About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bread Crust Pudding - පාන් වාටි පුඩිම

අපිට රාසවල්ලි අල වලින් කැඳ හදන විදිහ කියලා දුන්නු අපේ ඉමාශා මලිති මිතුරිය ඔන්න දැන් අපිට කියලා දෙන්…
Bread Crust Pudding - පාන් වාටි පුඩිම
අපිට රාසවල්ලි අල වලින් කැඳ හදන විදිහ කියලා දුන්නු අපේ ඉමාශා මලිති මිතුරිය ඔන්න දැන් අපිට කියලා දෙන්න යන්නෙ පාන් වාටි වලින් පුඩිමක් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගෙ වචන වලින්ම මේ පුඩිම හදන්නේ කොහොමද කියලා.. දැන් කෙළ ගිල්ලට වැඩක් නැතිලුනෙ. කාලා ඉවරයිලු!
"..මම මේ පුඩිම හදන්න කලින් සැන්ඩ්විච් හැදුවා. සැන්ඩ්විච් හදනකොට අයින් කල පාන් වාටි වලින් පුඩිමකුත් හැදුවා. මේ තියෙන්නෙ ඒ හදපු පුඩිම. මම මේක හදලා තියෙන්නේ පාන් පෙති 30ක විතර වාටි වලින්. ඔයාලට ඕනි විදියට අඩු වැඩි කරගන්න..."

අවශ්‍ය දේවල්:
  • පාන් වාටි
  • කිරි (ප්‍රමාණය මැන්නේ නෑ, මම ගත්තේ පිටි කිරි)
  • බිත්තර 5
  • වැනිලා
  • රස අනුව සීනි
  • කුරුඳු කුඩු, එනසාල්, සාදික්කා කුඩු.

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පාන් වාටි වලට කිරි ටිකක් දාලා පැය 1/2ක් විතර පෙඟෙන්න තියන්න.
  • සීනි ටිකක් කැරමල් කරලා පුඩිම හදාගන්න භාජනයට දාලා පැත්තකින් තියන්න (භාජනයෙ ඇතුලෙ බටර් ටිකකුත් ගාගන්න, එතකොට පුඩිම හරවගන්න ලේසියි. මොකද අපි පුඩිම හදලා ඉවර වුනහම පුඩිම භාජනයෙන් ඉවත් කරලා පුඩිම අනිත් පැත්ත හරවලනෙ පිළිගන්වන්නේ).
  • පොඟවා ගත් පාන් වාටි, බිත්තර, සීනි හා අ⁣නිත් ද්‍රව්‍ය ටික එකට දාලා කිරි ටික ටික දාලා බ්ලෙන්ඩර්  කරගන්න ඕනෙ දැන්. (කේක් මිශ්‍රණයට වඩා ටිකක් වැඩියෙන් දියාරැ ⁣වෙන විදියට).
  • දැන් භාජනයට දාපු කැරමල් තට්ටුව උඩින් මෙම මිශ්‍රණය දමා අවන් එකෙන් හෝ ජල වාශ්පයෙන් තම්බාගෙන (Steam කරගෙන) පුඩිම අනිත් පැත්ත හරවගන්න. මම කුරුඳු කුඩු ටිකක් උඩින් දැම්මා ආයෙත්.

 මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත පුඩිම.

 දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ. දැන් කන්න තමයි තියෙන්නෙ කියලා කිව්වට හදපු භාජන ටිකවත් දැන්නම් හොයාගන්න වෙන්නෙ නෑ ඕන්.














ලිපිය ලිව්වේ ඉමාශා මලිති මිතුරිය. අපේ මිතුරියට බොහොම ස්තූතියි නේද අපිට මේ වගේ පාන් වාටි වලින් රසම රස පුඩිමක් හදාගන්න විදිහ කියලා දුන්නට නේද? බොහොම ස්තූතියි මලිති!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment