About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Lemon Curry - ලෙමන් ව්‍යාංජනය

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ලෙමන් වලින් රසම රස ව්‍යාංජනයක් හදන විදිහ. මොකක් කිව්වා?!! අර ඇඹුල්ම ඇඹු…
Lemon Curry - ලෙමන් ව්‍යාංජනය
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ලෙමන් වලින් රසම රස ව්‍යාංජනයක් හදන විදිහ. මොකක් කිව්වා?!! අර ඇඹුල්ම ඇඹුල් ලෙමන් වලින් ව්‍යාංජනයක් හදනවා කිව්වා?! ඔව් ඔව් ඇත්තටම තමයි කිව්වෙ. ඔන්න දැන් අපේ ඉවුම් පිහුම් සමහරුන්ගේ කටට කෙළ උනනවා ඇති ව්‍යාංජයේ ඇඹුල දැනිලා. සමහරුන්ගේ දත් නිකන් හිරි වැටෙන්න වගේ වගේ දැනෙනවා ඇති ඕන්... ඉතින් මේක ගැන කියනවනම් මේක ඉන්දියානු කෑමක්. අපි අපේ රසට ගැලපෙන විදිහට ව්‍යාංජනේ හදන කොට දාන දේවල් චුට්ටක් වෙනස් කරා. මෙහෙම කිව්වට ලෙමන් කියන්නෙ මොනවද කියලා නොදන්න අයත් ඉන්න පුලුවන් හින්දා ඔන්න පල්ලෙහායින් පොටෝ එකකුත් දැම්මා... බලන්නකෝ එහෙනම් මේ ව්‍යාංජනේ හදන විදිහ.

අවශ්‍ය දේවල්:
ව්‍යාංජනය සඳහා අවශ්‍ය දේවල්:

  • හොඳින් ඉදුනු ලොකු ලෙමන් ගෙඩි 1
  • බැදපු තුනපහ කුඩු තේ හැදි ½ - 1ක් පමණ
  • බැදපු මිරිස් කුඩු තේ හැදි ½ - 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • කහ කුඩු ස්වල්පයක්
  • පෙරුම්කායම් කුඩු ස්වල්පයක් (තිබෙනවා නම් පමණක්)
  • ලුණු (රස අනුව)
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • කරාබු නැටි 1 - 2ක්
  • තලා ගත් කරඳමුංගු 2 - 3ක්
  • සූදුරු ඇට තේ හැදි ¼ - ½ ක් පමණ
  • රම්පේ
  • කරපිංචා
  • චොප් කර ගත් ඉඟුරු තේ හැදි 1ක් පමණ
  • චොප් කර ගත් සුදුලූණු බික් 3 - 4ක්
  • සීනි (රස අනුව)
  • හීනියට කපා ගත් අමු මිරිස් කරල් 1 - 2ක්
  • සිහින්ව ලියා ගත් තරමක රට ලූණු ගෙඩි 1ක්
  • පොල්තෙල් මේස හැදි 2 - 3ක්

තෙම්පරාදුව සඳහා අවශ්‍ය දේවල්:
  • චොප් කර ගත් රතු ලූණු ගෙඩි 3 - 4ක්
  • අබ ඇට තේ හැදි ¼ - ½ ක් පමණ
  • කඩා ගත් වියළි මිරිස් කරල් 2 - 3ක්
  • පොල්තෙල් මේස හැදි 1 ½ ක් පමණ

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම ලෙමන් ගෙඩිය හොදට සෝදලා ලෙල්ල පිටින්ම පොඩි කෑලි වලට කපලා ඇට අයින් කර ගන්න. (නොතේරෙනවා නම් පහළ ෆොටෝ බලන්න.)
  • පස්සේ ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටික දා ගෙන සාමාන්‍ය ගින්දරේ රත් වෙන්න තියා ගන්න.
  • තෙල් රත් වුණාට පස්සේ ඒකට රම්පේ, කරපිංචා, සූදුරු, කුරුඳු පොතු, කරාබු නැටි, කරඳමුංගු දාලා ටිකක් බැදෙන්න අරින්න.
  • ඊට පස්සේ ඒකටම ඉඟුරු ටිකයි, සුදුලූණු ටිකයි, රට ලූණු ටිකයි, අමු මිරිස් ටිකයි එකතු කරලා ටිකක් තෙම්පරාදු කර ගන්න.
  • දැන් ඒකටම ලෙමන් කෑලියි, කහ කුඩුයි, බැදපු තුනපහ කුඩුයි, බැදපු මිරිස් කුඩුයි, පෙරුම්කායම් කුඩුයි, රස අනුව ගම්මිරිස් කුඩුයි, ලුණුයි දා ගෙන හොදට කලවම් කරලා ලෙමන් ටික විනාඩි 15 - 20ක් විතර මද ගින්නේ පියනකින් වහ ගෙන තැම්බෙන්න අරින්න. (අවශ්‍ය නම් වතුර පොඩ්ඩක් එකතු කරන්න. ඒ වගේම සැරින් සැරේ හැදි ගාන්න මතක ඇතුව.)
  • ලෙමන් ටික තැම්බුනාට පස්සේ ඒකට රස අනුව සීනී එකතු කරලා හොදට හොද්ද උකු වෙනකන් බස්ස ගෙන ලිපෙන් බාන්න.
  • ඊළඟට පොඩි තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දා ගෙන තෙල් රත් වුණාට පස්සේ අබ දාලා පුපුරනකන් බැදෙන්න දෙන්න.
  • දැන් ඒකටම චොප් කරපු රතු ලූණුයි, වියළි මිරිස් කෑලියි දාලා රන්වන් දුඹුරු පාටට තෙම්පරාදු වුණාට පස්සේ ලිපෙන් බාලා කලින් හදා ගත්ත ලෙමන් ව්‍යාංජනයට එකතු කරන්න.

වැදගත්:
  • මෙහෙම හදපු ලෙමන් ව්‍යාංජනය දවස් 2 - 3ක් ශිතකරණයේ තියලා කල් තියා ගන්න පුළුවන්.
  • මේ විදියටම දෙහි වුණත් හදා ගන්න පුළුවන්.
  • කැමති නම් මේකට උම්බලකඩ කැලි ටිකක් එකතු කරන්න පුළුවන්. (තවත් රසයී.)
  • ඒ වගේම කැමති නම් පොල් කිරි (මිටි කිරී) පොඩ්ඩක් (අඬු කෝප්ප ½ කට අඩුවෙන්) අන්තිමට එකතු කරලා හොද්ද හොදට බස්ස ගෙන වුණත් හදා ගන්න පුළුවන්. (හැබැති මෙහෙම හදලා කල් තියා ගන්න බැහැ.)
  • මේ ව්‍යාංජනය හදන්න මැටි ඇතිලියක් එක්ක ලී හැන්දක් පාවිච්චි කරන්න පුළුවන් නම් වැඩිය හොදයි.

පොටෝ ටිකත් බලන්නකෝ එහෙනම්...
මේ තියෙන්නෙ ලෙමන්.

මුලින්ම ලෙමන් ටික කපාගන්න ඕනෙ.

ලෙමන් ටික මේ වගේ කෑලි වලට කපලා ඇට අයින් කරගන්න.

මේ හදන ගමන්.

 මේ තියෙන්නෙ අන්තිමට හඳලා ඉවර වුනහම අපේ ලෙමන් ව්‍යාංජනය. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ. හැමදාම එකම ව්‍යාංජන ටික හඳන්නේ නැතුව, ලෙමන් හොයාගන්න පුලුවන් වුන වෙලාවක ඔන්න අපේ ඉවුම් පිහුම් නෝනලා ටික මහත්තයවත් අල්ලගෙන මේ ව්‍යාංජනේ හඳන එකයි ඇත්තෙ... :)















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක් (ඇත්තටම අනුවර්තනයක් කිව්වොත් තමයි ගොඩක්ම හරි). මුල් ලිපිය ලබාගත්තේ sadhanakitchen.blogspot.com බ්ලොග් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment