About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Pie - චොකලට් පයි

හදමුද රසම රස අතුරුපසක්? චොකලට් පයි එකක්! ඉතින් ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න හදන්නෙ කොහොමද මේ චොකලට් …
Chocolate Pie - චොකලට් පයි
හදමුද රසම රස අතුරුපසක්? චොකලට් පයි එකක්! ඉතින් ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න හදන්නෙ කොහොමද මේ චොකලට් පයි කියන අතුරුපස වාර්ගය හදන්නේ කියලා. හදන විදිහ කියලා දෙන්නම්, හැබැයි ලස්සනට සරසා ගන්න එක ඔයාලගේ අතේ ඕන්.

අවශ්‍ය දේවල්:
  • ඔරියෝ බිස්කට් (Oreo Biscuits) 25 (බැරි වෙලාවත් ඔරියෝ බිස්කට් හොයා ගන්න අමාරු වුණොත් චොකලට් බිස්කට් අර ගන්න පුළුවන්)
  • දිය කර ගත් බටර් (Melted Butter) මේස හැදි 5
  • නැවුම් කිරි (Fresh Milk) කප් 1
  • ජෙලටින් පවුඩර් (Gelatin Powder) තේ හැදි 3
  • සීනි කප් ½ (සීනි කප් ¼ බැගින් වෙන වෙනම ගන්න.)
  • බිත්තර කහමද 2
  • කැබලි වලට කඩා ගත් චොකලට් (Chocolate) 225g
  • වැනිලා (Vanilla) තේ හැදි 1
  • විපින් ක්‍රීම් (Whipping Cream) 100ml

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම ඔරියෝ බිස්කට් ටික ෆුඩ් ප්‍රොසෙසර් (Food Processor) එකකට හරි බ්ලෙන්ඩර් (Blender) එකකට හරි දා ගෙන කුඩු කර ගන්න.
  • පස්සේ ඒකටම දිය කරපු බටර් එකතු කරලා හොදට කලවම් කරන් පයි ටින් (Pie tin - පයි ටින් එකක් කියන්නෙ මොන වගේ එකක්ද කියලා දන්නෙ නැත්නම් පල්ලෙහා පොටෝ ටික බලන්නකෝ..) එකකට දා ගෙන අතින් තද කරන ගමන් එක සමාන ඝනකම හිටින විදියට පැතලි වෙන්න අතුර ගන්න.
  • ඊට පස්සේ කලින් 175°C / 350°F උෂ්ණත්වයට රත් කර ගත්ත අවන් එකක විනාඩි 7ක් පමණ පයි ක්‍රස්ට් (Pie crust- මේක තමයි අපේ චොකලට් පයි එකේ පැති වලිනුයි, යටිනුයි තියෙන ආවරණය. පල්ලෙහා පොටෝ ටික බලන්නකෝ.) එක බේක් කරලා අරන් සම්පූර්ණයෙන්ම නිවෙනකන් තියෙන්න අරින්න.
  • ඒ අතරතුරේ නැවුම් කිරි ටිකත් එක්ක ජෙලටින් පවුඩර් ටික භාජනයකට දා ගෙන විනාඩි 2 - 3ක් තියා ගන්න.
  • දැන් ඩබල් බොයිල් ක්‍රමයට ජෙලටින් ටික නැවුම් කිරි වල හොදට දිය කර ගන්න. (ඩබල් බොයිල් ගැන වැදගත් කියන කොටසේ විස්තර කරලා තියෙනවා.)
  • ජෙලටින් ටික සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ ඒකටම බිත්තර කහමදයි, සීනි කප් ¼ යි, චොකලට් ටිකයි දා ගෙන ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගෙන විනාඩි 2 - 3ක් නිවෙන්න තියන්න.
  • ඊළඟට ඒකටම වැනිලා ටිකත් එකතු කර ගෙන විනාඩි 45 - 60 ක් පමණ ශීතකරණයේ තියා ගන්න. (මිශ්‍රණය යන්තමින් මිදී ගෙන එන මට්ටමට සෙට් වෙනකන් තියෙන්න ඕනේ, ඕනවට වඩා ශීතකරණයේ තියන්න එපා.)
  • හදා ගත්තු චොකලට් මිශ්‍රණය ශීතකරණයේ තියෙන අතරේ විපින් ක්‍රීම් ටික අරන් ඉතුරු සීනි ටික දා ගෙන හොදට බීට් කර ගන්න. (ෂිෆ්ට් පීක්ස් - shift peaks එනකන් බීට් කරන්න ඕනේ. පල්ලෙහා පොටෝ ටික බලන්නකෝ.)
  • චොකලට් මිශ්‍රණය ශීතකරණයෙන් එළියට ගත්තට පස්සේ බීට් කර ගත්ත විපින් ක්‍රීම් මිශ්‍රණය එකතු කරන් හැන්දකින් පෙරලන ගමන් කලවම් කර ගන්න ඕනේ.
  • අන්තිමට කලින් බේක් කරලා නිවෙන්න තියපු පයි ක්‍රස්ට් එකට මිශ්‍රණය පුරවන් සෙට් වෙනකන් පැය 3 - 4ක් ශීතකරණයේ තියා ගෙන කැමති විදියකට සරසලා පිළිගන් වන්න. 

වැදගත්:
  • මිශ්‍රණය බීට් කරන කොට / කලවම් කරන කොට හැමවෙලේම එකම අතකට විතරක් බීට් / කලවම් කරන්න අමතක කරන්න එපා.
  • ඩබල් බොයිල් ක්‍රමය යනු කුඩා බදුනක් සහ එම කුඩා බදුන ගිල්විය හැකි ප්‍රමාණයේ විශාල බදුනක් ගෙන, විශාල බදුනට වතුර දමා ලිප තබා කුඩා බදුන එම විශාල බදුනේ ගිල්වා ගෙන කුඩා බදුනෙහි මොනවා හරි දියකර ගන්න එකට.
  • ෂිෆ්ට් පීක්ස් (Shift Peaks) එනකන් බීට් කර ගන්න කියන දේ තේරෙන්නේ නැත්තම් ඉවුම් පිහුම් ඇප් එකේ "අපි දැන ගත යුතු දේවල්" කොටසේ තියෙන, "ක්‍රීම් වර්ග, බිත්තර සුදුමද වගේ දේවල් නිවරැදිව බීට් කර ගමු." කියන ලිපිය පොඩ්ඩක් කියවලා බලන්නකෝ.

පොටෝ ටිකත් බලන්නකෝ.. 
මේ තියෙන්නේ ඔරියෝ බිස්කටුයි, විපින් ක්‍රීම්නුයි. මේව ඕනම සුපිරි වෙළද සැලක ගන්න තියෙනවා. බැරි වෙලාවත් ඔරියෝ බිස්කට් හොයා ගන්න අමාරු වුණොත් චොකලට් බිස්කට් අර ගන්න පුළුවන්.

මේ තියෙන්නෙ පයි ටින්. මේ වගේ දාර නැති ඒවත් තියෙනවා. පයි ටින් නැතිනම් ටිකක් හිතලා බලලා වැඩේට ගැලපෙන භාජනයක් ගන්න.

මේ ඔරියෝ බිස්කට් ටික ෆුඩ් ප්‍රොසෙසර් එකකින් කුඩු කර ගන්න ගමන්..

ඔන්න දැන් දිය කරපු බටර් ටිකත් දා ගෙන කලවම් කරන් පයි ටින් එකට දා ගෙන.

මේ තියෙන්නේ තුනී කර ගත්ත පයි ක්‍රස්ට් එක බේක් කරන්න කලිනුයි, බේක් කළාට පස්සෙ.

මේ ඩබල් බොයිල් ක්‍රමයට ජෙලටින් ටික නැවුම් කිරි වල හොදට දිය කර ගන්න ගමන්.

ජෙලටින් ටික සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ ඒකටම බිත්තර කහමදයි, සීනි කප් ¼ යි, චොකලට් ටිකයි දා ගෙන ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගෙන විනාඩි 2 - 3ක් නිවෙන්න තියන්න.

මේ විපින් ක්‍රීම් බීට් කරන්. ෂිෆ්ට් පීක්ස් එනකන් බීට් කර ගන්න.

ඔන්න ශීතකරණයේ තියා ගත්ත චොකලට් මිශ්‍රණයට ව්පින් ක්‍රීම් මිශ්‍රණය කලවම් කරන ගමන්..

අන්තිමට කලින් බේක් කරලා නිවෙන්න තියපු පයි ක්‍රස්ට් එකට මිශ්‍රණය පුරවන් සෙට් වෙනකන් පැය 3 - 4ක් ශීතකරණයේ තියා ගන්න ඕනෙ. ඔච්චරයි! වැඩේ ඉවරයි!
මේ තියෙන්නෙ ශීතකරණයෙන් එලියට ගත්ත චොකලට් පයි එක; චුට්ටක් සරසාගෙන; කෑලි වලට කපාගෙන. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ ඕන්...










ලිපිය ලියන්න කරුණු ලබාගත්තා atreatsaffair.com වෙබ් අඩවියෙන් හා crazyforcrust.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment