බ්‍රව්නීස් කාලා තියෙනවා නේද? හා කාලා නැති උනත් කමක් නෑ. බ්‍රව්නීස් කියන්නෙ රසම රස, චොකලට් වලින් හදපු, කෑමකට කියලා හිතා ගන්නකෝ.. මේවා කොටු කපලා තමයි තියෙන්නෙ. ඒ වගේම චොකලට් මිශ්‍ර කරලා තමයි හදන්නෙ. ඉතින් මේ කියලා දෙන්න යන්නෙ බ්‍රව්නීස් හදාගන්න පුලුවන් විදිහක් ගැන. මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ බ්‍රව්නීස් හදන විදිහ කියලා දීලා තියෙනවනේ. මේ කියලා දෙන්න යන්නෙ මාරි බිස්කට් පාවිච්චි කරලා රසම රස බ්‍රව්නීස් හදාගන්නේ කොහොමද කියලා..
- මිල්ක්මේඩ් 200g
- මාරි බිස්කට් 20ක් 25ක්
- චොකලට් පව්ඩර් මේස හැඳි 2 1/2
- අයිසින් සීනි මේස හැඳි 1
- රෝස්ට් කර පොඩියට කඩාගත් කජු කප් 1/4
සාදාගන්නා ආකාරය:
- බිස්කට් ටික ගොඩක් කුඩාවට කඩා බෝල් එකකට දමා ගන්න.
- එයට චොකලට් පව්ඩර්, සීනි, කජු එක් කර මිශ්‍ර කර මිල්ක්මේඩ් ටිකත් දමා හොඳින් මිශ්‍ර කරන්න.
- බටර් ගාගත් තැටියකට මිශ්‍රණය දමා අතින් හෝ පැතලි හැන්දකින් හොඳින් තද කරගන්න.
- රැයක් ශීතකරණයේ තබා කොටු කපා පිළිගන්වන්න.
මේ තියෙන්නෙ ඔය විදිහට මාරි බිස්කට් වලින් හදපු බ්‍රව්නීස්! තේ වෙලාවට පිලිගන්වන්න තමයි තියෙන්නෙ දැන්. කෝකටත් කියලා දැන්ම සාක්කු ටික පුරෝ ගත්තොත් හොදයි නෙහ්?
මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබා ගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.