About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Water Lily Stems - මානෙල් මල් නැටි ව්‍යංජනය

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ගමේ කෑමක් හදන විදිහ. මානෙල් මල් වල නැටි වලින් ව්‍යංජනයක් හදන විදිහ තමයි…
Water Lily Stems - මානෙල් මල් නැටි ව්‍යංජනය
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ගමේ කෑමක් හදන විදිහ. මානෙල් මල් වල නැටි වලින් ව්‍යංජනයක් හදන විදිහ තමයි දැන් කියලා දෙන්න යන්නෙ. අහලා වත් නැද්ද නැද්ද මානෙල් මල් නැටි වලින් හදන ව්‍යංජනයක් ගැන? හැබැයි අපේ රටේ සුපිරි හොටෙල් වලන මේවා නිතරම හැදෙන කෑමලුනෙ. විදේශිකයෝ ඉලක්ක කරගෙනම තමයි එයාලා මේ වගේ කෑම හදන්නෙ. ඔය වගේ හොටෙල් වල උත්සව වලට ගේන මානෙල් මල් වල නැටිටික නතර වෙන්නෙ රසම රස ව්‍යංජනයක් හැදිලා කියනවනෙ. ඉතින් මේ කියලා දෙන්න යන්නෙ ඔය කියන රසම රස මානෙල් මල් නැටි ව්‍යංජනය හදාගන්නේ කොහොමද කියලා..
 
අවශ්‍ය දේවල්:
  • මානෙල් මල්වල නැටි කිහිපයක්.(මල් 10 ක – 15 ක විතර නැටි ගත්තොත් 4 දෙනෙකුට කන්න ඇතිවෙයි )
  • ලොකු, ලොකු ළුනු ගෙඩියක්
  • සුදු ළුනු බික් 5 ක්
  • ලොකුවට කැබලි කරගත් උම්බලකඩ තේ හැඳි 2 ක් ( මේ වෙනුවට කූනිස්සෝ ගන්නත් පුළුවන් )
  • රම්පෙ කැබැල්ලක්
  • ලුණු ටිකක්
  • ගොරකා කැබැල්ලක්
  • තෙල් ස්වල්පයක්
  • පොල් කිරි මිටක්
  • කැබලි මිරිස්
  • අමු තුනපහ කුඩු

සාදාගන්නා ආකාරය:
  • ඉස්සෙල්ල මානෙල් නැටි ටික මද උණුසුම් ලුණු වතුරේ ටිකක් වෙලා තියෙන්න හරින්න. කහට රහ නැතිවෙන්න වගේම මේ මානෙල් නැටි හොඳින් පිරිසිදු වෙන්නත් ඒක වැදගත්. ඊට පස්සේ මේ මානෙල් නැටි ටික සිහින් ව කපාගන්න ඕන.
  • ළුනු ගෙඩියත් සුදු ළුනුත් තරමක සිහින් වෙන්න ලියාගන්න.
  • දැන් තෙල් ටික රත් කරන්න.
  • ඉස්සෙල්ල සුදු ළුණුත් ලොකු ළුනුත් මේ තෙලට දාලා, ටිකක් බැදෙන්න හරින්න. දැන් මානෙල් නැටි ටික එකතු කරගන්න.
  • ලුණු ටිකකුත්, කැබලි මිරිසුත්, තුනපහත්, රම්පෙ, ගොරක වගේම උම්බලකඩ ටිකත් එකතු කරලා, පියනකින් වහල මද ගින්නේ තැම්බෙන්න හරින්න.
  • හොඳින් තම්බ්බුනායින් පස්සේ පොල් කිරි මිට එකතු කරලා හැඳි ගාල ඉදුණු පසු ලිපෙන් බාගන්න.
  • මේක බත්වලට වගේම ඉඳි ආප්ප වලටත් කියාපු ව්‍යංජනයක්.

 මානෙල් මල් නැටි හොයාගන්න පුලුවන් වුන වෙලාවක හදලා බලන්නකෝ එහෙනම් මේ ව්‍යාංජනේ..










මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ goodhousekeeping.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment