About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Amla - පැණි දැමූ නෙල්ලි

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පැණි දාපු නෙල්ලි හදාගන්නේ කොහොමද කියලා. දැකපුවහම ඉබේම කෙළ ගිලෙන පෙනුමක්…
Amla - පැණි දැමූ නෙල්ලි
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පැණි දාපු නෙල්ලි හදාගන්නේ කොහොමද කියලා. දැකපුවහම ඉබේම කෙළ ගිලෙන පෙනුමක් තමයි තියෙන්නෙ මේවට ඕන්. හරිම ලේසියි හදන්න. අපි මෙක හදන්න ගොඩක් වෙලාවට ගන්නෙ බේත් නෙල්ලි නෙමේ. ඒත් ඒවගෙනුත් හදන්න නම් පුලුවන් වෙයි. අපි මේ ගන්න නෙල්ලි වලට සමහර අය රට බිලිං එහෙමත් නැත්නම රට නෙල්ලි කියලත් කියනවා. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • නෙල්ලි ගෙඩි 20ක් 30ක්
  • වතුර
  • සීනී

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කරන්න තියෙන්නෙ නෙල්ලි ගෙඩි ටික ඇරගෙන හොදට හෝදන එක.
  • හේදුවට පස්සෙ භාජනයකට දාලා වතුර ටිකක් දලා නෙල්ලි ටික හොදට තම්බගන්න.
  • නෙල්ලි තැම්බුනාට පස්සෙ භාජනයෙ වතුර ටික ඉවත් කරගන්න ඕනෙ. (බේත් නෙල්ලි නම් පාවිච්චි කරේ, ඔයාලට වතුර ටික බොන්න පුලුවන්. බේත් නෙල්ලි වල වතුර බෙහෙතක්නෙ.)
  • දැන් ඔන්න පුලුවන් නම් නෙල්ලි ගෙඩි ගෑරුප්පුවකින් හරි මොකකින් හරි ටිකක් සිදුරු කරන්න පුලුවන් නම් හොදයි.
  • ඊට පස්සෙ කලින් භාජනයෙම හරි, නැත්නම් වෙන භාජනයකට හරි ආපහු නෙල්ලි ටික දාගෙන ඒකටම සීනී අවශ්‍ය ගානට දාගෙන ලිපේ තියාගෙන හොදට කලවම් කරන්න.
  • සීනි ටික දිය වෙලා සීනි වලින් නෙල්ලි ටික ටිකක් තැම්බුනහම හරි. ඔච්චරයි! ඊට පස්සෙ කන්න තමයි තියෙන්නෙ.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ මුලින්ම වතුරෙන් තම්බගන්නකොට.

 මේ තියෙන්නෙ සීනි කලවම් කරලා.

 මේ තියෙන්නෙ අන්තිමට හදාගත්ත පැණි නෙල්ලි  ටික. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.











 
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment