මිශ්‍රණය දාලා හයි වෙන්න තියලා.
මේ ඊට පස්සෙ කෑලි කපනකොට.
ඉතින් ඔය වැඩ ඔක්කොම දේවල් කරාලා හදාගත්ත අපේ බොම්බේ කරච්චි හල්වා ටික තමයි මේ. පේනවා නේද ලස්සන. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ revisfoodography.com වෙබ් අඩවියෙන්.