About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Avocado Pudding - චොකලට් අලිගැටපේර පුඩිමක් හදමු.

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඉක්මනට ලේසියෙන් හදාගන්න පුලුවන් චොකලට් අලිගැටපේර පුඩිමක් හදාගන්න විදිහ.…
Chocolate Avocado Pudding - චොකලට් අලිගැටපේර පුඩිමක් හදමු.
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඉක්මනට ලේසියෙන් හදාගන්න පුලුවන් චොකලට් අලිගැටපේර පුඩිමක් හදාගන්න විදිහ. මේ පුඩිම ගොඩක් රසයි වගේම ඔයාලට ඔයාලට මේ පුඩිම හදාගන්නකොට කරන්න කියලා මහා ලොකු වැඩකුත් නෑ. බලන්නකෝ එහෙනම් මේ පුඩිම හදන විදිහ...

අවශ්‍ය දේවල්:
  • අලිගැටපේර ගෙඩි 2ක මද (පොඩියට කපාගන්න)
  • කොකෝවා පව්ඩර් කප් 1/2
  • වැනිලා තේ හැඳි 2
  • දුඹුරු සීනි කප් 1/2
  • කුරුඳු කුඩු පින්ච් එකක් (පින්චක්)
  • පොල් කිරි කප් 1/3 (උකු පොල් කිරි හරි පොල් ක්‍රීම් හරි)

සාදාගන්නා ආකාරය:
  • මේක හදන්න හරිම ලේසියි කියලා ඔයාලට කලින් කිව්වනේ. කරන්න තියෙන එකම දේ උඩ අවශ්‍ය දේවල් වල සඳහන් කරලා තියෙන ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න එක.
  • ඊට පස්සෙ ෆ්‍රිජ් එකේ පැයක් විතර තියන්න ඕනෙ. (කප් වලට දාගෙනම ෆ්‍රිජ් එකේ තියන්න.)
  • අන්තිමට පිළිගනවනකොට පොඩ්ඩක් සරසාගෙන පිළිගන්වන්නත් අමතක කරන්න එපා.

පොටෝ ටිකත් බලන්නකෝ..
 ඔයාලට හදනකොට කරන්න තියෙන එකම වැඩේ හදන්න ගන්න දේවල් ටික දාලා බ්ලෙන්ඩ කරගන්න එක කිව්වානේ. ඉතින් මේකට ඔයාලා ලග තියෙන ෆුඩ් ප්‍රොසෙසර් එක උනත් පාවිච්චි කරන්න පුලුවන්.

 කෑලි හිටින් නැති වෙන්න බ්ලෙන්ඩ් කරගන්න ඕනෙ. බ්ලෙන්ඩ කරගත්තහම මෙහෙම තියෙයි.

 මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත පුඩින් එක අන්තිමට. මේකනම් පොඩ්ඩක් සරසාගෙන තියෙන්නෙ උඩින් කපාගත්ත චොකලට් කෑලි ටිකකුත් දාලා.

 ඉතින් හැදුවට පස්සෙ අන්තිමට පිළිගනවනකොට තව පොඩ්ඩක් සරසාගෙන පිළිගන්වන්නත් අමතක කරන්න එපා. මොකද කොච්චර රසවත් කෑමක් උනත් කෙනෙක්ට කන්න හිතෙන්න නම්, ඒ කෑමෙ රසය වගේම පෙනුමත් තියෙන්නෙ එපායැ.











wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment