අපේ ඉවුම් පිහුම් ඇප් එකේ යාළුවන්ට නිතරම අලුතෙන් දේවල් කියලා දෙන අපේ සෙව්මි මිතුරිය, ඔන්න මේ පාර එයාලට එයාලගෙ ගෙදර වැටකොළු උයන්නෙ කොහොමද කියලයි කියලා දෙන්න යන්නෙ. ඉවුම් පිහුම් ඇප් එකේ පරණම යාලුවොන්ට නම් සෙව්මිව හොදටම මතක ඇති. වැටකොළු දැක්කහම අපේ පොඩ්ඩො එහෙම දුවනවනෙ. ඒ තරමට කැමතිම නෑනෙ වැටකොළු කන්න. පොඩ්ඩො විතරක් නෙමේ, ලොකු පොඩ්ඩොත් එහෙමයි. කට්ටිය නොකන හින්දා කඩෙන් වැටකොළු ගේන එක නවත්වලා නම් තියෙන්නෙ, ඔන්න වැරදිලා හරි වැටකොළු ගෙනාපු වෙලාවක මේ විදිහට හදලා බලන්නකෝ එහෙනම් කොහොමද රස කියලා..
අවශ්‍ය දේවල්:
- වැටකොළු 500g
- ලියා ගත් රතු ලූණු 7 - 8
- කපා ගත් අමු මිරිස් කරල් 3 - 4ක්
- කරපිංචා
- රම්පේ
- කහ කුඩු ස්වල්පයක්
- අමු තුනපහ කුඩු තේ හැදි ½ ක් පමණ
- මිරිස් කුඩු තේ හැදි ¼ - ½ ක් පමණ
- කබලේ බැද ගත් උළුහාල් ඇට ස්වල්පයක් (කැමති නම් පමණක්)
- ම්ටි කිරි අඬු කෝප්ප ½ ක් පමණ
- දිය කිරි අඬු කෝප්ප ¾ ක් පමණ
- ලුණු (රස අනුව)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම වැටකොළු ගෙඩි වල දාර ඇහැලා හොදට සෝදලා කෑලි වලට කපා ගෙන භාජනයකට දා ගන්න. (වැටකොළු වල ලෙල්ල සම්පූර්ණයෙන්ම අහින්නේ නැහැ.)
- පස්සේ ඒකටම කහ කුඩුයි, තුනපහ කුඩුයි, මිරිස් කුඩුයි දාලා හොඳින් අත ගා ගන්න.
- ඊට පස්සේ රතු ලූණුයි, අමු මිරිසුයි, රම්පෙයි, කරපිංචයි, උළුහාලුයි එක්ක දිය කිරියි, මිටි කිරියි දා ගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියා ගන්න.
- ඒ අතරේ රස අනුව ලුණුත් දාලා මිශ්‍ර කර ගන්න ඕනේ.
- දැන් වැටකොළු සාමාන්‍ය ගානකට ටිකක් තැම්බිලා හොද්ද නටනකන් සැරින් සැරේ හැදි ගාන ගමන් සාමාන්‍ය ගින්දරේ උයා ගෙන හොද්ද අවශ්‍ය ගානට හිඳෙනකන් බස්ස ගන්න. (වැටකොළු හැපෙන ගානට තැම්බුනහම ඇති, වැඩිය තම්බන්න යන්න එපා.)
වැදගත්:
- තම තමන්ගේ රස අනුව එකතු කරන කහ කුඩු, අමු තුනපහ කුඩු සහ මිරිස් කුඩු ප්‍රමාණය අඩු වැඩි කර ගන්න පුළුවන්, හැබැයි ගොඩාක් මිරිස් කුඩුයි අමු තුනපහ කුඩුයි නම් දාන්න එපා. (මිරිස් කුඩු නම් නැතුවම වුණත් හදා ගන්න පුළුවන්.)
- කැමති නම් උම්බලකඩ කෑලි ටිකකුත් එකතු කර ගන්න පුළුවන්.
මේ තියෙන්නේ අපි හැමෝම දන්න වැටකොළු.
වැටකොළු සුද්ද කරනකොට, මේ විදියට වැටකොළු වල යන්තමින් දාර විතරක් ඇහැලා සුද්දර කර ගත්තහම ඇති.
මෙන්න මේ වගේ තරමක කෑලි වලට වැටකොළු කපා ගන්න ඕනේ. ඊට පස්සෙ ඉතින් කලමනා ටික දාලා උයාගෙන, හොද්ද අවශ්‍ය ගානට හිඳෙනකන් බස්ස ගන්නයි තියෙන්නෙ.
ඔන්න වැඩේ ඉවරයි. මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් දාලා කරලා හදාගත්ත අපේ වැටකොළු ව්‍යාංජනය.
ලිපිය ලිව්වේ G.සෙව්මි උපේක්ෂා මිතුරිය. අපේ මිතුරියට බොහොම ස්තූතියි නේද ඇයගේ රස රහසුත් එක්කම මෙච්චර කල් කන්න එපා කරපු වැටකොළු, රසම රස ව්‍යාංජනයක් විදිහට හදාගන්න විදිහ කියලා දුන්නට?