About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Microwave Brownies - මයික්‍රොවේව් එකේ හදපු බ්‍රව්නීස්..

කවුද කන්න අකමැති බ්‍රව්නීස් නම් නේද? ඉතින් දැන් මේ කියලා දෙන්න හදන්නේ අපි හැමෝම කන්න කැමති බ්‍රව්නී…
Microwave Brownies - මයික්‍රොවේව් එකේ හදපු බ්‍රව්නීස්..
කවුද කන්න අකමැති බ්‍රව්නීස් නම් නේද? ඉතින් දැන් මේ කියලා දෙන්න හදන්නේ අපි හැමෝම කන්න කැමති බ්‍රව්නීස් මයික්‍රොවේව් එකෙන් ඉක්මනටම හදාගන්නේ කොහොමද කියලා.. හදන්න විනාඩි 20ක් වත් යන්නෙ නැති හින්දා ඔන්න තේ බොන වෙලාවට එහෙම හදාගන්න කියාපු කෑමක්!

අවශ්‍ය දේවල්:
  • බටර් මේස හැඳි 2
  • සීනි මේස හැඳි 2
  • දුඹුරු සීනි මේස හැඳි 1
  • වැනිලා තේ හැඳි 1/4
  • ලුණු පින්ච් එකක්
  • බිත්තර කහ මද 1
  • පිටි මේස හැඳි 4
  • කොකෝවා පව්ඩර් මේස හැන්දයි
  • කුඩාවට කපාගත් කුකින් චොකලට් මේස හැඳි 2

සාදාගන්නා ආකාරය:

  • බටර් ටික බඳුනක දමා දිය කරගන්න. එයට සීනි, ලුණු සහ වැනිලා එක් කර කලවම් කරගන්න. එයටම බිත්තර කහ මදය එක් කරගන්න. පිටි සහ කොකෝවා පව්ඩර්ද එක් කර හොඳින් කලවම් කරගන්න.
  • අවසානයට කුකින් චොකලට් ටික එක් කරගන්න.
  • මයික්‍රොවේව් සේෆ් මග් එකක දමා මයික්‍රොවේව් උඳුනක තප්පර 45ක් පිසගන්න. ඔච්චරයි!
  • අන්තිමට එලියට ඇරගෙන කෑලි කපන්න තමයි තියෙන්නෙ.

 අන්තිමට හදාගත්ත බ්‍රව්නීස් ටික මේ වගේ තියෙයි. ඊට පස්සෙ ඉතින් තේ වෙලාව වෙනකොට බ්‍රව්නීස් වලින් කෑල්ලක් හරි ඉතුරු වෙලා තිබුනොත් අනිත් කට්ටියට පිළිගන්වන්න තමයි තියෙන්නෙ. ඔන්න ඔහෙ අන්තිම කෑල්ලත් කාලා දාලා තේ බොන වෙලවට කට්ටියට බිස්කට් දෙනවා නෙහ්. හී හී...













මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය උපුටා ගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment