About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kos Ata Guli - කොස් ඇට ගුලි

හදමුද කොස් ඇට වලින් කොස් ඇට ගුලි? සමහරු මේවට කොස් ඇට අග්ගලා කියලත් කියනවා. පිටරට ඉන්න අපේ ඉවුම් පිහ…
Kos Ata Guli - කොස් ඇට ගුලි
හදමුද කොස් ඇට වලින් කොස් ඇට ගුලි? සමහරු මේවට කොස් ඇට අග්ගලා කියලත් කියනවා. පිටරට ඉන්න අපේ ඉවුම් පිහුම් යාලුවොන්ට නම් ලංකාවට ඇවිල්ලා ගමේ ගියපු වෙලාවක තමයි හදන්න වෙන්නෙ. නැත්නම් සුපර් මාකට් එකක් පැත්තෙ රවුමක් දෙකක් ගැහුවොත් ලංකාවෙන්ම එවපුවා හොයාගන්න බැරි වෙන එකකුත් නෑ. අපේ ගෙදරනම් කොස් ඇට ඕනෙ තරම්. කොස් වාරෙට අපේ අම්මයි, ආච්චි අම්මායි වැලි කොස් ඇට දාන නිසා තමයි ඒ. කොස් ඇට වලින් අපේ ගම්වල අය එක එක කෑම හදනවානේ; කොස් ඇට පුලුස්සල කනවා, තම්බලා පොල් එක්ක කනවා, කළු පොල් මාළු හදනවා වගේ එක එක විදිහට කොස් ඇට වලින් ගොඩක් කෑම වර්ග හදනවා. කොස් ඇට ගුලි කියන්නෙත් ඒ වගේ කෑමක්.

අවශ්‍ය දේවල්:
  • කොස් ඇට 20 - 30ක් පමණ
  • ගා ගත් පොල් කප් 1 - 1 ½ ක් පමණ
  • ලුණු (රස අනුව)
  • සීනි මේස හැදි 2 - 3ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • වතුර (අවශ්‍ය පරිදි)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම කොස් ඇට ටික හොදට සෝද ගන්න ඕන. (පොතු අරින්න එපා.)
  • පස්සේ සාමාන්‍ය අඩු ගින්දරේ භාජනයක් ලිපේ තියලා ඒකට කොස් ඇට ටික දා ගෙන දුඹුරු පාට වෙනකන් හොදට කබලේ බැද ගන්න. (හැමවෙලේම කොස් ඇට කර නොවෙන්න හැන්දකින් කලවම් කර ගන්න. සාමාන්‍යයෙන් පැය ½ කට වඩා යාවි මේ විදියට කොස් ඇට කබලේ බැද ගන්න.)
  • දැන් කොස් ඇට ටික අතින් අල්ලන්න පුළුවන් ගානට නිවුනට පස්සේ පොතු ඇර ගන්න.
  • ඊට පස්සේ උණුවෙන්ම කොස් ඇට ටික පොඩි කෑලි හිටින විදියට කොටා ගන්න ඕනේ. (වං ගෙඩියකට දාලා කොටනවා නම් වැඩිය හොදයි, කොස් ඇට නිවෙන්න නිවෙන්න කෙටෙන ගතිය අඩු වෙනවා, ඒ වගේම අමාරු වෙනවා කොටන්න.)
  • ඊළඟට කොටා ගත්ත කොස් ඇට නිවුනට පස්සේ ඒකටම ගා ගත්ත පොලුයි, රස අනුව ලුණුයි, සීනියි එකතු කරන් මිශ්‍රණය එක ගුලියට එන ගානට වතුර ටිකකුත් දාලා අනා ගන්න. (ඕනවට වඩා වතුර දා ගන්න එපා.)
  • අන්තිමට අවශ්‍ය ප්‍රමාණය ගුලි හදා ගෙන රස බලන්න.

වැදගත්:
  • මෙහෙම කොස් ඇට කබලේ බැද ගෙන හදා ගන්න අමාරුයි වගේ නම් වතුර දාලා කොස් ඇට තම්බ ගෙන කොටලා ගන්න පුළුවන්, හැබැයි රස අඩුයි.
 
 මේ කොස් ඇට කබලේ බදින ගමන්.

 මේ තියෙන්නෙ ඔය විදිහට හදාගත්ත අපේ රසම රස කොස් ඇට ගුලි ටික. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ!











මේ ලිපිය සිංහලට කරපු පරිවර්තනයක්. ලිපිය පරිවර්තනය කරලා අපිට එව්වේ අපේ සෙව්මි උපේක්ෂා නංගි. මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ rasakama.com වෙබ් අඩවියෙන්. මුලි ලිපිය ලියලා තියෙන්නෙත් ලංකාවේ අපේ යාලුවෙක්මයි. දෙදෙනාටම බොහොම ස්තූතියි නේද?
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment