About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Japanese Sweet & Sour Teriyaki Sauce - ජැපනීස් ස්වීට් ඇන්ඩ් සවර් ටෙරියාකි සෝස්

මතකද අර කලින් දවසක කියලා දුන්නා ඉස්සො ටිකක් පිටි මිශ්‍රණයක දවටලා ඇරන් තෙලේ බැදලා හදන "ටෙම්පුරා…
Japanese Sweet & Sour Teriyaki Sauce - ජැපනීස් ස්වීට් ඇන්ඩ් සවර් ටෙරියාකි සෝස්
මතකද අර කලින් දවසක කියලා දුන්නා ඉස්සො ටිකක් පිටි මිශ්‍රණයක දවටලා ඇරන් තෙලේ බැදලා හදන "ටෙම්පුරා බැටර් ෆ්‍රයිඩ් ප්‍රෝන්ස්" කියලා කෑමක් ගැන? අන්න ඒ කෑම එක දැකපු අපේ රවිඳු කියලා මිතුරෙක් අපෙන් කියලා එවලා තිබුනා ඒවාත් එක්ක කන සෝස් එකත් හදන විදිහ කියලා දෙන්න කියලා. මේ කියලා දෙන්න යන්නෙ ඒ සෝස් එක හදන විදිහ. මේ සොස් එකට කියන්නෙ "ටෙරියාකි සෝස්" කියලා. මේක රසවත් වගේම, ටිකක් ඇඹුල් තිත්ත රසක් තියෙන සෝස් එකක් කියලා තමයි කියන්නෙ. ඒ වගේම මේ සෝස් එක ගැඹුරු තෙලේ බැදපු ඉස්සො, කුකුල් මස් වගේම මාළු එක්කත් හොදයි කියලා තමයි කියන්නෙ.
 
අවශ්‍ය දේවල්:
  • සුදු විනාකිරි (White Vinegar) හෝ රයිස් විනාකිරි (Rice Vinegar) 100ml
  • සකේ (Sake) 50ml
  • වතුර 100ml
  • ඩාක් සෝයා සෝස් (Dark Soya Sauce) 50ml - රස අනුව අඩු වැඩි කර ගන්න.
  • සීනි මේස හැදි 2 - 3ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ලුණු ස්වල්පයක් (රස අනුව)
  • කෝන් පිටි (Corn Flour - ඉරිඟු පිටි) තේ හැදි 2 - කැමති නම් පමණක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම කෝන් පිටි ටික වතුර එක්ක හොදට කලවම් කර ගෙන පැත්තකින් තියා ගන්න.
  • ඊට පස්සේ පෑන් 1ක් සාමාන්‍ය අඩු ගින්දරේ ලිපේ තියලා ඒකට සකේ ටිකයි, සෝයා සෝස් ටිකයි, සීනි ටිකයි, විනාකිරි ටිකයි දා ගෙන නටා ගෙන එනකන් රත් කරන්න ගන්න. (සැරින් සැරේ හැදි ගාන්න ඕනේ.)
  • දැන් රස අනුව ලුණු එකතු කරලා මිශ්‍රණය උතුරනකන් උයා ගන්න. (ලුණු බොහොම ස්වල්පයයි ඕන වෙන්නේ.)
  • ඊළඟට ලිපේ ගින්දර අඩු කරලා කලින් දිය කර ගත්තු කෝන් පිටි ටික එකතු කරන් මිශ්‍රණය උකු වෙනකන් දිගටම හැදි ගාන ගමන් උයා ගෙන ලිපෙන් බාන්න. (අන්තිමට නිවුනට පස්සේ රස බලන්න පුළුවන්.)

වැදගත්:
  • සකේ (Sake) කියන්නේ ජපන් මධ්‍යසාර වර්ගයක්, සකේ හොයා ගන්න නැත්තම් ඒ වෙනුවට ඒ ප්‍රමාණයෙන් තවත් වතුර ටිකක් එකතු කරන්න. (තියෙනවා නම් සකේ වෙනුවට වයිට් රම්- White Rum මේස හැදි 2 - 3ක් එකතු කර ගන්න පුළුවන්.)
  • කැමති නම් මේ සෝස් එකට හීනියට ලියා ගත්ත අඟල් 1 - 1 ½ ක විතර ඉඟුරු කෑල්ලක් ලිපේ තිය ගන්න කොට එකතු කරන් පුළුවන්. (ඕනේ නම් අන්තිමේ පෙරලා අයින් කර ගන්න පුළුවන්.)
  • ඒ වගේම කබලේ බැද ගත්ත තල ඇට (තේ හැදි 1ක් විතර), කෑලි මිරිස් (රස අනුව) එහෙමත් මේකට එකතු කරන්න පුළුවන්.
  • කෝන් පිටි එකතු කරන්නේ සෝස් මිශ්‍රණය උකු කර ගන්න, උකුවට අකමැති නම් එකතු කර ගන්නේ නැතුව ඉන්න පුළුවන්. (එතකොට වතුර ටිකත් ලිපේ තියා ගන්න ගමන්ම එකතු කරන්න.)

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ අපිට ඕන කරන දේවල්.

ඔන්න ඔක්කොම දේවල් එකතු කරන් ලිපේ තියා ගන්න හදන්නේ.

ඔන්න මිශ්‍රණය නැටුවට පස්සේ කෝන් පිටි මිශ්‍රණය එකතු කරනවා.

ඔන්න හදලා ඉවරයි.. දැන් ඉතින් නිවෙන්න තියා ගන්න ඕනේ. ඔච්චරයි!

ඔය ඔක්කොම දේවල් කරලා කියලා හදාගත්ත සෝස් එක තමයි මේ. දැන් ඉතින් බැදපු ඉස්සො, කුකුල් මස්, මාළු වගේ දෙයක් එක්ක කන්න තමයි තියෙන්නෙ.











මේ ලිපිය ලියන්න ගොඩක් ලිපි කියවලා තමයි කරුණු හොයා ගත්තේ. Justhungry.com වෙබ් අඩවියෙන් හා Justonecookbook.com වෙබ් අඩවියෙනුත් කරුණු ලබා ගත්තා..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment