About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Masala Breadfruit Stir Fry - මසාලා දෙල් තෙම්පරාදුව

හදමුද රසම රස දෙල් තෙම්පරාදුවක්? ඔන්න බලන්නකෝ එහෙනම් මේ රසම රස මසාලා දෙල් තෙම්පරාදුව හදන්නේ කොහොමද ක…
Masala Breadfruit Stir Fry - මසාලා දෙල් තෙම්පරාදුව
හදමුද රසම රස දෙල් තෙම්පරාදුවක්? ඔන්න බලන්නකෝ එහෙනම් මේ රසම රස මසාලා දෙල් තෙම්පරාදුව හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • දෙල් ගෙඩි 1
  • සිහින්ව ලියා ගත් රට ලූණු කප් 1
  • ලුණු රස අනුව
  • තෙල් මේස හැදි 34ක්
  • වියළි මිරිස් කරල් 56ක් රස අනුව අඩු වැඩි කර ගන්න.
  • සියඹලා යුෂ රස අනුව
  • කහ කුඩු තේ හැදි 1
  • කබලේ බැද ගත් කොත්තමල්ලි ඇට තේ හැදි 1 1/2 2ක් පමණ
  • කබලේ බැද ගත් උළුහාල් ඇට ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම දෙල් ගෙඩි සුද්ද කරන් හොදට හෝද ගෙන පොඩි කෑලි වලට චොප් කර ගන්න ඕනේ.
  • පස්සේ පොඩි තාච්චියක් ලිපේ තියලා තෙල් තේ හැදි 12ක් විතර දා ගෙන වියළි මිරිස් කරල් ටිකක් බැද ගන්න.
  • ඊට පස්සේ බැදපු වියළි මිරිස් කරලුයි, උළුහාල් ඇටයි, කොත්තමල්ලි ඇටයි එක්ක සියඹලා යුෂ බ්ලෙන්ඩර් එකට දාලා ක්‍රීම් පේස්ට් එකක් ලැබෙනකන් බ්ලෙන්ඩර් කර ගන්න. ඕන වුණොත් විතරක් වතුර පොඩ්ඩක් එකතු කරන්න.
  • දැන් ඇතිලියක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තේල් මේස හැදි 2 3ක් දා ගෙන රත් වෙන්න තියන්න.
  • තෙල් රත් වුණාට පස්සේ රට ලූණු ටික එකතු කරන් මෘදු විනිවිද පේන ගානට තෙම්පරාදු කර ගන්න.
  • ඊළඟට ඒකටම බ්ලෙන්ඩර් කර ගත්ත මිශ්‍රණය එකතු කරන් හොදට කලවම් කර ගන්න.
  • ඊට පස්සේ ගින්දර අඩු කරලා කලින් කපා ගත්ත දෙල් ටික එකතු කර ගන්න.
  • පස්සේ ඒකටම තැම්බෙන්න ඕන කරන ගානට වතුර ටිකකුයි රස අනුව ලුණුයි එකතු කරන්න.
  • අන්තිමට පියනකින් වහ ගෙන සැරින් සැරේ හැදි ගාන ගමන් දෙල් ටික තැම්බෙනකන් උයා ගන්න.

වැදගත්:
  • කැමති නම් රම්පේ, කරපිංචා, අමු මිරිස් එහෙමත් එකතු කර ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ දෙල් ගෙඩියක්. දෙල් කියන්නෙ මොනවද කියලා නම් අපි හැමෝම දන්නවනේ..

මේ දෙල් තෙම්පරාදුව හදන්න ගත්ත දේවල් වලින් ටිකක්.

මේ ලූණු ටික තෙම්පරාදු කරන ගමන්..

මේ බ්ලෙන්ඩර් කර ගත්තු මසාලා මිශ්‍රණය දා ගෙන තියෙන්නේ ලූණු ටික තෙම්පරාදු කරගත්තු එකටම.

ඔන්න දෙල් ටිකත් එකතු කළා එහෙනම්.

මේ තියෙන්නේ අන්තිමට අපි හදා ගත්ත මසාලා දෙල් තෙම්පරාදුව. දෙල් ටික තැම්බෙනකන් උයා ගත්තනේ. දැන් හරි.

දැන් ඉතින් කෑම මේසයට යවන්න තමයි තියෙන්නෙ.









මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ cuisineindia.wordpress.com බ්ලොග් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment