ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලන අපේ සුපුරුදු මිතුරිය චම්පා දුලාංජනී, ඔන්න ඔයාලට ආයෙමත් රසම රස කෑමක් හදන විදිහ අරගෙන ඇවිල්ලා. මේකේ නම "කොෆි අයිස් කියුබ්" ලුනෙ. ඔන්න බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගෙ වචන වලින්ම මේ "කොෆි අයිස් කියුබ්" හදන්නේ කොහොමද කියලා...
අවශය දේවල්:
- උකු ටින් කිරි 390g
- නෙස්කැෆේ 20g
- උණු වතුර 300ml
- ජෙලටින් තේ හැදි 1ක්
- තව පැණි රස වැඩියෙන් ඕන අයට සීනි ටිකක් උනත් එකතු කරගන්න පුලුවන්. (මම නම් දැම්මෙ නෑ)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම උණු වතුර මේස හැදි 2 කට ජෙලටින් ටික දිය කරගන්න.
- ඊට පස්සෙ ඉතිරි උණු වතුර ටිකට නෙස්කැෆේ ටික දිය කරගෙන ඒකටම කලින් හදාගත්තු ජෙලටින් ටිකත් එකතු කරගන්න.
- ඊට පස්සෙ එම මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දාගෙන ඒකටම උකු ටින් කිරි ටිකත් එකතු කරගෙන ටිකක් බ්ලෙන්ඩ් කරගන්න.n(වැඩිය ඕන නෑ මේ ටික ටිකක් හොදට කවලම් වෙන්නයි ඕන)
- ඊට පස්සෙ මිශ්‍රණය ට්‍රේ එකකට දාගෙන පැය 2 ක්3 විතර ශීතකරණයට දාගන්න
- ඊට පස්සෙ ඉතින් එලියට අරගෙන කෑලි වලට කපාගෙන කන්න තමයි තියෙන්නෙ.
මේ තියෙන්නෙ ඔය විදිහට හදාගත්ත කොෆි අයිස් කියුබ්.
ලිපිය ලිව්වේ චම්පා දුලාංජනී මිතුරිය. ඇයට බොහොම ස්තූතියි නේද අපිට මේ විදිහට රසම රස කොෆි අයිස් කියුබ් හදන විදිහ කියලා දුන්නට? බොහොම ස්තූතියි චම්පා මිතුරියට!!