අවශ්‍ය දේවල්:
- බීට්රූට් ග්‍රෑම් 250 (රතු අල)
- පොල්තෙල් මේස හැන්දක්
- අඟල් දෙකක කුරුඳු පොතු කැබැල්ලක්
- රම්පා කැබලි දෙකක්
- සුදු ලූණු දෙකක්
- කරපිංචා කිනිති 1ක්
- සිහින්ව කපාගත් ලූණු ගෙඩි බාගයක්
- අමුමිරිස් කරල් 1ක්
- කහකුඩු තේ හැඳි 1/2ක්
- අමුතුනපහ තේ හැඳි 1ක්
- පොල් කිරි කෝප්ප 1ක්
- වතුර කෝප්ප 1/2ක්
- ලුණු රස පදමට
සාදාගන්නා ආකාරය:
- මුලින්ම රතු අල හොඳින් සෝදා ගන්න.
- දැන් රතු අල වල පොත්ත ඉවත්කර කුඩා කැබලි වලට කපා ගන්න.
- දැන් කපා ගත් රතු අල භාජනයකට දමා එයට ලූණු, සුදු ලූණු, රම්පා, කරපිංචා, අමුතුනපහ, කහකුඩු, කුරුඳු පොතු සහ ලුණු රස පදමට දමා වතුර එකතු කර ලිප මත තබා ගන්න.
- වතුර හිඳුන පසු පොල් තෙල් දමා එය තෙම්පරාදු කරගන්න.
- දැන් පොල්කිරි දමා හැඳිගා විනාඩි 5ක් පමණ උතුරවා ගන්න. ඔච්චරයි! හඳලා ඉවරයි!
වැදගත්:
- රතු අල (බීට් රූට්) කරස් ගාලා කැපෙන සද්දයෙන් අපිට දැනගන්න පුලුවන් බීට් රූට් අලුත් ඒවද පරණ ඒවද කියලා.
පොටෝ ටිකත් බලන්නකෝ..
මේ බීට් රූට් වල පොත්ත ඉවත් කරගත්තට පස්සෙ.
මේ හදාගෙන යනකොට එක එක අවස්ථා.
ඉතින් ඔය ඔක්කොම දේවල් කරලා කියලා හදාගත්ත රසම රස රතු අල ව්‍යාංජනය තමයි මේ තියෙන්නෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබා ගත්තේ freshfood.lk වෙබ් අඩවියෙන්. ඔයාලට මොනව හරි තේරෙන්නේ නැත්නම් මේ යූ-ටියුබ් වීඩියෝ එකත් බලන්නකෝ.. (https://www.youtube.com/watch?v=v9PRyY_7nLA)