About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Chip Cookies - චොකලට් කෑලි දාපු බිස්කට් හදන්නේ මෙහෙමයි

ඔන්න දැන් යන්නෙ රසම රස කුකීස් වර්ගයක්, එහෙමත් නැත්නම් අපිට තේරෙන විදිහට කියනවානම් "රසම රස බිස්…
Chocolate Chip Cookies - චොකලට් කෑලි දාපු බිස්කට් හදන්නේ මෙහෙමයි
ඔන්න දැන් යන්නෙ රසම රස කුකීස් වර්ගයක්, එහෙමත් නැත්නම් අපිට තේරෙන විදිහට කියනවානම් "රසම රස බිස්කට්" වර්ගයක් හදාගන්න විදිහ කියලා දෙන්න. නිකන්ම නිකන් බිස්කට් වර්ගයක් එහෙම නෙමේ. චොකලට් කෑලි දාපු රසම රස බිස්කට් වර්ගක්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා...

අවශ්‍ය දේවල්:
  • බටර් මේස හැදි 8 (ලුණු තියෙන එකම ගන්න)
  • සුදු සීනි කෝප්ප ½ක්
  • දුඹුරු සීනි කෝප්ප ¼ක්
  • වැනිලා තේ හැදි 1ක්
  • බිත්තර 1ක්
  • පිටි කෝප්ප 1½ක්
  • බේකින් සෝඩා තේ හැදි ½ක්
  • ලුණු තේ හැදි ¼ක් (ඔයාලට දැනෙන රස අනුව දාගන්න බලන්න)
  • චොකලට් චිප්ස් කෝප්ප ¾ක් (Semi-sweet Chocolate Chips)- තව ඕනෙ නම් ඔයාලට පොඩි පොඩි චොකලට් කෑලිත් දාගන්න පුලුවන්.

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක රත් වෙන්න දා ගන්න. 350°F (175 °C) අවන් එක රත් කර ගන්න ඕනෙ.
  • ඊට පස්සෙ බටර් ටික දිය කර ගන්න ඕනෙ. Microwave අවන් එකක් තියෙනවනම් ඒකට බටර් ටික දාලා තත්පර 40ක් විතර තිබ්බනම් ගානට දිය වෙනවා. හරි කොහොම හරි කමක්නෑ ඔයාලා බටර් දිය කර ගත්තට පස්සෙ නිවෙන්න තියන්න. අපිට මේක හදන්න ඕනෙ සම්පූර්ණයෙනම් දිය වෙච්ච හැබැයි රස්නෙ නැති බටර්.
  • ඊට පස්සෙ බීටර් එකකින්, බටරුයි සීනියි එකට දාලා ක්‍රීම් එකක් වෙනකන් බීට් කරගන්න ඕනෙ. ඊට පස්සෙ ඒකටම වැනිලයි, බිත්තරයයි දාගෙන හෙමීට (Low Speed- මද වේගෙකින්) බීට් කරගන්න තත්පර 10ක්-15ක් වගේ. (ගොඩාක් වෙලා බීට් කරොත් මේ බිස්කට් ගොඩක් හයිය වෙන්න පුලුවන්)
  • දැන් පිටියි, බේකින් සෝඩයි, ලුණුයි දාගන්න ඒකටම. දාලා හොදට කලවම් කරගන්න මිශ්‍රණය කෑලි කැඩෙන ගානට වගේ එනකන්. කෑලි කැඩෙන මට්ටමේ තිබ්බට කමක් නෑ, ඊට පස්සෙ අත් දෙකෙන් මේ මිශ්‍රණය ලොකු පිටි ගුලියක් විදිහට හදාගන්න. මේ වෙනකොට මේ පිටි ගුලිය ගොඩක් තෙතත් නෑ, ගොඩක් වියලිත් නෑති තත්වෙ තමයි තියෙන්නෙ. මේකටම අර චොකලට් චිප්ස් ටිකත් දාගෙන අනාගන්න.
  • දැන් මේ ලොකු පිටි ගුලියෙන් පොඩි පිටි බෝල 12ක් විතර හදාගන්න පුලුවන් වෙයි ඔයාලට. එහෙම හදාගත්ත බෝල ටික තුනී කරගන්නෙ නැතුවම බේකින් ට්‍රේ එකක තියලා අවන් එකට දාලා විනාඩි 9-11 වගේ බේක් කරගන්න බිස්කට් ටික ටිකක් පිම්බිලා, තෙත ගතිය ගිහිල්ලා, ලාම ලා රන්වන් පාට වගේ වෙනකන්. හරියටම වෙලාවක් කියන්න බෑ. චුට්ටක් අවදානයෙන් ඉන්න වෙනවා ඔයාලට. හැබැයි ගොඩක් වෙලා බේක් කරගන්න එපා. එහෙම උනොත් බිස්කට් වල මෘදු ගතිය නැතිවෙලා ගල් වගේ හයි වෙන්න පුලුවන්.
  • ඊට පස්සෙ එලියට ඇරන් නිවෙන්න තියන්න ඕනෙ විනාඩි 30ක් විතර. මේ වෙලාවෙදි මේවගෙන් එන ඉවසන් ඉන්නම අමාරු සුවඳ හින්දම බිස්කට් 3ක් 4ක් අතුරුදහන් උනාට කමක් නෑ ඉතින්. ඉතුරු ටික හරි නිවෙන්න තියන්න ඕනෙ ඕන්. නිවුනහම චුට්ටක් විතර හයිවෙලා තියෙයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ ඕන්...

වැදගත්:
  • හුලන නොවදින විදිහට ඇසුරුම් කරලා තියගන්න පුලුවන් නම් මේ බිස්කට් දවස් කීපයක්ම හොදට තියාගන්න පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ චොකලට් චිප්ස් (Semi-sweet Chocolate Chips). ඔයාලට මේවා සුපර් මාකට් වලින් ගන්න පුලුවන්.

 අනාගත්ත පිටි ගුලිය මේ වගේ තියෙයි. බලන්නකෝ පිටි වල පෙනුම. මේක තමයි පිටි වල පදම. පිටි ගුලිය ගොඩක් තෙතත් නෑ, ගොඩක් වියලිත් නෑ.

 මේ තියෙන්නෙ බේක් කරගත්තට පස්සෙ. බේක් වෙලා නෑ වගේ පෙනුනත් හරි ගානට බේක් කරපුවහම බිස්කට් වල පෙනුම මෙහෙමයි. බිස්කට් ටික නිවෙන්න තියලයි මේ තියෙන්නෙ.

 මේ තීයෙන්නෙ නිවුනට ප්ස්සෙ අන්තිමට අපි හදපු බිස්කට් එකක්. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ ඕන්. හැබැයි ඉතින් නිවෙනකන් ඉතුරු වෙලා තිබුනොත් තමයි කන්න වෙන්නෙ.

බිස්කට වල අවුලක් අවානම් මේ පොටෝ එක බලන්නකෝ.. එතකොට ඔයාට තේරෙයි අවුල මොකක්ද කියලා..















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ pinchofyum.com වෙබ් අඩවියෙන්. ඔයාලට තේරුනේ නැති මොනවා හරි තියේනම් මේ යූ-ටියුබ් වීඩියෝ එකත් බලන්න. (https://www.youtube.com/watch?v=-bCmuE3KxWI)
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment